
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එරට අග්‍රාමාත්‍ය ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ නම් කර ඇත. 73 හැවිරිදි ෆ්‍රන්සුවා බවුරෝ කෘතහස්ථ දේශපාලනඥයෙකි.
ප්‍රංශයේ මහ මැතිවරණය පැවැත්වූයේ මීට මාස 6 කට පෙරය. එයින් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්ය.
මැක්රොන් විසින් මීට පෙර අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබූ මයිකල් බානියේ පසුගිය දා විශ්වාසභංගයකින් ඉවත් කෙරුණි. මෑත ඉතිහාසයේ අඩුම කාලයක් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයේ දැරූ පුද්ගලයා වන්නේ, මයිකල් බානියේය.
බානියේට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒම සිදුවූයේ ඔහු අයවැය පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව සිදු කළ කප්පාදු ජනතා අප්‍රසාදයට හේතුවක් වීම නිසාය. මැක්රොන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆ්‍රන්සුවා බවුරෝ නම් කළේ ඉන් අනතුරුවය.
මැක්රොන්ට ද ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් බලපෑම් කරයි. කෙසේ නමුත්, පස් අවුරුදු ජනාධිපති ධුර කාලය අවසන් වෙන තුරු තමන් ජනාධිපති ධුරයේ රැඳී සිටින බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අවධාරණය කර ඇත. මැක්රොන්ගේ ජනාධිපති ධුරය අවසන් වෙන්නේ 2027 දීය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රංශ අගමැති ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ