ක්‍රැකටෝවා ගිනිකන්ද අවදානම් තත්ත්වයක සුනාමි තත්ත්වයෙන් පසු ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනිකන්ද සක්‍රීය මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 December 2018
නවසීලන්තය ලකුණු 305 ක් ඉදිරියෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියේය. 27 December 2018
නවකවදයට එරෙහි වූ සිසුන් දෙදෙනකුට පහර දීලා වයඹ විශ්ව විද්‍යාලය තුල නවක වධයට එරෙහි වූ බව කියන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පහරකෑමකට ලක්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 27 December 2018
උසස් පෙළ ප්‍රතිඵල තව පමාවෙයි සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබුණත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල එම දිනයේදී ලබා දීමට නොහැකි වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 27 December 2018
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධව කතක් අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් වත්තල පමුණුගම පිහිටි නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 27 December 2018
පළාත් මන්ත්‍රී කුහවර්ධන් පක්ෂයේ දැරූ වගකීම් වලින් ඉවතට රුපියල් ලක්ෂ 700ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් මහතා පක්ෂයේ දැරූ සියලු තනතුරු සහ වගකීම් වලින් ඉවත් කර තිබේ. 26 December 2018
‘‘වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් නොලැබුණහොත් තීරණයක් ගන්නවා‘‘ ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැරි බවත් වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් අවශ්‍ය බවත් මාසයක් තුළ ප්රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා පැවැසීය. 26 December 2018
රටවල් කිහිපයකට ලංකාවෙන් කරපිංචා ගෙන යාම තහනම් ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවලට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස ඉතාලියේ, සිසිලි හි කැටානියා නගරයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ශ්‍රී ලාංකික මගීන්ට දැනුම් දී තිබේ. 26 December 2018
කෝටි හතක වංචාවකට බස්නාහිර පළාත් මන්ත්‍රී සැකපිට බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 26 December 2018
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක නාහිමියෝ අපවත්වෙති සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක කුඹුක් කඳන්වල නන්දවිමල නාහිමියෝ අද (26) දින පෙරවරුවේ හදිසියේ අපවත් වූ බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ සංඝ සභාව දන්වා සිටිති. 26 December 2018
දුම්රිය රියදුරෝ වැඩ වර්ජනය අත්හරිති දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබු පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 26 December 2018
සිසිලි දූපතේ එට්නා ගිනි කන්ද අශ්‍රිතව භූ කම්පනයක් සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද ආශ්‍රිතව රිච්ටර් මාපක 4.8ක භූ කම්පනයක් සිදුවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 26 December 2018
බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයින්ගේ සිරුරු සොයා ගැනේ ඇල්ල, රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවන් සහයෙන් අද (26) සොයාගත් පොලීසිය පවසයි. 26 December 2018
රුපියලේ අගය යළි පහළට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 183 සීමාව ඉක්මවා ගියේය. 26 December 2018
මත්තලදී ගුවන් යානයක ගින්නක් මත්තල ගුවන් තොටුපොලෙන් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇන්ජිමේ ඇති වු දෝෂයක් හේතුවෙන් අද (26) උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. 26 December 2018
ශ්‍රී ලංකාව කඩුලු 4 ට 88 යි නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය. 26 December 2018
බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයන් සොයන්න නාවික හමුදා සහය ඇල්ල , රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ,බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා ගැනීම සදහා අද (26) නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවීමට පියවරගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය . 26 December 2018
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මියයයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් එහි නාම පුවරුවක ගැටීමෙන් සිදු වු අනතුරකින් වෑන් රියෙහි ගමන් කළ කාන්තාවක් මිය ගොස් ඇගේ සැමියා, පුතා සහ දියණියන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ඇතැයි පොලිසියි පවසයි. 26 December 2018
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් අයෙක් මරුට- 4කට තුවාල කොළඹ ග්‍රෑන්ඩ්පාස් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 26 December 2018
බඹරගම දියඇල්ලෙන් වැටී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් බණ්ඩාරවෙල අඹදණ්ඬේගම බඹරගම දියඇල්ලේ පිංතූර ගැනීමට ගිය තරුණයින් තිදෙනෙකු අද (25) හවස එම දියඇල්ලෙන් පහළට වැටීමෙන් ඉන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. 25 December 2018
ගංවතුරෙන් දිස්ත්‍රික් 07ක 82,275ක් පීඩාවට උතුරු පළාතට අමතරව මේ වන විට මධ්‍යම සහ වයඹ පළාතද ඇතුළුව දිස්ත්‍රික්ක හතක වැසියන් ජලගැලීම්වලින් පීඩාවට පත්වී තිබේ. 25 December 2018
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණකට සාකච්ඡා ජනවාරියේ සිට ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සඳහා ආගමික බලවේග, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා ජනවාරි පළමු සතියේ සිට ආරම්භ කරන බව මනෝ ගනේෂන් මහතා පැවැසීය. 25 December 2018
කුඩාවැල්ල වෙඩිතැබීම ගැන සොයන්න සීසීඩියෙන් යයි තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගිය බව පොලිස් ආරංචි කියයි. 25 December 2018
'උතුරේ අවතැන්වූවන්ට කඩිනම්න් සහන ලබාදෙන්නැ'යි අගමැති කියයි මුලතිව්ල කිලිනොච්චි සහ මන්නාරම ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක වල ඇතිවි තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සියලූ සහන වහාම සපයන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දි තිබේ. 25 December 2018
මහින්ද ජනවාරීයේදී විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මස දෙවැනි සතියේදී කොළඹ-07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බව විපක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 25 December 2018
වෙඩි තැබීමකින් කාබුල් නුවර 28ක් මරුට තුවක්කුකරුවන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගොඩනැගිල්ලකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු පවසති. 25 December 2018
කුඩාවැල්ලේ වෙඩි තැබීම ගැන පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වු වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ. 25 December 2018
කුඩාවැල්ලේ වෙඩි තැබීමකින් 4 ක් මරුට තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මිය ගොස් ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 25 December 2018
අසිරිමත් නත්තල උදාවෙයි ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසු සමිඳානන්ගේ උපත සමරන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රී 12ට උදා විය. 25 December 2018
බෙත්ලෙහෙම කිතුනු බැතිමතුන්ගෙන් පිරෙයි ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන්, එසේත් නැතිනම් නත්තල සැමරීම සඳහා ලොව නන්දෙසින් සංචාරකයෝ බෙත්ලෙහෙමට පැමිණ සිටිති. 25 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026