
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
දහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (25) උදෑසන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත් කාර්යාලයට කඩා වැදීමට උත්සාහ ගත් බව ද වාර්තා වේ.
අපක්ෂපාතී පුවත්පතක් ලෙස සැලකෙන, ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත පළ වන්නේ බෙංගාලි බසිනි. අගමැතිනී ෂෙයික් හසීනාගේ පාලන සමයේ දී ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත දැඩි ලෙස උදහසට ලක් විය. ඒ හසීනාගේ රජය විවේචනය කරමින් පුවත් පළ කළ බැවිනි.
කෙසේ නමුත් දැන් ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පතට විරෝධයක් එල්ල වී ඇත්තේ, එම පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරන ෂදාද් ෂරීෆ් සහ කර්තෘ මණ්ඩලය ෂෙයික් හසීනාට සහාය දක්වමින් පුවත් පළ කරන බවට නැගෙන චෝදනා නිසාය.
හසීනාට අග්‍රාමාත්‍ය ධුරයෙන් සමු ගැනීමට සිදුවූයේත්, අසල්වැසි ඉන්දියාවට බලා යෑමට සිදුවූයේත් ශිෂ්‍ය අරගලය හේතුවෙනි. ඒ, පසුගිය අගෝස්තු 5 වැනිදාය. මේ වනවිට ඇය යළි බංග්ලාදේශයට ගෙන්වා ගැනීමට බංග්ලාදේශ අන්තර්වාර රජය උත්සාහ ගන්නා බව ද පැවැසෙයි.
පුවත්පත වසා දමන්නැයි බල කරමින් විරෝධතා පවත්වන්නේ ද අගමැතිනී හසීනා ධුරයෙන් නෙරපා දමා අන්තර්වාර රජයක් පිහිටුවීමට මැදිහත් වුණු අරගලකරුවන්ය.
ඊයේ (25) උදෑසන විරෝධතාකරුවන් ‘ප්‍රොතෝම් ආලෝ’පුවත් කාර්යාලය ඉදිරිපිට රැස්වී විරෝධතා පවත්වන්න වූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා විශ්ව විද්‍යාල සිසුන් යැයි බංග්ලාදේශ මාධ්‍ය පැවැසීය.
බංග්ලාදේශ අන්තර්වාර රජය මැදිහත් වී, පුවත් කාර්යාලයේ ආරක්ෂාවට පොලිසිය සහ හමුදාව යෙදවූ බවත්, කලහකාරී ලෙස පුවත්පත් කාර්යාලයට කඩා වැදීමට උත්සාහ ගත් විරෝධතාකරුවන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා