(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල ආකාරයෙන් සිදුව ඇති බව වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම්දුන් බව ජාතික පොලිස් කොමිසම කියයි.
ජාතික පොලිස් කොමිසම පසුගිය සිකුරාදා(27) රැස් වූ අවස්ථාවේ පොලිස්පතිවරයා මේ බව කොමිසම හමුවේ වාචිකව දැනුම් දුන් බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා අද(30) ලංකාදීපයට පැවසීය.
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම නියමිත ක්‍රමයට සිදු වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඉකුත් 19 දින ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර තිබූ ලිපියකට අනුව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබූ බව නිශාන්ත වීරසිංහ මහතා කීය.
එම වාර්තාව අනුව වැඩබලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත පැමිණ ඉකුත් 18 දින රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම විසින් පාඨලී චම්පික මහතා අත්අඩංගුවට ගනු ලැබීම නීත්‍යනුකූල නියමිත ක්‍රමවේදය අනුව කර ඇති බවට දැනුම් දුන් බවද ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා පවසයි.
පාඨලී චම්පික මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඉදිරියේ දී කථානායක කරූ ජයසූරිය මහතා දැනුවත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. වැඩ බලන පොලිස්පති කොහොමද තමන්ගේම මෑන්ලා වැරදි වැඩක් කරා කියලා රටට ප්‍රකාශ කරන්නේ ? තමන් වැරද්දක් කරා උනත් ඒක හරි කියන රටක අපි ඉන්නවා කියන එක මෙයාත් මුළු රටටම මහ හඬින් කියා තිබෙනවා. ඒකට අප කිසිසේත් පුදුම විය යුතු නැහැ.
අනේ පව් ! අහිංසක මනුස්සයා.............මෙහෙම නොකිව්වොත් ඉතින් කෝට් එක බිමනේ.
මහේස්ත්‍රාත් වරයෙකු නිකුත්කළ වරෙන්තුවකින් කෙනෙක් අත්අඩංගුවට ගැනීම වරදක් නොවේ. ඊට කලින් සිතාසියක් නිකුකර එම කෙනා උසාවියට ගෙන ඒම නේද හරි ක්‍රමය ? දැනට පවතින තත්වය තව වසර පහකින් වෙනසක් ඇතිවුනොත් ඔබලාත් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගැනීම්වලට මුහුණදෙන්න සුදානම් වෙන්න.
නීතිය කාට උනත් පොදු දෙයක්.එක හරියට බලාත්මක කරන එක පොලිසියේ වගකීමක්.
ඒකත් හරිලුද?