
ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට ලිපියක් යවමින් ස්තුති කර ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියයෑම සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමා කනස්සල්ල පළ කළ බැවිනි.
පලස්තීන මුස්ලිම් වැසියන්ට එරෙහිව, ඊශ්‍රායලය ජනසංහාර සිදු කරනවා යැයි චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි පාප්තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර ඇත.
පලස්තීන මුස්ලිම් වැසියන් සම්බන්ධයෙන් පාප්තුමන් කනස්සල්ල පළ කිරීම ඉරාන ජනාධිපතිවරයාගේ පැසැසුමට හේතුවක් වී ඇති අතර, ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට ද මැදිහත් වෙන්නැයි ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන් පාප්තුමන්ගෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd