( මහේෂ් කීර්තිරත්න)
මාතලේ උකුවෙළ ,ගුරුලවෙල ප්රදේශයේ කුඹුරක වල් ඌරන්ට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි මාතලේ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගුරලවෙල ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ ලේලිය බවද පොලීසිය සඳහන් කළේය.
වෘත්තියෙන් රා මදින්නකු වන මිය ගිය පුද්ගලයා පාන්දර නිවසින් බැරව ගොස් නැවත ඒමට ප්රමාද වූ නිසා සැමියා සෙවීමට බිරිද ගොස් තිබේ. එහිදී අසළ කුඹුරක වැටී සිටින සැමියා දුටු බිරිද ඔහු ඇල්ලීමට යාමේදී විදුලිය වැදී අතර අනතුරුව ඔවුන් සෙවීමට ගිය ලේලිය ද එලෙසම මෙම අනතුරට මුහුණ පා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර විදුලි කම්බි අදින අයට දැඩි දඬුවම් දෙන්න. එවැනි නිවෙස්වල විදුලිය විසන්ධි කරන්න.
මේවගේ මිනිස්සු විදුලි පුටුවේ ඉන්දවන්න ඕනෑ..