
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත් වුණු අතර, ජර්කාන්ද් ප්‍රාන්තයේ බලය ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය ද වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ 'ඉන්දියා' විපක්ෂ සන්ධානය සතු විය.
භාරතීය ජනතා පක්ෂය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මැතිවරණයට ඉදිරිපත් වුයේ ඔවුන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වෙමිනි.
ජර්කාන්ද් ප්‍රාන්තයේ බලය පැවැතියේ ද විපක්ෂය සතුවය. ජර්කාන්ද් ප්‍රාන්තසභාවේ ආසන 81 න්, 56 ක් දිනා ගැනීමට 'ඉන්දියා' විපක්ෂ සන්ධානය සමත් විය. භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 21 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd