(නිමන්ති රණසිංහ)
ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව වන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (30) නියෝග කළාය.
බැරිස්ටර් මහත්මිය ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය පදිංචිය තහවුරු කිරිම සඳහා ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කරන ලෙසත් ඇපකරුවන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවත් සඳහන් කළාය.
රජය අපහසුතාවයට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ යැයි සැකකාරියට එරෙහිව චෝදනා නඟා තිබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි චෝදනාවක්...
දේශපලකයන් ජිනීවා ගිහින් පසුගිය වසර 35 ට හිටපු රජයන් කොතෙකුත් අපහසුතා වලට ලක් කර අැතිද? මොවුන් කවදාද රිමාන්ඩ් කළේ ?
වැඩේ සෙට්ල් කර ගන්න ඇති.
පාලකයන් සැලකිලිමත් විය යුතුයි.
රට කන හැත්තට තුරුළු වෙලා... මේ අයට මොනවා කළත් මදිනේ..