'විපක්ෂ නායකවරු දෙදෙනෙක්' මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ තමන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකර බැවින් මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනකු සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 19 December 2018
රෝහලේ සිටින දරුවා බැලීමට නාලක ද සිල්වාට අවසර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දරුවකු දැඩි අසනීප තත්ත්වයකින් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඔහු බැලීම සඳහා නාලක ද සිල්වා මහතා රෝහල වෙත රැගෙන යන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (19) නියෝග කළේය. 19 December 2018
නාමල් කුමාරගේ රට යැවු දුරකතනයේ දත්ත වාර්තාව අධිකරණයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව හොංකොං හි විශේෂ පරීක්ෂණයක් සඳහා යැවු දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අද (19) අධිකරණයට දැන්වීය. 19 December 2018
නඩු විභාගය අවසන් වන තෙක් නාලක ද සිල්වාට ඇප නෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය. 19 December 2018
මන්නාරම් මිනීවළෙන් ගොඩ ගත් සිරුරුවල සාම්පල් ගැනීම ඇරඹෙයි මන්නාරම සමූහ මිනීවළෙන් සොයා ගත් සෙසු අස්ථි කොටස්වල කාබන් පරීක්ෂාව සිදුකිරීම සඳහා එහි සාම්පල් ගැනීම ඊයේ (18) සිට ආරම්භ කළ බව එහි කැනීම් බාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. 19 December 2018
මුලතිව් වෙරළේ කොටි සංවිධානයට සමාන ධජ එලලා මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ පවසති. 19 December 2018
බෙලිඅත්තේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 19 December 2018
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක නව අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිනයේදී දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 18 December 2018
එජාපයේ ප්‍රබල ඇමැතිවරයෙකුට මෙවර ඇමැතිමක් නොදෙන බව ජනපති කියයි නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට මෙවර අමාත්‍යධූරයක් නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 18 December 2018
එජාප ආණ්ඩුවකට එක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් නෑ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුටත් කැබිනට් අමාත්‍යධූර , රාජ්‍ය අමාත්‍යධූර හෝ නියෝජ්‍ය අමාත්‍යධූර ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. 18 December 2018
මහින්ද අමරවීර නිල වාහන අමාත්‍යාංශයට බාරදෙයි කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ රාජකාරී කටයුතු කළ මහින්ද අමරවීර මහතා නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටත් පෙර අද (18) සිය රාජකාරී වාහන කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත බාරදෙනු ලැබීය. 18 December 2018
පරෙවි දූපත තාවකාලිකව වසා දැමේ නිලාවේලි මුහුදේ මේ දිනවල පවතින රළු ස්වාභාවය හේතුවෙන් පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 18 December 2018
පිටකොටුවෙන් අහුලා ගත් 190,000 ක මුදලක් පොලීසියට ගෙනැවිත් බාරදෙයි කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ මාර්ගයක අද (18) වැටී තිබූ රුපියල් 1,90,000ක් සහිත මුදල් පාර්සලයක් පදික වෙළඳාමේ නියුතු අයෙක් විසින් අහුලාගෙන කොටුව ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබේ. 18 December 2018
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත ඇගයීමේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකර තිබේ. 18 December 2018
මන්ත්‍ර බලයෙන් අලි මෙල්ල කරන්න ගිය තරුණයෙක් මරුට යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය කතරගම තරුණයකු අද (18) සවස වන අලියකුගේ ප්‍රහාරයෙන් මිය ගිය බව පොලිසිය පවසයි. 18 December 2018
මලික් සමරවික්‍රම අමාත්‍ය ධූරයක් එපා කියයි එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මලික් සමරවික්‍රම මහතා නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ප්‍රකාශ කර තිබේ. 18 December 2018
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්තට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස රාජකාරී ආරම්භ කිරීම අද (18) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. 18 December 2018
ශ්‍රීලනිපයෙන් 3 ක් ආවා - තවත් එන්න සාකච්ඡා නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිව්රුම් දීමට හැකිවෙතියි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 December 2018
ඇමැති මණ්ඩලය පත්කරද්දී සුදුසුකම් බලන්නැයි පැෆරල් ඉල්ලයි නව කැබිනට් මණ්ඩලයට පත්කරන සෑම අමාත්යවරයකුගෙන්ම, රාජ්‍ය ආයතන සමඟ සෘජුව හෝ වක්‍රව ව්‍යාපාරික සබඳතා නොමැති බවට හා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාගන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 18 December 2018
එන්ජින් දෙකම නැවතී - පණගැන්වුණ ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබස්වයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අගනුවර වන කැන්බරා දක්වා ගමන්ගත් ගුවන් යානයක් ගොඩබැස්වීමට යාමේදී එහි එන්ජින් දෙකම ක්‍රියා විරහිත වී තිබේ. එහෙත් පුදුමයකට මෙන්ම එම එන්ජින් දෙකම තත්ත්පර කිහිපයට පසුව නැවතත් ස්වංක්‍රීයවම පණගැන්වීම නිසා ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට හැකිවී ඇත. 18 December 2018
‘කැබිනට් මණ්ඩලය 30කට සීමා කරනවා යැයි අගමැති කිව්වා‘ එක්සත් ජාතික පෙරමුණු සමගි රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය. 18 December 2018
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක් ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 18 December 2018
’විපක්ෂයේ හිඳිමින් සැලසුම් සහගත වැඩ පිළිවෙළක් හදනවා’ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා විපක්ෂයේ හිඳිමින් සැලසුම් සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) පැවැසීය. 18 December 2018
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද සවස රැස්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (18) සවස 5.00ට රැස්වේ. 18 December 2018
මිනිපේ සිංහයාට කොරියාවේ පුරවැසිභාවය කොරියාවේ දී ගින්නකට මැදිව සිටි 91 හැවිරිදි කාන්තාවක් බේරා ගත් නිමල් බණ්ඩාර නමැති ශ්‍රී ලාංකික සේවකයාට කොරියානු රජය මඟින් එරට පුරවැසිභාවය අද (18) පුදනු ලැබීය. 18 December 2018
විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට මිලියන 14 ක ශිෂ්‍යත්ව මධ්‍යම හා නැගෙනහිර පළාත්හි විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 601 දෙනෙකු සදහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම ස්ථාන කිහිපයකදී පැවැත්විණි. 18 December 2018
‘ප්‍රශ්න අමතක කර සියලු දෙනා විපක්ෂය ලෙස එක්විය යුතුයි’ තිබෙන ප්‍රශ්න අමතක කර, සියලු දෙනා විපක්ෂය ලෙස එකට එකතු වී කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 18 December 2018
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට එජාපයේ සහය වේත්‍රධාරී සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු ඇරැඹිණි. 18 December 2018
හිටපු කොටි සාමාජිකයන්ගේ පක්ෂ නායකයාට ත්‍රස්ත විමර්ශන මුලස්ථානයට කැඳවීමක් පුනරුත්තාපනය වී දේශපාලනයට පිවිස නව පක්ෂයක් ආරම්භ කරන ලද හිටපු කොටි සාමාජිකයින්ගේ සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කනේශලිංගම් චන්ද්රලිංගම්ට ත්‍රස්ත මර්දන හා විමර්ශන මූලස්ථානය වෙත හෙට (19) පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත. 18 December 2018
එජාපෙ කණ්ඩායම් රැස්වීම ඇරැඹේ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 18 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026