
සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන් හාමා නගරය අත්පත් කරගෙන ඇතැයි පැවැසෙයි. මේ වනවිට සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන ඇලෙප්පෝ නගරයේ ද පළාත් කීපයක් ඇත්තේ මෙම කැරැලිකරුවන්ගේ ග්‍රහණයේය.
හාමා නගරය කැරැලිකරුවන් විසින් අත්පත් කර ගනු ලැබීම සිරියානු ජනාධිපති අසාද් ප්‍රමුඛ රජය ලැබූ විශාල පරාජයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කැරැලිකරුවන් නගරය අත්පත් කර ගත්තේ දින අටක් තිස්සේ සිරියානු රජයේ හමුදා සමඟ ගැටීමෙන් පසුවය.
කැරැලිකුවන් නගරයට ඇතුළු වෙද්දී, ඔවුන් සමඟ සටන් වදිමින්, නගරය ආරක්ෂා කරගත් සිරියානු රජයේ හමුදා පසුබැස ගිය බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැරලිකරුවන් ඇතුලු බටහිරට ජය.
ඒකාධිපතිත්වය ලොවෙන් ඉවත්ව යාම...යහපත්ය
අපි බැලින්නං වාසනාවන්තයි සිරියාවේ මිනිස්සුන්ට වඩා. මානව ශිෂ්ටාචාරය ආරම්භය වූ මැදපෙරදිග අද තනිකරම ලේ විලක්, අමු සොහොනක්.