( නාලක සංජීව දහනායක)
රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් කරනු ලබන චක්‍රලේඛ සහ රජයේ සියලූම තීන්දු තීරණ පිළිබදව ඉහළම නිළධාරීන් මෙන්ම සාමාන්‍ය නිළධාරීන් හා සේවකයන්ද අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ගනුගබන ඇතැම් තීන්දු තීරණ පිළිබදව ඉහළ මට්ටමේ නිළධාරීන් දැනුවත්ව සිටියද සාමාන්‍ය නිළධාරීන් හා සේවකයන් දැනුවත්ව නොසිටීමෙන් ඇතිව තිබෙන ගැටලූ පිළිබදව අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වර්ධනය කර චංචාව හා දූෂණය වැළක්වීමටනම් රජයේ තීන්දු තීරණ හා චක්‍රලේඛ පිළිබදව ඉහළම නිළධාරීන් මෙන්ම සාමාන්‍ය සේවකයන්ද නිවරදි අවබෝධයකින් පසුවිය යුතු බවට ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.
තම පාලන කාලය තුළදී කාර්යක්ෂම හා මානව හිතවාදී රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීමට ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙල අනුව මෙම දැනුම්දීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"තම පාලන කාලය තුළදී කාර්යක්ෂම හා මානව හිතවාදී රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීමට ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙල අනුව මෙම දැනුම්දීම කර තිබේ" ඒ කියන්නේ අයියගේ කාලේදී වැඩේ හරියට කෙරිලා නැහැ වගේ.
මහින්ද බලයේ හිටපු කාලේ වැඩකරපු විදිය මුලුරටම දන්නවා. වහලුන්ට නම් හොඳයි.
ඒක හරියටම කරනවා නම් අගේ කළ යුතු වැඩක්... මගේ වැඩක් කරගන්න රජයේ කාර්යාලයකට ගිහින් කරන්න ගියාම එපාවෙනවා. 2019 ජනවාරිවල ඉඳන් උත්සාහ කළා .. නමුත් කරගන්න බැරිවුණා. අදත් අන්තිම වතාවට ගිය අලුත් අවුරුද්දේවත් කරලා දෙයි කියලා. නමුත් පැය ගාණක් රස්තියාදුවෙලා දමලා ගහලා ආවා. හැම ලියවිල්ලක්ම තියනවා. නමුත් කරලා දෙන්නේ නැහැ. අල්ලස් බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. අල්ලස් බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. ජනාධිපතිටවත් ලියන්න ඕනේ..
ඒක ඇත්ත... පහුගිය දවස්වල ප්‍රවෘත්තියක් දැක්කා. පෞද්ගලික ආයතනයක නිලධාරින් උත්සව සමය අලලා මධ්‍යසාර බෝතල් ප්‍රමාණයක් රැගෙන යනවිට කොළඹ පොලිස් ස්ථානයකින් එම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගත්තායි කියලා... හේතුව? පොලිසිය දන්නේ නැහැ පහුගිය රජය කාලේ අවසර පතක් නොමැතිව, තමා සන්තකව හා ප්‍රවාහනය කළ හැකි මධ්‍යසාර ප්‍රමාණය වැඩිකළ බව... තවත් අවස්ථාවකදී 2008 නිකුත් කළ චක්‍ර ලේඛනයක් ගැන මෑතක් වනතුරු ආයතනයක් නිලධාරින් නොදැනුවත්... මේ කරුණු දෙකම පොදු ජනයාට එදිනෙදා මුහුණ දෙන්න වුණු සත්‍ය සිදුවීම් දෙකක්..
ජනාධිපතිතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පටන් ගත්තොත් හොඳයි. ස්ථාන මාරුවක් ගන්නට, නිවාඩුවක් අනුමත කර ගන්නට එතෙන්ට ගිය කෙනෙකුගෙන් අහලා බලන්න සාමාන්‍ය මහජනතාව ගැන කුමන කතාද? අවුරුදු පහට වඩා කාලයක් ඉන්න නිලධාරින් ටික මාරු කරන්න ලේකම්ලා, ඇමැතිලා එතන ඉන්න වයසක නෝනලාට යටවෙලා මාස ගණන් ගියත් ලියුමකට උත්තර දෙන්නේ නැහැ.
මෙතුමාගේ අදහස් වලට මම ඉතාම ගරු කරනවා. උදේ පාන්දර 3 ට 4 ට නැගිටලා බස් වල එල්ලිලා , කොච්චි වල එල්ලිලා , කිලෝමීටර් 50, 60, 100 ඇවිල්ල කන්තෝරු වලට එන සේවකයින්ගෙන් කොපමණ දෙයක් බලා පොරොත්තු වෙන්නට පුලුවන්ද කියන එක තමයි තේරුම් ගත යුත්තේ.
රජයේ රෝහල්වල් සිටින සාත්තු සේවකයින්ගෙන් බොහෝදෙනෙක් ඔවුන් කල යුතු සේවාව කුමක්ද කියාවත් දන්නේ නැති බවයි අපට පෙනෙන්නේ. හැබැයි ඔවුන්ට වාසි වෙන අවස්ථා වලදී නම් චක්‍රලේඛවල තියෙන දේවල් අසරණ රෝගීන්ටත් පෙන්නලා දෙනවා.
අගය කළ යුතු වැඩක්. උසස් වීම් හා කාර්යක්ෂමතා කඩඉම් විභාග ආදියෙහි දී මෙම දැනුම පරීක්ෂා කළ යුතුයි.
රාජ්‍ය නිලධාරීන් විතරක් නොවේ පුද්ගලික අංශයේත් පොදු සේවාවන් සපයන ආයතන රජයේ චක්‍රලේඛන ගැන දැනුවත් විය යුතුයි. දැන් ලංකාවේ සියලුම දුරකථන සේවා පුද්ගලික අංශයේ. නව බදු ප්‍රතිපත්ති වගේ දේවල් ඔවුනුත් දැනගතයුතුයි.
ඇත්තටම හොඳ වැඩක්..., ඉහළ ඉඳළා පහළටම සියලු සේවකයින් දැනුවත් කළයුතුයි.