(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)
කොළඹ සිට මන්නාරම දක්වා පෞද්ගලික බස්රථයකින් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝවක් රැගෙනයමින් සිටි පුද්ගලයකු වවුනියාව, සෙට්ටිකුලම යුද හමුදා මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයෙකි.
සෙට්ටිකුලම යුද හමුදා මාර්ග බාධකයේ රාජකාරී නිරත හමුදා සෙබළුන් කොළඹ සිට මන්නාරමට පැමිණි පෞද්ගලික බස්රථයක් පරීක්ෂා කිරීමේදී, සැකකරුගේ ගමන් මල්ලෙහි සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් සොයාගත් බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම ගමන් මල්ල තමන්ට අයත් නොවන බව පවසමින් හමුදා නිලධාරීන් මඟහැර පලායෑමට උත්සහ කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
පොලිසිය පැවසූයේ මීට ඉහතදී ද සැකකරු මෙලෙසින් මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වූ බවයි.
සැකකරු හා හෙරොයින් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සෙට්ටිකුලම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - සිතුම් චතුරංග)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් වටිනා හෙරොයින් පාර්සල් එකතු කරනවා විතරයි. ඊට ඒ කුඩුවලට සිදුවෙන දෙය කවුරුවත් දන්නවද?