
යුක්රේනයෙන් එල්ල වන ඕනෑම ආකාරයේ ප්‍රහාරයකට රුසියාව සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. රුසියන් ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, රුසියාවේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය යවත්කාලීන කරමින් ඊට අත්සන් තබමිනි.
එම යවත්කාලීන කිරීම අනුව, න්‍යෂ්ටික බලය නොමැති ඕනෑම රටක් න්‍යෂ්ටික බලය සහිත රටක සහාය ඇතිව සිදු කරනු ආක්‍රමණයක්, රුසියාවට එරෙහිව සිදු කරන ඒකාබද්ධ ප්‍රහාරයක් ලෙස සැලකෙයි.
ජනාධිපති පුටින්, මෙම නව න්‍යෂ්ටික ප්‍රතිපත්තිය සඳහා අත්සන් තැබීම කළේ රුසියාවත් යුක්රේනයත් අතරේ යුද ගැටුම් ආරම්භ වී දින දහසක් සපිරෙද්දීය.
රුසියන් ජනාධිපති පුටින්, න්‍යෂ්ටික ප්‍රතිපත්තිය යවත්කාලීන කළේ, ඇමෙරිකාව, යුක්රේනයට දී ඇති දිගු දුර මිසයිලවලින් රුසියාවේ ඉලක්ක වෙත පහර දෙන්නැයි, ධුරයෙන් සමු ගන්න බලා සිටින ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට අවසර දී ඇති බැවිනි.
මේ අතර ලබන ජනවාරි 20 වැනිදා ඇමෙරිකන් ජනාධිපති ලෙස යළිත් වරක් දිවුරුම් දීමට සූදානමින් සිටින, ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත්තේ තමන් දිනක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ට්‍රම්ප්ට ඇමතුමක් දී ඇති අතර, ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ලබන 2025 වසරේ දී රුසියන් යුක්රේන යුද්ධය අවසන් වනු ඇති බවත්, යුක්රේනයට අසාධාරණයක් වන ආකාරයට ට්‍රම්ප් කටයුතු නොකරනු ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕනෑම ප්‍රහාරයකට සූදානම් - රුසියන් ජනපති