IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


රහ්මාන් යුග දිවියට සමුදෙයි

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය.

ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ බිරිඳ සයිරා බානුගේ නීතීඥවරයා යුවලගේ දිස්කසාදයට අදාල නිල ලියකියවිලි මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟය.

යුවළ දික්කසාද වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත්, නිල ලියවිලි ලැබෙනතුරු එ් බව ප්‍රසිද්ධියට පත් නොකළ බවත් පැවැසෙයි.

ඒ.ආර්. රහ්මාන් සහ බිරිඳ සයිරා බානු විවාහ වූයේ 1995 වසරේදීය. යුවලට කතිජා, රහීමා සහ අමීන් යනුවෙන් දරුවෝ තිදෙනෙකි.

වසර 29 ක විවාහ දිවිය අවසන් කිරීමට යුවල තීරණය කළ බව නීතීඥ වන්දනා ෂා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. එම විවාහය ඒ.ආර්. රහ්මාන්ගේ මවගේ කැමැත්ත මත ඇය විසින් තීන්දු කරන ලද්දක් බව ද පැවැසෙයි.

ඉන්දියාවෙන් බිහිවුණු විශිෂ්ටතම සංගීතඥයකු ලෙස රහ්මාන් සැලකෙයි. සංගීතඥයකු පමණක් නොව, රහ්මාන් ගායකයකු, ගීත රචකයකු, ගී තැටි නිෂ්පාදකයකු ද වෙයි. සමාජ සේවාවල නියැලෙන රහ්මාන් ධානපතියකු ලෙස ද ප්‍රකටය.

1967 වසරේ ජනවාරි 6 වැනිදා රහ්මාන් උපන්නේ දිලීප් කුමාර් යන නමිනි. පසුව ඒ.ආර්. රහ්මාන් හෙවත් අල්ලාහ් රක්ඛා රහ්මාන් ලෙස නම වෙනස් කර ගැනුණි.

ඉන්දීය සිනමාවේ, විශේෂයෙන් දෙමළ සහ හින්දි සිනමාවේ රහ්මාන්ගේ සංගීතයෙන් හැඩවුණු සිනමා නිර්මාණ දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී ඇත.

රහ්මාන් ද දෙස් විදෙස් සිනමා උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වූ අයෙකි. ඉන්දියානු සිවිල් වැසියකුට හිමිවන ඉහළම සම්මාන ලෙස පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ සම්මානවලින් ද රහ්මාන් පිදුම් ලබා ඇත.



අදහස් (0)

රහ්මාන් යුග දිවියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 522 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17217 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 694 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site