
සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා, විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දක්වන සුන්නි මුස්ලිම් කැරැලිකරුවන් එරට තවත් නගරයක් වන ඩාරා අත්පත් කරගෙන ඇතැයි පැවැසෙයි.
මේ වනවිට සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන ඇලේප්පෝ නගරයෙන් කොටසක් සහ හාමා නගරය ද ඇත්තේ මෙම කැරැලිකරුවන් සතුවය.
කැරැලිකරුවන්ගේ බලකොටුව ලෙස සැලකෙන්නේ ඉබ්ලිබ් පළාතය. සිරියානු රජයට සහාය දක්වන රුසියන් හමුදා මේ වනවිට ඉඩ්ලිබ් පළාතේ කැරැලිකරුවන්ගේ ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. එම ප්‍රහාරවලින් කැරැලිකරුවෝ 200 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd