ට්‍රම්ප්ට වෙඩි තියලා පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 14 July 2024
නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටේ නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී අනතුරක් සිදුවිය. එයින් දරුවන් විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 130 කට වැඩිය. 13 July 2024
ටෙනිස් තරඟය නරඹන්න කේට් එනවා විම්බල්ඩන් ටෙනිස් අවසන් තරඟය ලන්ඩන් නුවරදි පැවැත්වෙන අතර, එය නැරැඹීමට වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් කුමරිය පැමිණෙනු ඇති බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබේ. 13 July 2024
චාල්ස් රජු ඇමෙරිකාවෙන් නිවසක් අරන් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ඇමෙරිකාවේ මැන්හැටන් ප්‍රදේශයෙන් සුඛෝපබෝගී නිවසක් මිලදී ගෙන ඇති බව පැවැසෙයි. මෙම නිවස චාල්ස් රජු මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 6.63 කටය. 13 July 2024
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 13 July 2024
නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි නේපාලයේ මගී බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරැළී සිදුවුණු අනතුරකින් ඒවායේ සිටි මගීන් 65 ක් ජිවිතක්ෂයට පත්වූහ. මියගිය මගීන් අතර ඉන්දියානුවන් කීප දෙනකු ද සිටින බව පැවැසෙයි. 12 July 2024
බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් කියා ඇමතීම පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු වූවේය. 12 July 2024
ඇමෙරිකන් දිගු දුර මිසයිල ජර්මනියට ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වුණු ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 75 වැනි සමුළුවේදී, දිගු දුර මිසයිල ජර්මනියට ලබා දීමට ඇමෙරිකාව ගත් තීරණයට රුසියාවේ දැඩි විරෝධය එල්ල වී ඇත. 12 July 2024
සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා ‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. 12 July 2024
බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මෛත්‍රීයයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව, ඔස්ටි්රයාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර, එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කළේය. 11 July 2024
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් මරුට උතුරු ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 18 දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි. 10 July 2024
බංග්ලාදේශ අගමැතිනිය චීන ජනාධිපති හමුවෙයි බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සිවු දින සංචාරයක් ආරම්භ කරමින් චීනයට පැමිණ සිටී. අග්‍රාමාත්‍යවරිය සහ චීන ජනාධිපති අතරේ හමුවක් අද (10) පැවැත්වීමට නියමිතය. ඒ, ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව යැයි පැවැසෙයි. 10 July 2024
යුද්ධය නවත්වන්න මෝදිට පුළුවන් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට බලය ඇතැයි ධවල මන්දිර ප්‍රකාශක කැරීන් ජෝන් පියේ මාධ්‍ය හමුවේ පවසා ඇත. 10 July 2024
75 වැනි නේටෝ සමුළුව ඇමෙරිකාවේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සමුළුවේ 75 වැනි රාජ්‍ය නායක සැසිය ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී ආරම්භ වූ අතර, යුක්රේනය වෙනුවෙන් විශේෂ නියෝජිතයකු පත් කිරීමට ‘නේටෝ’ සංවිධානය තීරණය කළේය. 10 July 2024
අගමැති මෝදි වියානා නුවර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රියාවේ වියානා නුවරට පැමිණියේය. 10 July 2024
ඉන්දීය හමුදාවට ප්‍රහාරයක් කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයන් 5 දෙනකු මියගිය බව පැවැසෙයි. හිමාල කඳුකරයේදී හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වූ බව ඉන්දීය විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 09 July 2024
හංගේරියා අගමැති චීනයේ සංචාරයක රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටෝර් ඔර්බෝන්, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය. 09 July 2024
රුසියන් යුක්රේන යුද්ධයට යුද පිටියේ විසඳුම් නැහැ දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. 09 July 2024
ඉන්දුනීසියාවේ නායයෑමක් 11 ක් මරුට ඉන්දුනීසියාවට අයත් සුලවේසී දූපතේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රන් ආකරයක් නායයෑමට හසුවිය. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ රන් ආකරයේ සේවකයන් පණ පිටින් වැළැලී ගිය බවය. 09 July 2024
රුසියාවට ගිය මෝදිට මහ ඉහළ පිළිගැනීමක් දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. 09 July 2024
යුක්රේනයේ ළමා රෝහලට රුසියාව පහර දෙයි යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වේ. රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි. 09 July 2024
අම්බානී මංගල උත්සවයට ජස්ටින් බීබර් ඇවිල්ලා ආසියාවේ අංක එකේ ධනවතා වන මුකේෂ් අම්බානීගේ පුතු අනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට්ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි නුවර පැවැත් වෙයි. ඒ, බොලිවුඞ් නළු නිළියන් සහ ජාත්‍යන්තර සුපිරි තරු පිරිවරාගනිමිනි. 08 July 2024
පුටින්ගේ භෝජන සංග්‍රහය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවරට ගිය අවස්ථාව්දීය. 08 July 2024
නව විදෙස් ඇමැති යුක්රේනයේ බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම් (විදේශ අමාත්‍ය) යුක්රේනයේ ඔඩේෂා නුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී හමුවිය. බ්‍රිතාන්‍යයේ නව රජය ද, පෙර පැවැති රජය සේම, යුක්රේනයට අවශ්‍ය සෑම විටම ආධාර ලබා දෙන බවට නව විදේශ ලේකම් ජෝන් හේලි අවධාරණය කළේය. 08 July 2024
ප්‍රංශ අගමැති අතාල් ධුරයෙන් ඉවත් වෙයි ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය. 08 July 2024
ඩිමොක්රටික් පක්ෂයේ බෙදීමක් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සම්බන්ධයෙන්, එරට පාලක ඩිමොක්රටික් පක්ෂයේ බෙදීමක් හටගෙන ඇත. 08 July 2024
ලැරීට ප්‍රතිවාදියෙක් ! මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත්, ඩවුනිං වීදියේ අගමැති නිවසේ හිමිකරුවෙක් සිටී. ඒ, ලැරී නමැති බළල් සුරතලාය. 06 July 2024
ඉරානයේ නව ජනපති මසූද් පෙසෙෂ්කියන් ඉරාන ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටය ජයගත්, හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේය. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් මසූද් පෙසෙෂ්කියන් සහ සයීඩ් ජලිලි අතරේය. 06 July 2024
මෝදි වෙනුවෙන් භෝජන සංග්‍රහයක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සැලැසුම් කර ඇත. ඒ, අනිද්දා (8) දිනයේය. 06 July 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026