
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කරයි. චීන ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ යුද ගැටුම් නොව, ලෝකයට අවශ්‍ය වන්නේ සාමය යැයි පැමැදිලි කරමිණි.
චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ ලෝක සාමය ගැන හඬ නැගුවේ, බ්‍රසීලයේ, බ්‍රසීලියා අගනුවරදීය. මෙවර ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව පසුගිය 18 සහ 19 වැනිදා, බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී පැවැත්විණි.
එම ‘ජී20’ රටවල රාජ්‍ය නායකයෝ සියලු දෙනා ඊට සහභාගී වූහ. සමුළුවේ සත්කාරකරු වූයේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාය. ‘ජී20’ රාජය නායක සමුළුවෙන් පසු , චීන ජනාධිපති ජින්පින්, බ්‍රසීලියා අගනුවරට ගොස් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවී ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගත්තේය.
එහිදී රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.
පටු දේශපාලන අරමුණු පසෙකලා, එකමුතු වී ලෝකයට සාමය උදා කිරීමට සෑම රටක්ම පියවර ගත යුතු යැයි චීන ජනාධිපතිවරයාත්, බ්‍රසීල ජනාධිපතිවරයාත් එකඟත්වය පළ කළහ. චීනයත්, බ්‍රසීලයත් ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටින බව ද රාජ්‍ය නායකයෝ දෙදෙනා මාධ්‍ය හමුවේ අවධාරණය කළහ.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය