ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
පුද්ගල තොරතුරු එක් රැස් කිරීම එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට පත් කිරීම මඟින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කරගැනීමට හැකිවනු ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි නිලධාරීන්ට පවසා ඇත.
එකම තොරතුරු ආයතන කිහිපයකින් එක් රැස් කිරීම දැනට භාවිත වන ක්‍රමය බවත් එය එකම පද්ධතියක් යටතට ගැනීමේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ. එමඟින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණය වීම වළක්වා ගත හැකි බව ද ඔහු කීවේය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාව රට සංවර්ධනය කිරීමේදී ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායීතාවක් ළඟා කරගත හැකි බව ද පැවැසීය.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ අදහස් ඉතාම කාලෝචිතයි. රටට වැඩදායකයි. එම නිසා, එළඹෙන මහා මැතිවරණයේදී මෙතුමන්ට අවශ්‍ය බලය ලබාදීමට පුරවැසියන් වශයෙන් අපි කටයුතු කරමු.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන, අධිකරණ, දඬුවම්, වාහන ලියාපදිංචි ආදියත් එයට එකතු කිරීමෙන් විශාල පහසුවක් රාජ්‍ය ආයතන වලටත් ලැබේවි... දැන් උසාවියෙන් වරෙන්තු නිකුත් කළ අයෙක් පදිංචි ප්‍රදේශය අතහැර පලා යාමෙන් පසු වෙනත් පෙදෙසක පොලිසියට ඔහු ගියත් පොලිසියට අල්ලාගන්න බැහැ.
පරිගණක පද්ධති එකතූ කරීමේ මූලික සිද්ධාන්තය.. ජා.හැ. අංකයෙන් ඔක්කොම සම්බන්ධ කරන්න.
තව ඒ එක්තම Bio data එකතු කරගන්න පුලුවන් වුණොත් තවත් හොඳයි.
අපේ නිදහසට මොකද වෙන්නේ?
හොඳ වැඩක්... රාජ්‍ය අංශය ජනතාවට තිත්ත වේගෙන යන්නේ... එක වැඩක් කරගන්න දවස් ගාණක් රස්තියාදුව...
එතකොට හැඳුනුම්පත් දෙක දෙක තියන අයට මොකද කරන්නේ... ඕනම අංකයක් සෙවීම මගින් විස්තර දෙනවද? නැතහොත් මුකුත්ම දෙන්නේ නැත්ද?
එක්සත් අරාබි එමිරේටයේ හැඳුනුම්පත සනසනකොට මෙඩිකල් ගිහින් ලේ පරීක්ෂා කරලා අැඟිලි සළකුණු අරගෙන එ් මගින් අනිකුත් සියලු කටයුතු කරන්න පුලුවන් විදිහට හදලා තියෙන්නේ... එයාපෝට් එකේ පාස්පෝට් නැතුව මේකෙන් යන්න පුලුවන්...
ඉතා හොද අගනා පියවරක්. මේවා තමා වෙන්න ඕන. ඊලග මහ ඡන්දෙන් මෙතුමාට හොද උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට ගන්න පුලුවන් වුනොත් රටට හොද ගමනක් තියෙයි. පරණ මන්ත්‍රීලා ඔක්කොම ගෙදර යවලා අලුත්ම පිරිසක් තෝරන එක මිනිස්සු කරන්න ඔන වැඩක්.
හරියටම චීනේ තිබෙනවා වගේ.
පුදනකොටම කාපී යකා කිව්වා වගේ අපේ නිදහස ගැන කියනවා කෙනෙක්. මේකට අකමැති වෙන්නේ හොරු, අපරාධකාරයෝ. හරිනම් සමාජ ආරක්ෂණ අංකයකුත් ඒගමන්ම නිකුත් කරන්න ඕනේ. බැංකු වලට / බදු ගෙවීම් අදාල කරගත හැකිවන ලෙස. හොර ගමන් බලපත්‍ර, හොර හැදුනුම්පත් හදන්න බැරිවෙනවා හරියට ජාල ගතකළොත්........ ප්‍රසිද්ධියේ මේවා කරගන්න පුළුවන්.
ඉතාම හොඳ වැඩක්. හැබැයි මේ තොරතුරු වල ආරක්ෂාව තම මුලිකම දේ. අර්ථසාදක වගේ ඒවාට දේශපාලන හෙංචයියෝ රිංගලා පිස්සු කෙලිනවා වගේ මේ තොරතුරු අව භාවිත වෙන්න බැරි වෙන්න නීති හදන්න. මොකද අද ලෝකෙම දුවන්නේ තොරතුරු මත. ගූගල්, ෆේස්බුක් වගේ ආයතන මේ තොරතුරු ගන්න බිලියන ගානක් උනත් වියදම් කරයි.
බොහොම හොඳ වැඩක්. මැදපෙරදිග මේ දේ තියෙනවා. හැදුනුම්පත් අංතය ගැහුවම සියලු තොරතුරු එනවා. වාහන නඩු, අපරාධ නඩු ඔක්කොම මේ යටතේ තියෙනවා. හරිම හොඳ වැඩක්.ලංකාව හදන්නනම් මේවා තියෙන්නම ඕනේ.