
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම් වෙයි. බයිඩන් පරිපාලනය මෙම ඩොලර් බිලියන 4.7 ක ණය මුදල යුක්රේනයට ලබා දී ඇත්තේ පසුගිය මාස කීපයේ අදියර කීපයකිනි.
පසුගිය නොවැම්බර් 5 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීමත් සමඟ වත්මන් ජෝ බයිඩන්, ජනාධිපති ධුරයට සමුදෙයි. ට්‍රම්ප් මෙන් නොව, බයිඩන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේත්, යුක්රේනයේත් මිතුරෙකි.
තමන් ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට පෙර, යුක්රේනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කිරීමට බයිඩන් ප්‍රතිඥා දී ඇත. ණය ආපසු ලබා නොගැනීමට ද බයිඩන් තීරණය කළේ මේ නිසාය.
කෙසේ නමුත් ඇමෙරිකන් කොංග්‍රසයේ අනුමැතිය යටතේ බයිඩන් පරිපාලනය ලබා දුන් එම ණය මුදල, ආපසු ලබා නොගැනීමට ද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුය. කෙසේ නමුත් මේ වනවිට කොංග්‍රස් මණ්ඩලයේ බහුතරය ඇත්තේ, රිපබ්ලිකන්වරුන් සතුව බැවින් බයිඩන්ට ණය අවලංගු කිරීම කළ හැකිවේවි ද නැද්ද යන්න සැක සහිතය.
මේ අතර, ඇමෙරිකාව යුක්රේනයට ලබා දී ඇති දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවේ අභ්‍යන්තර ඉලක්ක වෙත පහර දීමටත්, යුක්රේනයට බිම් බෝම්බ ලබා දීමටත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුක්රේනයට දුන් ණය එපා කියන්න බයිඩන් සූදානම්