සිරකරුවන්ට මත් කුඩු අලෙවි කළ ඖෂධ සංයෝජකයෙකු අත්අඩංගුවට වේදනා නාශක බෙහෙත් කරල් 19 ක අඩංගු ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකු බන්ධනාගාර නිලධාරීන් අද (24) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. 24 December 2018
නව වසරේ පළමු කැබිනට් රැස්වීම 2වැනිදා නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව පළවූ කැබිනට් රැස්වීම දෙසැම්බර් 20වැනිදා පෙරවරුවේ පැවැත්වූ අතර එය විනාඩි 20කට පමණ සීමා විය. 24 December 2018
‘කල්පිටිය කතුන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගුයි’ කල්පිටිය අර්ධද්වීපයේ කාන්තාවන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගු වන බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසයි. 24 December 2018
ජනපති-ආසන සංවිධායකවරුන් අතර හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24) ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 24 December 2018
‘අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරනවා’ ජනතාවට සිතාගන්නට බැරි අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(24) පැවැසීය. 24 December 2018
මැතිවරණ වසරකට සුදානම් වන්නැයි ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට ජනපති දැනුම් දෙයි ලබන වසර මැතිවරණ වසරක් බැවින් ඊට මුහුණදීමට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද (24) දැනුම් දී ඇත. 24 December 2018
පළාත් කිහිපයකට අදත් වැසි උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල අද (24 ) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 December 2018
කුලප්පු වූ අලියා ඇත්ගොව්වා මරා දමයි කරන්දෙණිය 6 කණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ මිහිඳු පෙරහැරේ ගමන් කරමින් සිටි අලියකු අද (24) අලුයම කුලප්පු වී ඇත් ගොව්වා මරා දමා තිබේ. 24 December 2018
බසයක ගැටී අලියෙක් මරුට පුත්තලම , අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අලි පැටවෙකුගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් අලි පැටවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බස් රියෙහි කොන්දොස්තරවරයා තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 24 December 2018
ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාව යෙදීම ගැන වාර්තාවක් කැඳවයි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ. 23 December 2018
කැබිනට් මණ්ඩලය 30ද 32ද යන්න නීතිපතිගේ මතය විමසයි නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පැන නැගි ඇතැයි වාර්තාවේ. 23 December 2018
එස්.එස්.පී පුරප්පාඩු 132ක් - උසස්වීම් ලේඛනයට අමාත්‍යංශ අනුමැතිය තවම නෑ ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ පුරප්පාඩු 132ක් පමණ ඇතැයි පොලිසියේ ආරංචි මාර්ග කියයි. 23 December 2018
කර්මාන්ත ඇමැතිගේ වාහන සංඛ්‍යාව වෙනස්වීම ගැන වාර්තාවක් ඉල්ලයි කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා භාවිත කරන වාහන සංඛ්‍යාව ගැන අවස්ථා තුනකදී එකිනෙකට වෙනස් පිළිතුරු තුනක් ලබා දුන්නේ ඇයිද යන්න ගැන සහ තොරතුරු නිලධාරියා යම් බලපෑමත් මත වෙනත් ප්‍රතිචාර ලබා දුන්නේද යන්න ගැන විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට නියෝග කර තිබේ. 23 December 2018
ඉන්දියාවේ දිගම රේල් පාලම නත්තල්දා විවෘත කරයි ඉන්දියාවේ හිටපු අගමැති අතර් බිහාරි වජ්පායී මහතා විසින් 2002 වර්ෂයේදී ආරම්භ කරන ලද බොගිබීල් පාලමේ ඉදිකිරීම් කටයුතු නිමාකර එළඹෙන අඟහරුවා (25 වැනිදා) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කිරීමට නියමිය. 23 December 2018
ඇමැති අර්ජුන බස් ගාස්තු අඩු කිරීමට සැරැසෙයි බස් ගාස්තු අඩු කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (23) පැවසීය. 23 December 2018
සිංහරාජ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණයට සිංහරාජ වනාන්තරයට පිවිසෙන මාර්ගයේ කලවාන කුඩව ප්‍රවේශපත්‍ර කවුළුව අසල සිට වතුරාව සිංහරාජ ප්‍රධාන පිවිසුම තෙක් ඇති කිලෝ මීටර් එක හමාරක පමණ වූ මාර්ගයේ මීටර් 1400ක දුරක් කොන්ක්‍රීට් ගල්අතුරා ප්‍රතිසංස්කරණය කිරීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 23 December 2018
ගංවතුරෙන් උතුරේ 45,000ක් පීඩාවට උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 13,646කට අයත් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 December 2018
කොටුවේ ඉදිකිරීම් වැඩබිමක ගැටුමකින් චීන ජාතිකයින් දෙදෙනකු ඇතුළු 5ක් රෝහලේ කොළඹ කොටුව චැතම්වීදියේ ඉදිකිරීම් වැඩබිමක චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් චීන ජාතිකයන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොටුව පොලිසිය කියයි. 23 December 2018
සන්ධානයේ විධායක සභාව හෙට රැස්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. 23 December 2018
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අයෙක් දිය වලකට වැටී මරුට සංචාරකයන් දෙදෙනෙකු සමග ඇල්ලේ සිට කොස්ලන්ද දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි 29 හැවිරිදි තරුණයෙක් අද(23) දවල් දියලුම දියඇල්ලට ඉහළින් ඇති උඩ දියලුම ජල වලකට වැටී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි. 23 December 2018
වැස්සෙන් අවතැන්වූන්ට කඩිනමින් සහන සලසන්න ජනපති උපදෙස් අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් මුදාහරින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇත. 23 December 2018
අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ ගුවන් මගින් ගෙන්වන්න සුව ඇමැතිගෙන් උපදෙස් මහරගම අපේක්ෂා රෝහලේ හිඟ පිළිකා ඖෂධ කඩිනමින් ගුවන් මගින් ගෙන්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 23 December 2018
නකල්ස් රක්ෂිත මාර්ගයේ වාහන තදබදයක් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි ‘රිවස්ටන් ‘ නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයින් වැඩි වීම හේතුවෙන් එම ගමන් මාර්ගයේ අද (23) උදෑසන දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. 23 December 2018
දිය වැලකට හසුවූ දරුවන් තිදෙනෙකු බේරාගැනේ ගල්කිස්ස මුහුදු තීරයේදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි එකම පවුලේ දරුවන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීහු සමත්වූහ. 23 December 2018
ගින්න ගබඩා තුනකට පැතිරෙයි කොළඹ වොක්ෂෝල්වීදියේ ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි. 23 December 2018
යාචකයින් දෙදෙනෙක් අතර ගැටුමකින් අයෙක් මරුට කුරුවිට නගරයේ දී යාචකයෙක් තවත් යාචකයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. 23 December 2018
හංවැල්ල හෙල්ලූ කප්පම් කාක්කා අත්අඩංගුවට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණ තර්ජනය කරමින් කප්පම් ගැනීමේ නිරත වු පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 23 December 2018
පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වසා දැමේ විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් ගමන්ගන්නා පුත්තලම පැරණි මන්නාරම මාර්ගය නැවත දැනුම් දෙන තුරු එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම අසළින් වසා දමා ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ. එම්. ආර්. එන්. කේ. අලහකොන් මහතා පැවසීය. 23 December 2018
සුනාමියකින් ඉන්දුනීසියාවේ 222 ක් මරුට ඉන්දුනීසියාවේ ඇතිවු සුනාමියකින් පුද්ගලයින් 222ක් මියගොස් 600 ක් පමණ තුවාල ලබා ඇතැයි අන්තර්ජාතික ප්රවෘත්ති සේවා පවසයි. 23 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026