(අජන්ත කුමාර අගලකඩ)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත.
සම්පත් අමරතුංග මහහතා අද(02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීමේ ලිපිය ලබාගත්තේය.
2014 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් වූ සම්පත් අමරතුංග මහතා මේ වන විටත් එම ධුරයේ කටයුතු කරයි.
ඔහු විශ්ව විද්‍යාල පද්ධතියේම සිටින ජ්‍යෙෂ්ඨතම උපකුලපතිවරයාද වෙයි.විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ හිටපු සභාපතිවරයා ද වූ ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ දකුණු ආසියානු කලාපීය නියෝජිතයෙක්ද වෙයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ද වන අමරතුංග මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථියකුද වන ඔහු එහි කළමණාකරණ පීඨයේ ආචාර්යවරයකු ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කළේය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය මොහාන් සිල්වා මහතාගේ සේවා කාලය අවසන් වීමෙන් පසු එම ධූරය පුරප්පාඩු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින් පස්සේ යන එකයි කරන්නේ..
නිර්වානි, ඔයා ගැනද ඔබ "කමෙන්ට්" එකක් දැම්මේ? දැන්වත් ඔයා දේශපාලකයින්ට "කඩේ" යන එක නවතා, පෙළගැසෙන රටේ නව මාවතට එක්වන්න.
මගේ අත්දැකීම නම් ඔය තනතුරට සුදුසුතමයා උපකුලපතිවරුන් අතරේ දැන් ඉන්න එඩිතරම තැනැත්තා වන රුහුණේ උප කුලපතියි. අන්තරේට යට නොවී රුහුණ මෙහෙයවන්න ඔහු ලොකු වෙහෙසක් දරනවා. නවකවදය නවත්වන්න එපමණ සක්‍රීය දායකත්වයක් වෙන කාගෙන්වත් නැහැ කියලයි මං හිතන්නේ... විශ්ව විද්‍යාල පද්ධතියේ පාලකයෙකු වශයෙන් ඔහු බොහෝදුරට සාර්ථක විය හැකියි.
නව මාවතක්..? ඒක කොහෙද තියෙන්නේ..? ඔය බොරු සෝබන ඔක්කොම කරන්නේ ළඟ එන ඡන්දෙ නිසා... ඡන්දෙන් පස්සේ බලාගන්න පුළුවනි. එම්.සී.සී. අත්සන් කරලා ඉඩම් විකුණලා හොර මාෆියාව පටන් ගන්න හැටි... ඔබ දේශපාලනිකව තවම බොළඳයෙක්...
අපි මේ ජනාධිපතිට ඡන්දෙ දුන්න අය. මේ මනුස්සයා පත් කළ එකම මට ඇති අපේ මෝඩ තීරණ ගැන කණගාටු වෙන්න. දේශපාලනයේ ඉන්න මිනිස්සු අතර මේ රටට ආදරය කරන එක මිනිහෙක් වත් ඇති කියලා විශ්වාස නොකරන්න.
රාගම වෙෙද්‍ය පීඨයේ ඉන්නවා ජේෂ්ඨ ලේඛකාධිකාරි කියලා ගැහැනු කෙනෙක්. ආරක්ෂක සේවාවේ ස්ථාන භාර නිලධාරියාව ආරක්ෂක ස්ථානයෙන් ඉවත් කළාට පස්සේ. මේ ජේ.ලේ ගැහැණු කෙනා ආරක්ෂක සේවය ඉවත් කරනවා කියලා... ඒ සේවාවේ ඉහල නිලධාරින්ට තර්ජනය කරලා ආපහු වැඩට ගත්තා. දැන් දෙන්නම එකතු වෙලා අනිත් නිලධාරින්ගෙන් පලිගන්නවා. තමන්ට පක්ෂපාති අයව විතරක් හොඳ තැන්වලට දානවා. කිහිප දෙනෙක් දැන් ගෙදර ඉන්නවා. පුද්ගලික ලාභ ප්‍රයෝජන නිසා. මේ ජේ.ලේ ගැහැණු කෙනා ප්‍රධාන ස්ථානභාර නිලධාරියාට විශ්ව විද්‍යලය ඇතුලේ මත්පැන් බොන්නත් අවසර දිලා තියෙනවා. අනේ මන්දා මොන පදනමකින් කාගේ හයියෙන්ද කියලා. ආරක්ෂක නිලධාරින්ට දෙවියන්ගේ පිහිටයි.