(ඩී.කේ.රත්න)
ඇල්ල දෙමෝදර වතුයායේ පැවති ප‍්‍රිය සාදයකදී ගත් ආහාර අසාත්මික වීමෙන් පුද්ගලයින් විසිදෙනෙකු අද (30) දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
වර්ෂ අවසානයේ දෙමෝදර වතුයායේ සේවයේ නියුතු නිලධාරීන් සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයින් සඳහා පැවැත්වූ ප‍්‍රියසාදයේදී ගත් ආහාරයක් හේතුවෙන් අසාත්මිකතාවක් ඇති වී මෙම පිරිස රෝහල් ගත කර තිබේ.
වමනය, බඩරිදුම, ක්ලාන්ත ගතිය හේතුවෙන් මෙම පිරිස රෝහල් ගත කර තිබේ.
මෙසේ රෝහල් ගත කළ පිරිසගේ තත්වය බරපතල නොවන බවද දෙමෝදර රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඇල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටියට දෙමෝදර වත්තේ පෙරන මොනවා හරි ගෙනාවද?