
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ගින්න හටගත්තේ යානය අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩබෑ අවස්ථාවේදීය. එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයට අමතරව, යානයේ මගීන් 89 දෙනකු සිටි බව පැවැසෙයි.
ගින්න හටගත්තේ රුසියාවේ නිෂ්පාදිත, ‘සුක්හෝයි සුපර්ජෙට් 100’ වර්ගයේ මගී යානයකය. යානය තුර්කිය බලා පැමිණියේ රුසියාවේ සෝචි නුවර සිටය. යානයේ නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු සිටි බව ද පැවැසෙයි. ගින්න හට ගත් සැණින් යානයේ සියලු දෙනා බියට පත් වුණු නමුත්, කාර්යල මණ්ඩල සාමාජිකයෝ වහා ක්‍රියාත්මක වී, මගීන් ආරක්ෂිතව යානයෙන් පිටතට ගැනීමට යුහුසුළු වූහ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd