රජරට සරසවියේ පිඨ හතරක් දින නියමයක් නොමැතිව වසාදමයි රජරට විශ්ව විද්‍යාලයේ පිඨ හතරක් දින නියමයක් නොමැතිව අද (29) සිට වසා දැමු බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහවාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසිය. 29 December 2018
නිවාස 24 ක් ගින්නකින් විනාශ වෙයි හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායේ අක්කර 30 කොටසේ වතු නිවාස පේලියක අද (29) හට ගත් ගින්නකිය් එම වතු නිවාස පේලියේ තිබු නිවාස 24 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. 29 December 2018
වැලිපැන්නේදී ලක්ෂ 10 ක මංකොල්ලයක් වැලිපැන්න ලිහිනියාව හල වල් කැලය ප්‍රදේශයේ දී අද (28) රුපියල් ලක්ෂ දහයක මංකොල්ලයක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. 28 December 2018
පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටු නැවත ස්ථාපිත කළ යුතුයි පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටු සියල්ල බල රහිත වී ඇති බැවින් ඒවා නැවත ස්ථාපිත කළ යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවැසීය. 28 December 2018
ශ්‍රී ලංකාව ස්වභාවික විපත් ජාලයක් මැද 2100 වසර වන විට ගෝලිය උෂ්ණත්වය සෙන්ටිගේ්රඩ් අංශක තුනකින් ඉහළ යන බවත් එය මිහිමත ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකර වන බවත් කාළගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවේ උප සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා පවසයි. 28 December 2018
අවතැන්වූවන්ගෙන් ණය එකතු කිරීම නවතයි කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්වල ජලගැලීමෙන් පීඩාවට පත් පවුල්වලින් බැකු ණය එකතුකිරීම අත්හිටුවන ලෙස දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ දී අද (28) පැවසීය. 28 December 2018
හරීන්ගෙන්- මලික්ගෙන් විෂය දෙකක් ගැළවේ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඉකුත් 20 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයෙන් ඩිජිටල් යටිතල පහසුකම් 28 December 2018
‘පූජනීය ස්ථාන වලට හානි කරන අන්තවාදීන්ට තදින් ක්‍රියාකරනවා’ බුදු පිළිම වහන්සේ කිහිප නමකට හානි කළ බව කියන සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේවන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 December 2018
හිලරි පරදා මිෂෙල් ඔබාමා මුල්තැනට වසරේ අතිශයෙන් අගය කරන ලද කාන්තාවට හිමි සම්මානය ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මහතාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා මහත්මියට හිමිවිය. 28 December 2018
මහින්ද කාලේ රටේ ආර්ථිකය ගැන රනිල් වාර්තාවක් ඉල්ලයි මහින්ද රාජපක්ෂ මහතා අගමැති සහ මුදල් ඇමැති වශයෙන් කටයුතු කරන කාලයේ දී රටේ ආර්ථිකයට වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකයට සම්බන්ධ සියලූම අංශ වලට උපදෙස් ලබා දී තිබේ. 28 December 2018
උතුරේ අවතැන්වූවන් 118,538 දක්වා ඉහළට අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා අද (28) වන විට පවුල් 38,209 කට අයත් පුද්ගලයින් 118,538 දෙනෙකු විපතට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි. 28 December 2018
රුපියල තවත් පහළට ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 184.07 කින් පහළ ගොස් තිබේ. 28 December 2018
මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය. 28 December 2018
කතුන් ඇතුළු සිසුවියන් වීඩියෝ කළ කොන්දොස්තර දැලේ පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව ජංගම දුරකථනවලින් වීඩියෝ කළ බස් රථ කොන්දොස්තරවරයකු ජංගම දුරකථන 03ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි. 28 December 2018
ලක්ෂ හයක මත්කුඩු සමඟ ‘ඩිකී අක්කා’ අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් අනූපහේ වත්තහන්දිය අසළ දී රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ‘තොටළඟ ඩිකී අක්කා’ නැමැත්තිය අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 28 December 2018
ගලක් කඩා වැටී ශ්‍රී පාද වන්දනාකරුවන් තිදෙනෙකුට තුවාල නල්තතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් මහගිරිදඹ ප්‍රදේශයේදී ගලක් කඩා වැටීමෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. 28 December 2018
චීනවරායේ තෙල් ටැංකිවල තහඩු කැපූ 8ක් අත්අඩංගුවට චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි දෙකක කපා යකඩ තහඩු ඉවත් කළ අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව චීනවරාය පොලිසිය පවසයි. 28 December 2018
වැඩිහිටි ලේකම් කාර්යාල ප්‍රධානීන් හෙට මානව හිමිකම් කොමිසමට කැඳවයි වැඩිහිටියන් පිරිසකගෙන් ලද පැමිණිල්ලක් අනුව වැඩිහිටි ලේකම් කාර්යාලයේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හෙට (27) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ. 27 December 2018
මාවනැල්ලේ බුදුපිළිම කැඩූ 7 ක් අත්අඩංගුවට මාවනැල්ල හා අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 27 December 2018
වැස්ස අඩු වන ලකුණු දිවයිනේ පළාත් රැසකට බලපා තිබූ වැසි තත්ත්වය හෙටින් (28) පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 December 2018
වැස්සෙන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම් සහ හැමූ සැඩ සුළං හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් හතරකට අයත් 100,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 December 2018
මාධ්‍ය හමුවකට පැමිණි වාසු ත්‍රිරෝද රථයක නැගී පිටව යයි පුංචි බොරැල්ල තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැමිණ සිටියේ සිය නිල වාහනයෙන් නොවන අතර ඔහු මාධ්‍ය හමුව නිමවී ත්‍රිරෝද රථයක නැගී එතැනින් පිටව යනු දක්නට ලැබිණි. 27 December 2018
‘පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවන්න කටයුතු කරනවා’ ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පැවසීය. 27 December 2018
ජනපති යළි ලංකාවට එනතුරු ශ්‍රීලනිප මුලස්ථානය වසයි තමන් නැවත දිවයිනට පැමිණෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ මූලස්ථානයේ නිලධාරී මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 27 December 2018
උතුරේ අවතැන් වූවන්ට සතොසෙන් ආහාර ලොරි 15 ක් උතුරු පළාතේ ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථ 15ක් සතොස ආයතනය මගින් පිටත් කර යවා තිබේ. 27 December 2018
‘නිසි කාලයට පෙර මැතිවරණයකට යන්න අපේක්ෂාවක් නෑ’ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලයට පෙර මහ මැතිවරණයකට යාමේ කිසිදු අපේක්ෂාවක් එක්සත් ජාතික පෙරමුණට නැතැයි ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවසීය. 27 December 2018
බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය ඖෂධ සංයෝජක පෙර වතාවකදීත් හසුවෙලා වේදනා නාශක බෙහෙත් කරල්වල ඖෂධ ඉවත් කර මත්කුඩු පුරවා බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට ගෙන යද්දී අසුවූ ඖෂධ සංයෝජකයා මීට පෙරද බන්ධනාගාරයට කුඩු ගෙනයාමේ චෝදනා ලබා ඇති අයෙකු යැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 27 December 2018
පුරාණ වාරි පද්ධතියේ පරිහානිය හා වන විනාශය උතුරේ ගංවතුරට හේතුවක් උතුරු පළාතේ පුරාණ වාරි පද්ධතිය විනාශ වීම සහ වන ගහනය අඩු වීම එම පළාතේ ගංවතුර තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 27 December 2018
පළාත් මන්ත්‍රී කුහවර්ධන්ට ඇප බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සන් කුහවර්ධන් මහතා සහ ඔහුගේ බිරිඳ රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්ර්රම මහත්මිය අද (27) නියෝග කළාය. 27 December 2018
කොටි සංවිධානයෙන් ඝාතනය නොවීමට ගිවිසුමක් ඇතිකරගත්තා එල්.ටී.ටී.ඊ සංවිධානය දෙමළ ජනතාවගේ නියම නියෝජිතයා යැයි ලෝකයාට පෙන්වීම වෙනුවෙන් ඇතිකරගත් එකගතාවක් මත දෙමළ ජාතික සන්ධානය පිහිටවූ බව එම සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී කේසවන් සයන්තන් මහතා පැවසීය. 27 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026