නාය යාමකින් හපුතලේ - බෙරගල මාර්ගයේ එක් මං තීරුවක් වසා දැමේ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර ස්ථාන කිහිපයක නාය යෑම හේතුවෙන් එම ගමන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබේ. 23 December 2018
වැස්සෙන් කිලිනොච්චි වැසියෝ අවතැන් වෙති කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී ඇති අතර ඒ නවය මාර්ගයේ රථවාහන ධාවනයට අඩාල වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීහු පවසති. 22 December 2018
විනෝද සවාරියකට ගිය පිරිසක් විල්පත්තු මහ කැලේ රැය පහන් කරති විල්පත්තුව වනෝද්‍යානය මැදින් වූ මාර්ගයේ යාපනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් වන මැද සිරවී සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවු බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ අධ්යක්ෂ ඒ.එම්.ආර්.එම්.එන්.කේ . අලහකොන් මහතා පැවසීය. 22 December 2018
ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය වන අද (22) අලුයම යෙදුණු සුභ නැකතින් ආරම්භ කෙරිණි. 22 December 2018
ප්රජාතන්ත්රවාදී සන්ධානය හදන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටුවන ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධනායට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂයට අනුමැතිය ලබා දුන්නේය. 21 December 2018
නව අමාත්‍යංශ ලේකම්වරු පත්කරති අමාත්‍යංශ 30 ක් සඳහා නව ලේකම්වරු 30 දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (21) පස්වරුවේ පත්කරනු ලැබුහ. 21 December 2018
අගමැතිගේ නත්තල් පණිවුඩය නත්තල, සතුට සමරන සමයයි. නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයයි. 21 December 2018
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති කැබිනට් නොවන අමාත්‍යවරු තිදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 21 December 2018
ඉකුත් දින 50 තුළ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාකාරකම් ගැන වාර්තාවක් ඉල්ලයි ඉකුත් දින පනහේ ආණ්ඩු සමයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු වූ ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 21 December 2018
අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය . 21 December 2018
එජාපය මැතිවරණයකට යන්න බයයි මහජනතාව තමන් සමඟ සිටින බවට මාධ්‍ය හමුවලදී පම්පොරි ගැසුවද එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට ඉදිරිපත්වීමට බියක් දක්වනවා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා අද (21) පැවැසීය. 21 December 2018
පැණි බීම බද්ද වැඩි කිරීමට පියවර වහාම ක්‍රියාත්මක වන පරිදි පැණිබීම බද්ද වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 21 December 2018
අතුරු සම්මත ගිණුමට සහය දෙන බව සන්ධාන මහ ලේකම් කියයි මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට සහයෝගය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 21 December 2018
ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරනවා - හරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කර බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැති පළමු මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා එසේ පැවසීය. 21 December 2018
පොලිස් පරීක්ෂක රංගජීවට ස්ථාන මාරුවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට මාරුකර ඇත. 21 December 2018
පෙට්‍රල් මිල 10කින් අඩුවෙයි අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල අඩු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 December 2018
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ලබන වසර මුල් කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතා කළේය. 21 December 2018
මිලියන 23 ක කේරළ ගංජා කිලිනොච්චියෙන් හසුවෙයි කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 153 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු කිලිනොච්චිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිළධාරීන් විසින් අත්අංගුවට ගනු ලැබීය. 21 December 2018
ශ්‍රීපාද වන්දනා සමය හෙට සිට උඳුවප් පුන් පොහෝය දිනය උදාවීමත් සමඟ ශ්‍රීපාද වන්දනා සමය හෙට (22) සිට ආරම්භ වන බව ශ්රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති. 21 December 2018
අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර රෝහලට මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ඊයේ (19) සිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. 20 December 2018
ඉන්ධන මිල පහළට ඉන්ධන මිල හෙට (21) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමෙනු ඇතැයි මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 20 December 2018
සන්ධාන මහ ලේකම්ගෙන් කතානායකට ලිපියක් ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා තවමත් සන්ධානයේ කටයුතු කරන බව එම සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කතානායකවරයාට ලිපියක් යවමින් අද (20) දැනුම් දී ඇත. 20 December 2018
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට රැස්වෙයි පාර්ලිමේන්තුව වාර අවසාව කිරීමෙන් පසුව අහෝසිවුණු පාර්ලිමෙන්තු කමිටු ස්ථාපිත කිරීම සඳහා කතානායකවරයා විසින් මෑතදී පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21) රැස්වීමට නියමිතය. 20 December 2018
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා ලබන ජනවාරි 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනාතා රෝෂනී පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය. 20 December 2018
ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක ධූරයට අජිත් පී. පෙරේරා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා නම් කිරීමට රජය තීරණය කර තිබේ. 20 December 2018
‘ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා’ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් පිරිනැමීම පිළිබඳව ඇති අර්බුදය ඉදිරි දින කිහිපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී නිරාකරණය කරගනු ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 December 2018
මේ වසරේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු ඝාතනයට ලක් කරලා 2018 වර්ෂයේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු රැකියා අතරතුරදී ඝාතනය කර ඇති බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි. 20 December 2018
අන්තරේ පාගමනට කඳුළු ගෑස් - ජල ප්‍රහාර අන්තර් විශ්වවිද්‍යාල විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. 20 December 2018
පිටකොටුව අවට මාර්ග තදබදයක් පාගමනක් හේතුවෙන් ටෙක්නිකල් මං සන්ධිය සහ පිටකොටුව අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතී. 20 December 2018
ඇලොසියස් - පලිසේන සම්බන්ධ ඇප නියෝගය 01 වැනිදා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය ලබන 01 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (20) නියෝග කළාය. 20 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026