IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දිය යුතු යැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී පවසයි.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිවත්, ලෙබනනයේ ලෙබනන් වැසියන්ට එරෙහිවත් ජන සංහාර සිදු කරන බවට චෝදනා එල්ල වී ඇති ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වහා අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අතර, ඉරාන උත්තරීතර නායකයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මරණ දඬුවම ඉල්ලා සිටියේ ඒ අනුවය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දිය යුතු යැයි ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කරයි. ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔහුට මරණ දඬුවම නියම කළ යුතුයි.’ ඉරාන උත්තරීතර නායකයා මෙසේ පැවැසුවේ, තෙහෙරාන් අගනුවර, ඉරාන විප්ලවීය හමුදාවට අයත් ‘බැසිජ්’ බලඇණියේ සෙබළුන් අමතමිනි.ඇමෙරිකාවට, බහරේනයට සහ සෞදි අරාබියට අනුව, ‘බැසිජ්’ බලඇණිය ත්‍රස්තවාදී කණ්ඩායමකි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site