
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම් වෙයි. බයිඩන් පරිපාලනය මෙම ඩොලර් බිලියන 4.7 ක ණය මුදල යුක්රේනයට ලබා දී ඇත්තේ පසුගිය මාස කීපයේ අදියර කීපයකිනි.
පසුගිය නොවැම්බර් 5 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීමත් සමඟ වත්මන් ජෝ බයිඩන්, ජනාධිපති ධුරයට සමුදෙයි. ට්‍රම්ප් මෙන් නොව, බයිඩන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේත්, යුක්රේනයේත් මිතුරෙකි.
තමන් ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට පෙර, යුක්රේනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කිරීමට බයිඩන් ප්‍රතිඥා දී ඇත. ණය ආපසු ලබා නොගැනීමට ද බයිඩන් තීරණය කළේ මේ නිසාය.
කෙසේ නමුත් ඇමෙරිකන් කොංග්‍රසයේ අනුමැතිය යටතේ බයිඩන් පරිපාලනය ලබා දුන් එම ණය මුදල, ආපසු ලබා නොගැනීමට ද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුය. කෙසේ නමුත් මේ වනවිට කොංග්‍රස් මණ්ඩලයේ බහුතරය ඇත්තේ, රිපබ්ලිකන්වරුන් සතුව බැවින් බයිඩන්ට ණය අවලංගු කිරීම කළ හැකිවේවි ද නැද්ද යන්න සැක සහිතය.
මේ අතර, ඇමෙරිකාව යුක්රේනයට ලබා දී ඇති දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවේ අභ්‍යන්තර ඉලක්ක වෙත පහර දීමටත්, යුක්රේනයට බිම් බෝම්බ ලබා දීමටත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd