
සිරියාවේ පාලනය අල්ලා ගත් විපක්ෂ ක්‍රියාකාරීන් සහ කැරැලිකරුවන්ගේ ක්‍රියාකලාපය අනුව, ඔවුන් සමඟ සබඳතා ඇති කරගන්නා බව, රටින් පලා ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ මිතුරා වන ඉරානය පවසයි.
“ඉරානය සිරියානු ජනාධිපති අසාද්ට සහාය දැක්වූයේ සිරියාවේ ෂියා මුස්ලිම්වරුන් වෙනුවෙන්. බලය අල්ලා ගත් විපක්ෂය සහ සන්නද්ධ කැරැලිකරුවන් සිරියානු ෂියා වැසියන්ට සලකන ආකාරය අනුව ඔවුන් සමඟ හිතවත්කම් පවත්වනවාද නැද්ද යන්න අප තීරණය කරනවා. ඒ වගේම විදෙස් බාහිර බලපෑමක් නොමැතිව, සිරියානු ජනතාවට ඔවුන්ගේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීමට ඉඩ දිය යුතුයි” යැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ඩමැස්කස් අගනුවර අල්ලා ගත් කැරැලිකරුවන්, ඉරාන තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී ඊට හානි කළ බව ද වාර්තා වේ. ඊට අමතරව සිරියානු ජනාධිපති අසාද්ගේ ජනාධිපති මන්දිරයට ද සටන්කාමීන් පහර දී ඇත.
සිරියාවේ බහුතරය සුන්නි මුස්ලිම්ය. සිරියානු ජනාධිපතිවරයාත්, ඔහුගේ රජයත් ෂියා මුස්ලිම්ය. අසාද්ගේ ෂියා මුස්ලිම් රජය වසර ගණනක් තිස්සේ, සුන්නි මුස්ලිම්වරුන් පාලනය කරගෙන සිටියේය. ඉරානය ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. ඉරානයේ පමණක් නොව, ඉරානයේ සහාය ලබන ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ ද සහාය හිමිවූයේ අසාද්ගේ ෂියා මුස්ලිම් රජයටය. මේවනවිට සිරියාවේ බලය අල්ලාගෙන සිටින විපක්ෂයත්, කැරැලිකරුවනුත් සුන්නි මුස්ලිම්ය.
සිරියානු විපක්ෂයට සහාය දක්වන සුන්නි මුස්ලිම් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ කැරැලිකරුවන්, අසාද් පාලනය පෙරළා රටේ බලය විපක්ෂ ක්‍රියාකාරීන්ට ලබා දෙද්දී, ඉරානයෙන්, රුසියාවෙන් පමණක් නොව, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් ද ප්‍රමාණවත් සහායක් අසාද් රජයේ හමුදාවට හිමි නොවිණි.
ඊට හේතුව, ඉරානයත්, හිස්බුල්ලා සංවිධානයත්, ඊශ්‍රායලය සමඟ ගැටෙන බැවිනි. යුක්රේනය සමඟ යුද්ධයක පැටලී සිටින බැවින්, රුසියාවට ද සිරියාවට පූර්ණ වශයෙන් හමුදා සහාය ලබා දීමට නොහැකි විය. රුසියන්, ඉරාන හමුදා සාමාජිකයන් සහ හිස්බුල්ලා සටන්කාමීන් සිරියාවේ සිටි නමුත්, ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ප්‍රහාර හමුවේ ඔවුහු අඩපණ වූහ. ඩමැස්කස් අගනුවර කැරැලිකරුවන් අතට පත් වෙද්දී ඔවුහු ද පලා ගියහ.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියානු විපක්ෂයේ හැසිරීම අනුව හිතවත්කම් පවත්වනවා