
ඇමෙරිකානු ‘ටයිම්’ සගරාව, වසරේ පුද්ගලයා ලෙස, ඇමෙරිකන් ජනාධිපති ධුරයට දෙවැනි වරට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර තිබේ. ඒ අනුව, නවතම ‘ටයිම්’ සඟරාවේ කවරය සහ ඇතුළු පිටු ට්‍රම්ප්ගේ ඡායාරූපවලින් සහ ලිපිවලින් පමණක් නොව, ට්‍රම්ප් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකින් ද හැඩ ගැනුවෙනු ඇත.
‘ටයිම්’ සඟරාව ලොව ප්‍රසිද්ධතම සඟරාවලින් එකකි. සෑම වසරකම ලොව කැපී පෙනෙන චරිතයක්, වසරේ පුද්ගලයා ලෙස නම් කිරීමට ‘ටයිම්’ සඟරාව කටයුතු කරයි. ‘ටයිම්’ සඟරාව විසින්, ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ පුද්ගලයා ලෙස නම් කළ දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි.
පළමු වරට ‘ටයිම්’ සඟරාව, ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ පුද්ගලයා ලෙස නම් කළේ 2016 වසරේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ඔහු ජය ගත් අවස්ථාවේදීය.
‘ඇමෙරිකන් දේශපාලනයේ පෙරැළි කරමින්, ඇමෙරිකන් දේශපාලනය නව මඟකට යොමු කරන අයකු ලෙස ට්‍රම්ප් සැලකිය හැකි යැයි ‘ටයිම්’ සඟරාවේ, කර්තෘ සෑම් ජේකොබ්ස් පෙන්වා දී ඇත.
ට්‍රම්ප් සම්බන්ධ කර ගනිමින් පැවැත්යූ සම්මුඛ සාකච්ඡාවේදී, නව ධුර කාලයේදී ඉරානය සමඟ යුද්ධ කරනවාදැයි ‘ටයිම්’ සඟරාව ට්‍රම්ප්ගෙන් විමසයි. ‘ඒක කියන්න බැහැ. ඕනෑම වෙලාවක ඉරානය සමඟ යුද්ධයකට යන්න පුළුවන්’ යැයි ට්‍රම්ප් පිළිතුරු දී ඇත.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වසරේ පුද්ගලයා ට්‍රම්ප් ‘ටයිම්’ සගරාව කියයි