(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කළ බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පාස්කු ප්‍රහාරය සිදු වූ දිනට පසුව අමාත්‍යංශයට අයත් වාහනයක් සමඟ අමාත්‍යවරයාගේ සොයුරා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා මෙසේ පැමිණි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු දින ප්‍රහාරය ගැන මෙයාගෙන් ප්‍රශ්න කරන එක හොඳයි. හැබැයි හිස්බුල්ලාගෙනුත් ප්‍රශ්න කරන්න ඕනෑ. එයාව සුද්ද කරලා යවන්න බැහැ. මෙයාගෙන් ප්‍රශ්න කරන්න තියෙන්නේ ඒ ප්‍රහාරය ගැන විතරක්මද?
නාට්‍යයේ 4වැනි කොටස පටන් ගෙන ඇත.
අඩුම ගානේ ප්‍රකාශයක් ගන්න හරි මෙතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නපු එක ලොකු දෙයක්. ඒ කාලේ ප්‍රකාශයක් ගන්නවා තියා මෙතුමාට උඩින් ආණ්ඩුවේ මැස්සෙකුටවත් යන්න බැරිවයි තිබුනේ.
ඇමතිලා ඇල්ලුවාම කියන්නේ දේශපාලන පළිගැනීම් කියලා. හිරේ දැම්මේ නැත්නම් කියනවා කෝ හොරු අල්ලුවද කියලා... නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවෙන් නොවන අතර, එය ක්‍රියාත්මක වන්නේ උසාවියෙන් පිළිගත් ක්‍රමවේදයකටයි. නමුත් නීතියේ ඇති හිඩැස්වලින් වංචනිකයින් අැප ලබගන්නා මුත් ඔවුන් එම නඩුවලින් නිදහස් වන්නේ නැත. ඒ කෙසේ වුණත් මේ හොරුන්ට නීතියේ හිදැස්වලින් රිංගායාමට ඉඩ නොදී නීතිය ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර, ඒ සඳහා ජනතා සහයෝගය අපි දියයුතුයි. මේ සඳහා අප විසින් ආණ්ඩුවට තව බලපෑම් කළයුතුයි.
අලුත්ම නාට්‍යය අරාම්භ වුනා. හැබයි ඉතින් බොන්ඩ් හොරු නාට්‍යය නම් පිටපතට සීමාවේවි.
පොඩ්ඩක් ඉන්න බැසිල් එනකල්. මුක්කුව ගහපු ගමන් ඔක්කොම ඉවරයි.....