(දසුන් රාජපක්ෂ)
ඝෝෂාකාරී ලෙස ගීත වාදනය වන හෝ වීඩියෝ ක්‍රියාත්මක කරන, පෞද්ගලික සහ ලංගම බස් රථ සම්බන්ධයෙන් 1955 නම් ක්ෂණික දුරකතන අංකය අමතා පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් අද (30) පැවසීය.
එම දුරකතන අංකයට ලැබෙන පැමිණිලි මත බස් රථ රියදුරන්ට සහ කොන්දස්තරවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙම දුරකතන අංකය මගින් මගී ප්‍රවාහන බස් රථ මන්දගාමීව ධාවනය කිරීම, කොන්දොස්තරවරුන් හා රියදුරන් අවිනීතව සහ නීති විරෝධීව මගී ජනතාවට හිංසාවක් වන පරිදි හැසිරීම යන කරුණු සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි කළ හැකි බවද එම ප්‍රකාශකයා පවසා සිටියේය.
1955 ක්ෂණික දුරකතන අංකයට අමතරව ඉදිරියේදී තවත් දුරකතන අංකයක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හඳුන්වාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකන් බොරු ෂෝ විතරයි. මීට කලිනුත් කාලෙන් කාලෙට මෙහෙම දේවල් එනවා. කෝල් කරාම කියනවා, "හරි අපි ඒක ගැන විමර්ශනයක් කරන්නම් කියලා ටක් ගාල ෆෝන් ඒක තියනවා. බස් රූට් එකවත්, බස් නම්බර් එකවත්, අපේ විස්තරවත් අහන්නේ නෑ. ඊ ළඟ පාර ආයෙත් කෝල් කරලා බලෙන් විස්තර දෙන්න ඕනේ. එත් මොන විමර්ශනයක්වත් කරන්නේ නෑ.
දැන් ඕවා තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න... නිකන් බොළඳ වැඩ කරන්න එපා. මිනිස්සුන්ට කන්ට හාල් නැහැ. හාල් කිලෝව 100/- පැනලා. රටළූණු කිලෝව 700/-ත් පැනලා. අනිත් ඒවත් එහෙම තමයි. ප්‍රශ්නේ වලිගයෙන් අල්ලාගෙන ඉන්නේ... නිකන් සෝභන වැඩ කරන්න එපා. මුලින්ම මිනිස්සුන්ගේ නියම ප්‍රශ්නවලට උත්තර හොයන්න. නැතිව බොලඳ වැඩ කරන්න එපා...
මම මේවගේ අංකවලට කොපමණ කතා කර පැමිණිලි කර තිබෙනවාද? එතකොට ඩ්‍රයිවර් වහලා නැවත දානවා.
මෙහි සඳහන් කරලා තියෙන දේවල්වලට තව කීයක් ජාති එකතු වෙන්න ඕනෙද? මෙහෙම වංගු ගහන්නේ නැතිව පුද්ගලික බස් රථවලටත් ලංගම බස්වලට තිබෙන සියලුම දේ අදාලයි. උල්ලංඝනය කළොත් දඬුවම් දෙනවා කිව්වම ඉවරයිනේ.. පුද්ගලික බස්වල "ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි" කියලා ස්ටිකර් එකක් අලවලා තියෙනවා. හැබැයි සල්ලි එකතු කරගන්න කොන්දොස්තරගෙන් ටිකට් එක ඉල්ලුවොත් ඒ මගියාට ආයේ කතා නොකරන්න පිළිතුරක් තමයි ලැබෙන්නේ. සමහර විටක බසයෙන් බහින්නේ තනි පිරිමි කෙනෙක් විතරයි නම් බස් එක හෝල්ට් එකේ නවත්තන්නේ නැහැ. ස්ලෝ කරලා කෑ ගහනවා ඉක්මනින් බැහැගන්න කියලා. ඒ මනුස්සයා ලෙඩෙක්ද, වයසක කෙනෙක්ද කියලා තැකීමක් නැහැ.
සින්දු වල සද්දේ විතරක් නැවැත්තුවම ඔක්කොම හරිද? නවත්වන්න නම් තවත් දේවලුත් තියෙනවා. තරගෙට ඉගිල්ලෙන්න හදන බස්කාරයන්, ඒ අයට ඕනෑ තැන්වල නවත්වලා සෙනඟ පටවාගන්න හදන අයනේ ඉන්නේ...