
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය පවසයි.
හමාස් සංවිධානය මෙසේ පැවැසුවේ, ඔවුන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා හරින්නේ නම්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ලබා දීමට තමන් සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කළ ප්‍රකාශය මුල්කොට ගනිමිනි.
‘අප ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල වැසියන් මුදා හරින්න අප කැමතියි. එසේ කිරීමට නම් ඊශ්‍රායලය යුද්ධය අවසන් කරන්න ඕනෑ. එසේ කළොත් පමණයි අප ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන්, ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින අප සාමාජිකයන් හුවමාරුකට කැමැති වෙන්නේ’ යැයි හමාස් සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
මේ වනවිට හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල වැසියන් ගණන 101 කි. එම ප්‍රාණ ඇපකරුවන් අතරේ, විදෙස් සම්භවයක් ඇති සහ විදෙස් පුරවැසිභාවය හිමි ඊශ්‍රායල වැසියෝ ද වෙති.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රහාර නවත්වනතුරු ප්‍රාණඇපකරුවන් මුදා හරින්නේ නෑ