IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චීනයෙන් හමුවූ අද්භූත මානවයා

වසර ලක්ෂ ගණනකට පෙර, අග්නිදිග ආසියාවේ ජීවත් වූ නව මානවයකු සොයා ගැනීමට, විද්‍යාඳායෝ සමත් වී සිටිති. සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට මෙම නව මානවයා සමත් වී ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘හෝමෝ ජුලියෙන්සිස්’ නමැති මෙම මානවයාගේ පොසිල අස්ථි සහ හිස්කබල කොටස් හමුවී ඇත්තේ, චීනයේ ‘සුජිආයෝ’ නමැති කැණීම් භූමියෙනි. පොසිල විද්‍යාඥයන්ට මෙම නව මානවයන් 16 දෙනකුගේ පොසිල කොටස් හමුවුණු බව ද පැවැසෙයි.

‘හෝමෝ ජුලියෙන්සිස්’ යන්නෙහි අර්ථය ‘ලොකු මොළයක් ඇත්තා’ යන අරුථය. නූතන මානවයා පරිණාමය වී ඇත්තේ හෝමෝ සේපියන්ගෙනි. පොසිල විද්‍යාඥයන් සොයාගෙන ඇති ආකාරයට, හෝමෝ සේපියන් මානවයාගේ හිස් කබල ඝන අගල් 82 කි. නියැන්ඩර්තාල් මානවයන්ගේ හිස් කබල ඝන අගල් 88 කි. මෙම නව මානවයා, හෝමෝ ජුලියෙන්සිස්ගේ හිස් කබල ඝන අගල් 103 ක් 109 ක් වෙයි.

හිස් කබල ප්‍රමාණයෙන් විශාල වීම යනු මෙම නව මානවයාට හෝමෝ සේපියන් මානවයාට ප්‍රමාණයෙන් විශාල මොළයක් තිබුණු බව පැහැදිලි වී ඇත. හෝමෝ ජුලියෙන්සිස් මානවයාගේ මොළයේ ප්‍රමාණය, හෝමෝ සේපියන් මානවයාගේ මොළයේ ප්‍රමාණයට වඩා සියයට 30 කින් වැඩි බව ද පැවැසෙයි. හෝමෝ ජුලියෙන්සිස් මානවයාගේ දත් ද අනෙක් මානවයන්ට වඩා ශක්තිමත් වූ බව හමුවුණු ශේෂ කොටස්වලින් පැහැදිලිය.

හෝමෝ ජුලියෙන්සිස් මානවයා ජීවත් වූයේ ලක්ෂ තුනකට පෙර, නැගෙනහිර ආසියාවේ, අද චීනයට අයත් ප්‍රදේශවලය. මෙම මානවයන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවට සාක්ෂි හෙළි වී ඇත. මොවුන් කුඩා අශ්වයන් දඩයම් කළ බව ද පැවැසෙයි. 

“අවුරුදු 300,000 ත් 50,000 ත් අතර කාලයේ විවිධ මානව විශේෂ එකට ජීවත් වුණා. ඒත් හිස ලොකු මානව විශේෂයක් අපට හමුවුණු පළමු අවස්ථාව මෙයයි” යැයි චීන විද්‍යා ඇකඩමියේ පොසිල විද්‍යාඥ සියුජී වූ පැහැදිලි කර ඇත.

‘හෝමෝ ජුලියෙන්සිස්’ විද්‍යාඥයන්ට අභිරහසකි. එම අභිරහස නම්, මෙම මානවයා හිටිහැටියේ අතුරුදන්වීමය. හෝමෝ ජුලියෙන්සිස් අතුරුදන් වී, සෙසු මානවයන් ඉතිරි වූයේ කෙසේදැයි තහවුරු කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත.

එන්.ඩී.ටීවී ඇසුරිනි



අදහස් (4)

චීනයෙන් හමුවූ අද්භූත මානවයා

බකල ජයා Friday, 06 December 2024 11:25 AM

මේ ජූලියන් අයියා මගුල් ගෙදරක ගිහිං වෙන්න ඕන අතුරුදහන් වුණේ. චීනෙටත් ටිකක් ලඟ රටක තමයි උත්සවේ තිබුණා කියන්නේ.

:       7       23

ChandaniFriday, 06 December 2024 05:20 PM

මගුල් ගෙදර ගිහින් තියෙන්නේ අමු නිර්වස්තරයෙන්ද? සමහරවිට මිනිහා ඔය යන්නේ මධුසමයට වෙන්න ඇති...

:       3       6

බකල ජයාFriday, 06 December 2024 08:09 PM

ඔය පඩි දවසක හැන්දැවේ ගෙදර යන ගමන් ගත්ත එකක්. වෙන වෙලාවට ඔයිට වඩා ටිකක් වැදගත් විදියට ඉන්නවා.

:       0       0

රුවන් Friday, 06 December 2024 09:02 PM

පරිණාමයේ හැලුණු පුරුක හෝමෝ ඉරෙක්ටස් ප්‍රේමදාස නොහොත් සජිත් ප්‍රේමදාසගේ මුත්තන් සොයාගෙන නැත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site