(ඉන්දිකා රාමනායක)
නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයකු යටතේ පොලිස් මාධ්‍ය ඒකකය අද (1) සිට යළි පිහිටුවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පත්කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
නව මාධ්‍ය ප‍්‍රකාශකවරයා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ බාර ගත් බවද පොලිස් මුලස්ථානය කියයි.පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මීට පෙර පොලිස් නීති කොට්ඨාසයේ රාජකාරි කළ නිලධාරියෙකි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාමීට පෙර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉකුත් නොවැම්බර් 27 දින සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටවා තිබු අතර ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයද අහෝසි කර තිබුණි.
නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පත් වීමත් සමග ඊයේ සිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් දෛනිකව සිදුවන සිදුවීම් අඩංගු සම්පින්ඩනයන් (මාධ්‍ය නිවේදන විද්‍යුත් තෑපෑල හරහා නිකුත් කිරීම යළිත් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එකා අහනවා තාත්තේ, ගුවන් විදුලිය කියන්නේ මොකක්ද කියලා. තාත්තා කියනවා, පුතේ බල්ලගෙ නැට්ට පාගනකොට ඌ බුරනවා නොවැ. ඒ වගේ එක තැනකින් මොනවා හරි ඉඟියක් දුන්නාම තව තැනකින් ඒක වචන හැටියට පිටවෙනවා කියලා.
ආණ්ඩුවක් පෙරලනවිට අධිකරණයත් පොලිසියත් ඒ පැතිවලට පෙරලනවානම් ඒක රටේ අනාගතයට දියුණුවට ලොකුම බාධාවක්.
එතකොට මාසයක් පමණ රජයේ මාධ්‍ය ප්‍රකාශකයින් වගේ රේඩියෝවෙන් ටි වී වලින් කෑගහපු අයට මොකද කරන්නේ....?
එතකොට කලින් කියපු විදියට ආරක්ෂක අමාත්‍යංශයෙන් විතරයි මාධ්‍ය ප්‍රකාශ කරන්නේ කියපු තීරණයට මොකද උනේ?
දැන් ආණ්ඩුව දුවන්නේ පාර අයිනේ තියෙන දුවනගිරියක් වගේ...
මේ හොරු ටික ඉන්නකම් මේ රට හදන්න බැහැ.