( තිළිණි ද සිල්වා )
දේශපාලන පත්වීම ලැබ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල තානාපති ධූරයන් හි කටයුතු කරන රාජ්‍යතාන්ත්‍රිකයින් සියලූ දෙනා යළි ශ්‍රී ලංකාවට පැමිණිමේ කාලය ලබන 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දී ඇත.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා මෙම සියලු රාජත්රාන්ත්රිකයින පැමිණිය යුතු බව මීට පෙර දන්වා තිබුණද එය එසේ නොවුන හෙයි නැවත 15 වැනිදාට එම දින දීර්ඝ කර ඇත.
එම තානාපතිවරුන්ට එදින වන විට වහා දිවයිනට පැමිණෙන ලෙස දැනුම් දෙමින් අමාත්‍යවරයා මේ වනවිටත් ලිපි යවා ඇතත් , දේශපාලන පත්වීම ලැබී ඇතැම් තානාපතිවරුන් එම ලිපි සිය තානාපති කාර්යාල මණ්ඩල සාමාජිකයින් ගෙන් සඟවමින් තවදුරටත් එම තානාපති ධූරවල කටයුතු කිරීමට කටයුතු කිරීමට උත්සාහ කරමින් සිටින බවද විදේශ සබඳතා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
තවත් තානාපතිවරුන් කිහිපදෙනෙකු තමන් නැතිව තානාපති කාර්යාල පවත්වා ගෙන යා නොහැකි බව අඟවමින් තමන් තවත් කාලයක් එම තානාපති ධූරවලය කටයුතු කිරීමට අවස්ථාව දෙන ලෙසටද විදේශ සබඳතා අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ වනවිට ඉන්දියාව , රුසියාව , ඕස්ටේ්රලියාව , දකුණු අප්‍රිකාව , ජපානය , චීනය , නෝර්වේ , ප්‍රංශය , ඉතාලිය සෞදි අරාබිය , කටාරය , මාලදිවයින , පකිස්ථානය , මියන්මාරය , බංග්ලාදේශ්‍ය , ඇෆ්ඝනිස්ථානය , පලස්තීනය , කෙන්යාව , ඉරානය යන රටවල තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ලෙස කටයුතු කරමින් සිටිනුයේ පසුගිය රජය යටතේ දේශපාලන පත්වීම් ලැබූවන්ය.
මෙම පිරිස පැවති රජය විසින් පත් කර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත වන අතර ඔවුන් අතරින් ඇතැම් තානාපතිවරුන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ දේශපාලන ප්‍රචාරණ කටයුතු වල නිරත වූයේ යැයි චෝදනා එල්ල වී සිටිති.
දේශපාලන පත්වීම් ලැබ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ පිරිස් යළි කැඳවීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් කඩිනමින් පත් කරන බව අමාත්යත දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය නේද? අපේ බලාපොරොත්තු කඩවීමේ ලක්ෂණ... බලපොරොත්තු වූයේ කෙළින් තීන්දු තීරණ ගැනීම මිස අනුන්ගේ වැරදි හොයහොයා කාලය හා මුදල් නාස්ති කරන නූගත් පිරිසකගේ පාලනයක් නොවේ...
කොන්ද පණ ඇති ජනපතිතුමා යටතේ මේ වගේ කෙලින් තීරණ අරන් ක්‍රියාත්මක කරගන්න බැරි මේ වගේ දෙකයි පනහේ හැලපයින් ඇමති ධුරවලට පත්කර ගත්තම ජනපතිතුමාගේ පෞරුෂයක් ඉවරයි. ඊළඟ පාර අපේ ඡන්දත් ඉවරෙටම ඉවරයි.
එකපාරටම නවත්වන්න එපා... මේ ගොල්ලෝ තානාපති සේවයට ගියාම ළමයි ටිකත් එහෙ පාසල්වලට දමා ගන්නවා හැමදාම ඉන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්... ඒ ගොල්ලන් වරදින බව හිතන්නේ නැහැ. එම නිසා ඒවා ගැන හිතලා සුමාන දෙකක් කල් දුන්නාට කමක් නැත.
ලිකර් පර්මිට් එක විකුණලා කාර් එකක් ගන්න පුළුවන් සමහර රටවල්වල... ඉතින් ආපහු එන්න කැමති වෙයිද? පාකිස්ථානයේ දී මා අත්දුටු දෙයක් මේ...
දැන් ඉන්න අය ආවට පස්සේ, ආපහු ඕවට යන්නෙත් දේශපාලන පත්වීම් මතම තමයි.
මට හිතෙන්නේ තාම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බැවින් මෙම කැඳවීම් ඔවුන් පිළිගන්නේ නැහැ...
උගත්කම, සුදුසුකම් කෙසේ වෙතත් මේ තනතුරු වලට දේශපාලුවන්ගේ අය පත් නොකෙරුවොත් තමා පුදුමේ
2015ට කලින් කොහොමද තානාපති කාර්යාල තිබුනේ? ඕක තමයි ලාංකිකයන්ගේ ජන්ම ගතිය. අමතක වීමේ රෝගය. ඒකනේ අපි පිටිපස්සට හැරිලා ඉදිරියටම යන්නේ.
තව දේශපාලන පත්වීම් වැලක් දෙන්න ඉන්න අය ගෙන්නන්න යනවා නම් උනුත් එකයි මුනුත් එකයි තමා. නැතිව වෘත්තීය විදේශ සේවා නිලධාරීන් දමනවානම් ඉන්න අය ගහල පැන්නුවත් කමක් නැහැ.
ඉන්න කට්ටිය ගෙන්වලා මේ ගොල්ලන්ට හිතවත් වන්දිභට්ටයින් ටිකක් පත්කරලා යවයි. අනේ ඉතින් අපි නොදන්නා නාට්‍ය.
අපි නොදන්නා දිනේෂ් ගුණවර්ධන. මට හරි හිනා...
දේශපාලන උදව් ගත් අයට, හිතවතුන්ට සැලකීමට තානාපති තනතුරු දීමෙන් රට ජාත්‍යන්තරව තනි වේ.
ඉතාලියේ ඉන්න කෙනාව වහාම ගෙන්වා ගන්න.
මට නම් හිතෙන්නේ මේ අවබෝධාත්මක ආණ්ඩුවක් තියෙන්නේ.. ඒ නිසා කරන්න පුළුවන් දෙයක් නැතිව තමයි ඉන්නේ.. බොහෝ ආයතනවල තත්වයත් මේකමයි. ආයතන ප්‍රධානීන්, උපප්රධානීන්, අධ්යක්ෂ මණ්ඩල පත්කරගන්න බැරිව ඉන්නේ... කොහොම වුණත් රට පස්සට යෑම හෝ එකතැන පල්වීම මේවායේ අවසන් ප්රතිඵලයයි.
කවුරු පත් කළත් ඕනෑම ආයතනයක සඟවපු දේවල් තියෙනවා. ඒවා දන්නේ ඒ අායතනයේම ඉන්න අය විතරයි. අනෙක ඒවා කරන්නේ සාමූහික සොරකම් විදියට තෝරාගත්තු පිරිසකට වරප්‍රසාද දෙනවා. තෝරගත්තු පිරිසකගෙන් පලි ගන්නවා. දක්ෂයින්ට තැනක් දෙන්නේ නෑ. ඒ නිසා මේ සෑම ආයතනයක්ම වංචා, දූෂණ වගේම නවක ආයතන ප්‍රධානීන්ට නිදහසේ වැඩ කරන්න නොදෙන මාෆියාවන් පරාජය කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි.