(මුදිතා දයානන්ද )
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් කළ පසුව, බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කරමින් තවදුරටත් ඔහු ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලේම ප්‍රතිකාර ලැබීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ගෙන් නිදහසට කරුණු විමසිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (31) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මහේස්ත්‍රාත්වරයා විසින් කිසියම් පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු එම පුද්ගලයා සම්බන්ධයෙන් සියලූ වගකීම් පැවරෙන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයාට බවද, ඒ අනුව ඔහුට හෝ ඇයට ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේද කොමසාරිස්වරයා බවද ගම්මන්පිල මහතා පැවසීය.
එසේ රක්ෂිත බන්ධනාගාර ගත වු අයෙකුට ප්‍රතිකාර ලබාදීය හැක්කේ බන්ධනාගාර රෝහලෙන් හෝ රජයේ පාලනය යටතේ පවතින රෝහලකින් බවට බන්ධනාගාර ආඥා පනතේ ඇති බවද ඔහු පැවසිය.
බන්ධනාගාර කොමසාරිස්වරයා රාජිත සේනාරත්න මහතාට ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ හරිනු ලැබුවේ එම බන්ධනාගාර ආඥා පනතද උල්ලංඝණය කරමින් බවද ඒ නිසා අධිකරණ කටයුතු භාර අමාත්‍යවරයා ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කළ යුතුව ඇති බවද ගම්මන්පිල මහතා පැවසීය.
අධිකරණ ඇමතිවරයා ප්‍රශ්න නොකරන්නේ නම් එසේ නොකිරිම ගැන ඒ අමාත්‍යවරයාගෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා ප්‍රශ්න කළ යුතුව ඇති බවද එසෝත් නොවන්නේ නම් පසුපෙළ මන්ත්‍රීවරු ලෙස මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කිරිමට තමන් සුදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීතුමෝ, ඔය අහක යන කුණු ගොඩවල් අවුස්සන්නෙ නැතුව බඩු මිල ටිකක් අඩු කිරීමට පියවර ගන්න.
එතකොට දුමින්ද සිල්වා?
අනිවාර්යයෙන්ම එහෙම කළ යුතුයි.
මේ රටේ හැම එකටම පනිනවා ... වෙන වැඩක් ඇත්තෙම නැහැ මෙයාට..
බයිලා ගහන්නැතුව තමන්ගේ රටට ගිහිල්ලා පවුල සමග ඉන්න.........
බන්ධනාගාර කොමසාරිස්ගෙන් කරුණු විමසන්න පෙර මෙයාගෙන් කරුණු විමසිය යුතුයි. ඕස්ට්‍රේලියානු ජාතික යුවලකගේ ව්‍යාපාරය හොරට විකුණලා දැම්ම එක ගැන. ඒකට මොකද සුදු පිරුවට ඇදලා ඉන්නේ.පට්ට හොරු...............
ඔබතුමා එතකොට අර ඕස්ට්රේලියන්කාරයාගෙන් හොරකම් කරපු සල්ලිවලට හිරේ ගියාමත් බන්ධනාගාර කොමසාරිස්ගෙන් කරුණු විමසනවාද?
ඇණ ගන්නයි හදන්නේ ................
ලෝක හොරෙක් , නීති ගැන කතා කරනවා. මෙයාගේ බිරිල්ල නවතින්නේ කවදද දෙවියනේ ?
ඔබත් කවදා හරි බන්ධනාගාර ගත කළොත් ඔය සෙල්ලමම තමා කරන්නේ.
හදවත් රෝගියෙක් බන්ධනාගාර රෝහලේ තියන්න තරම් එම රෝහලේ පහසුකම් නැහැ. නමුත් රක්ෂිත බන්ධනාගාර ගතවන සමහරුන්ට විශේෂ සැලකිලි, වෙනම කාමර දීම ගැන බන්ධනාගාර කොමසාරිස්ගෙන් විමසිය යුතුයි. එත් මේ අයත් හිටිය නිසා ඒකත් අහන එකක් නැහැ.
පසු පෙළ ඉඳලා ප්‍රශ්න කරන්නකෝ.............. ප්‍රශ්නේ ඉවරයිනේ. ඔබට සතුටුයිද දැන් ?
එළොවටත්, මෙළොවටවත් ප්‍රයෝජනයක් නැති හිස් බස් කියන්නේ මෙන්න මේවට තමයි.
සහතික ඇත්ත .. මේකට නිසි ක්‍රමවේදයක් තියනවා. නමුත් ජනපතිතුමාට හෝ අගමැතිට බැහැනේ මේවට මැදිහත් වෙන්න. එහෙම කළොත් ඔන්න නීතිය නැව්වා කියයි. එහෙම තියෙද්දිත් කොමසාරිස් කොහොමද නීතිය නවන්නේ.
අර ඕස්ට්‍රේලියානු ජාතිකයට මුදල් වංචා කරපු නඩුවට මොකද හැබෑවටම උනේ ?
හාල් ගණන් ගැන හොයලා බලනවානම් ඔයිට වඩා හොඳයි නේද? කුණු අවුස්සන්න ආසයි නම් අරුවක්කාලු ගැන හොයලා බලන්න.
මේ මහත්තයෝ, අර ඕස්ට්රේලියන්කාරයාගෙන් පිල්ලි ගහපු ගතමනාව ගැන තියන කේස් එකත් දැන් මතක නැති වෙලාද? විලි ලැජ්ජා නැතුව නිකං ගෙම්බා වගේ ජක බක ගානවා.
අතිගරු ගෝඨාභය මැතිතුමාගේ ආණ්ඩුවට මේ ඇමති හරි ඇණයක් වෙලා. රට හදන්න එතුමට ඉඩදෙන්නේ නැත්තේ මේ නඩු කෝටියක් විතර තියෙන මේ හාදයන්.
ඔක්කෝටම කළින් අර ඕස්ට්‍රේලියන් ජාතිකයාගේ හොරාකාපු දේවල් දීලා ඉන්න වෙයි. මීට කළින් බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් කරලා ඉද්දී වාට්ටුවේ හිටියේ කොහොමද කියලත් අහනවා..
තමුන්ගේ කෙරුවාවල් ගැන අපි හොඳට දන්නවා. නිකම් සුදනා වෙන්න හදන්න එපා. පක්ෂයේ නමටත් ලැජ්ජාවක්... පිවිතුරු හෙල කරුමේ කිව්වා නම් තමයි හොඳ...
එම්සිසී ගිවිසුම ගැන මැතිවරණයට පෙර මොහු එය හොද නෑ කියලා දැන් සියයට හැත්තෑවක් හොදයි කියමින් ජනතාව නොමග යවමින් බොරු මාධ්‍ය සන්දර්ශන පවත්වපු මොහුටත් රාජිතට මෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිතුමනි මෙවැනි දෙපිටිකාට්ටුවන් ඇමති මණ්ඩලයට නොගත්තා වගේම ඉදිරියේදී නාමයෝජනාද දෙන්න එපා.
විමල් හිරේ දාපු වෙලාවේ ඇප ඉල්ලන කොට නීතිපති විරුද්ධ වුණා. හැබැයි චම්පික, රාජිත ඇප ඉල්ලන කොට එහෙම විරුද්ධ වුනේ නැත්තේ මොකද කියලා ඇහුවේ නැත්තේ ඇයි?
ජනාධිපතිවරණයෙන් පස්සේ මුල්වරට තමන්ගේ හොරණෑව ඇරපු ගමන්ම ගම්මන්පිල "විනෝද සමය" වැඩසටහනට මාර ටොපික් එකක් තමයි දීලා තියෙන්නේ... මෙයත් අවුස්සන කුණු බාල්දි...!!! නියම ජෝකර් මෑන් තමයි. ඡන්දෙට ඉස්සර ජනතාවගෙන් සීයේ කොළ හිඟාකෑවෙත් මේ හාදයා කියලා මගේ සීයා කියනවා.
මෙහෙ ඉඳන් අගුවේ පිලේ ඉඳන් නඩු අහනවා. තීන්දු දෙනවා.
බොරු සුද්දෙක් වෙන්න එපා.
අංගොඩ ඉන්න ඕනේ කෙනෙක් දියවන්නාවේ
මේ හාදය විමල් වීරවංසගේ කපාපු පළුව. හොට දාන්නේ නැති කිසිම දෙයක් නෑ.