ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර තිබේ. ඒ අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ ඉරානයේ හිතවතුන් වන රුසියාව සහ චීනයයි. 21 May 2024
ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන යූනියන් ටෙරටරි ප්‍රාන්ත දෙකක මැතිවරණ පැවැත්වෙයි. ඒ, ලොක් සභාවේ ආසන 49 ක් වෙනුවෙනි. 20 May 2024
ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 20 May 2024
සුන්බුන් හමුවෙයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ඉරාන රතු අඩකව සංවිධානය පවසයි. 20 May 2024
ඇමෙරිකාව නිහඩයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි. 20 May 2024
ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී. 20 May 2024
කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ? අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 20 May 2024
ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හදිසියේ ගොඩබෑමට නියමුවන් උත්සමාහ කළ අවස්ථාවේදී එය අනතුරට පත් වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. යානය කඩා වැටෙන්න ඇතැයි සැක කෙරේ. 19 May 2024
සෞදි රජුට හොඳට උණ සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්ර වේදනා සෙසු රෝග ලක්ෂණ බවත්ය. 19 May 2024
ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ බෙදීමක් ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ මෙම කැබිනට්ටුවය. 19 May 2024
වියට්නාම් මහජන ආරක්ෂක ඇමැති ජනපති වෙයි වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. 19 May 2024
රුසියාවත් ඉන්දියාවත් අතරේ වීසා ඕනෑ නැහැ ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරගෙන තිබේ. 19 May 2024
බාමියන් නගරයේ වෙඩි තැබීමක් ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ බාමියන් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් විදේශිකයන් තිදෙනකු සහ ඇෆ්ගන් ජාතිකයකු මියගිය බව පැවැසෙයි. 19 May 2024
රෆා නගරයේ ලක්ෂ 8 ක් අවතැන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ද විරෝධය නොතකා ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන්, මේ වනවිට රෆා නගරයේ ලක්ෂ 8 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇතැයි පැවැසෙයි. 19 May 2024
යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල සංචාරයක යෙදෙන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කරමිණි. 17 May 2024
කිම් ජොන් උන් නැගණිය චෝදනා ප්‍රතික්ෂේප කරයි උතුරු කොරියාව, රුසියා සමඟ අවි ගනුදෙනු සිදු කරනවා යැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එල්ල කරන චෝදනා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොන්ග් ප්‍රතික්ෂේප කර තිබේ. 17 May 2024
ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය. 17 May 2024
‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී නැතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කරයි. 16 May 2024
පලාගිය අපරාධකරු සොයා මෙහෙයුම් අරඹයි පොලිස් භාරයේ සිටියදී පලා ගිය ප්‍රංශ අපරාධකරු මොහොමඩ් අමීර් හෙවත් ‘ෆලයි’ නමැති මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි නායකයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. 16 May 2024
පුටින් චීනයේ චීනය සමඟ ඇති මිතුදම් තව තවත් ශක්තිමත් කර ගනිමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය. 16 May 2024
බයිඩන් චීනයට තවත් තීරු බදු පනවයි චීනය සමඟ පවතින ඇයිහොඳයිකම් අර්බුදයකට ලක් කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් චීනයට තීරු බදු රැසක් පැනැවීය. ඒ, චීනයේ විදුලි මෝටර් රථ, අර්ධ සන්නායක, බැටරි, වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහාය. 16 May 2024
කොරෝනා ලොවට හෙළි කළ මාධ්‍යවේදිනිය නිදහස් ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූ අවස්ථාවේදී, ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සිවු වසරක සිරදඬුවමක් ලබමින් සිටි මාධ්‍යවේදිනී ෂං ෂාන් ට නිදහස හිමිවිය. 16 May 2024
මෝදිට එරෙහි පෙත්සම ඉවතට ඉන්දීය අග්‍රාමාත්‍ය නෙරේන්ද්‍ර මෝදිට වසර හයක මැතිවරණ තහනමක් පනවන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප විය. 16 May 2024
ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය. 14 May 2024
දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය. 14 May 2024
මෝදි නාම යෝජනා භාර දෙයි ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි. 14 May 2024
උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනම් තම රට වැසියන්ට අමුතු අසාමා්‍ය විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් කිරීම ද නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත. 13 May 2024
ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව අධිකරණය හමුවට ගාසා තීරයට පහර දෙමින් යුද අපරාධ සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර ඇති අතර, ඊශ්‍රායලයේ හිතවතකු වන ඊජිප්තුව ප්‍රකාශ කළේ තමන් ද ඊශ්‍රායලයට එරෙහිව, දකුණු අප්‍රිකාවට සහාය පළ කරමින් අපරාධ අධිකණයට පැමිණිලි කිරීමට සූදානම් බවය. 13 May 2024
අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට පාකිස්තානයේ ප්රජානත්ත්රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යොදන්නැයි පාකිස්තාන ෆෙඩරල් රජයට බල කරමින්, පාකිස්තාන ජනතා පක්ෂය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. 13 May 2024
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026