එජනිසය නව රජයට එක්වනවාද නැද්ද තීරණය ජනපති සතුයි එක්සත් ජනතා නිදහස් සන්ධානය නව රජයට එක්වෙනවාද නැද්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයි එහි මහ ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ලංකාදීපයට අද (16) පැවැසීය. 16 December 2018
හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙනවා වඩා හොඳ ජීවන තත්ත්වයක් ආර්ථික වශයෙන් හා සමාජ වශයෙන් ජනතාවට ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 December 2018
රනිල් අරලියගහ මැදුරට පැමිණේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිට දිව්රුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර අරලියගහ මන්දිරයට පැමිණියේය. 16 December 2018
‘තවම හරියට ප්රජාතන්ත්රවාදය නෑ‘ ප්රජාතන්ත්රවාදය තවමත් හරියට ලැබී නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අරලියගහ මන්දිරයේදී පැවසීය. 16 December 2018
නාමල්ගෙන් රනිල්ට සුබපැතුම් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි. 16 December 2018
‘අලුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි’ නව ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම පිළිබඳව උනන්දු වන්නේ නම් රජය පිහිට වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු ආරම්භ කළ යුතු යැයි පැෆරල් සංවිධානය කියයි. 16 December 2018
පරිසරය ගැන සෙවීමට ඩ්‍රෝන තාක්ෂණය පාරිසරික ප්රශ්නවලදී ස්ථානීය පරික්ෂණ සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. 16 December 2018
2019 පළමු මාස දෙකට අතුරු සම්මත ගිණුමක් ඉදිරි වසරේ පළමු මාස දෙක සඳහා රටේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 16 December 2018
රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දෙයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 16 December 2018
රනිල් ජනාධිපති කාර්යාලයට එයි රනිල් වික්‍රමසිංහ මහතා අද 11.16 ට අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියයි. 16 December 2018
කෝටි 39 ක හෙරොයින් සමඟ බංගලාදේශ තරුණියක් අත්අඩංගුවට බංගලාදේශ ජාතික තරුණියක් මත් කුඩු සමඟ රත්මලානේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. 16 December 2018
නීතිවිරෝධීව කොකේන් ගෙන ආ විදේශිකයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගිනිබිසව් රාජ්‍යයේ ගුවන් මගියෙකු අද (15) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලනය අංශය අත්අඩංගුවට ගෙන තිබේ. 15 December 2018
මහින්ද ඉල්ලා අස්වෙයි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 15 December 2018
18 ට පාර්ලිමේන්තු රැස්වීමට පොදුජන පෙරමුණ සහභාගි වෙනවා ලබන 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා කොළඹදී අද (14) පැවසීය. 14 December 2018
රනිල් ඉරිදා අගමැති ධූරයේ දිවුරුම් දෙයි රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 14 December 2018
ප්රජාතන්ත්රවාදය සහ ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය සහ ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය අද (14) පස්වරුවේ අවසන් කළේය. 14 December 2018
මහින්ද හෙට ඉල්ලා අස්වන බව නාමල් කියයි මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි. 14 December 2018
දඹ රන් බුදු පිළිමයක් සහ භික්ෂූන් වහන්සේ නමක පැහැරගත් 6 ක් රිමාන්ඩ් නාරාහේන්පිට නිවසක තිබූ රුපියල් කෝටි 70ක් පමණ වටිනාකමකින් යුත් දඹ රන් බුදු පිළිමයක් සමඟ භික්ෂූන් වහන්සේ නමක ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ පැහැරගෙන ගියැයි කියන සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුලු සැකකරුවෝ හය දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අයි. එන්. එන්. කුමාරගේ මහතා නියෝග කළේය. 14 December 2018
මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 14 December 2018
ජනපති හා මහින්ද අතර සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර අද (14) සවස සාකච්ඡාවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 14 December 2018
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහි පෙත්සමක් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. 14 December 2018
පුරවැසි බලයේ කැඳවුම්කරුගෙන් සීඅයිඩියට ප්‍රකාශයක් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ බව කියන පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (14) කොළඹ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය. 14 December 2018
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජිත එපා කියයි නැවත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේදී සෞඛ්‍ය අමාත්‍යධූරය කිසිසේත්ම රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 14 December 2018
රත්නජීවන් හූල් ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා මහාචාර්ය රත්නජීව හූල් මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයකුව සිටිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම පිළිබඳව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේදී කතා කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (14) පැවසීය. 14 December 2018
දුම්රියක් හා ලොරියක් ගැටීමෙන් අයෙක් මරුට කුරුණෑගල මැද්දේගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් හා ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි. 14 December 2018
පුද්ගලයන් 11 ක් අතුරුදන් කළ සිද්ධියට තවත් දෙදෙනෙක් රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ සුළු නිලධාරීන් දෙදෙනෙකු ලබන 28 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව වැඩබලන මහස්ත්‍රාත් දිමනි බැද්දේවෙල මහත්මිය අද (14) නියෝග කළාය. 14 December 2018
ව්‍යවස්ථාව කියන්නේ සෙල්ලම්කරන්න පුළුවන් එකක් නෙමේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට විධායක ජනාධිපතිවරයෙක් ගත් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කිරිමෙන් යළි යළිත් තහවුරු කර තිබෙනවා රටක ව්‍යවස්ථාව කාටවත් ඕන ඕන හැටියට කෙළිබඩුවක් කරගන්න බැහැ කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (14) පැවසීය. 14 December 2018
මිලියන ගණනින් හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙක් රිමාන්ඩ් රුපියල් මිලියන 2778 ක වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 20 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් ඩී. පෙරේරා මහතා නියෝග කළේය. 14 December 2018
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි තීන්දුව පිටු 88කින් පාර්ලිමේන්තුව විසිරුවාලීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටු 88කින් සමන්විතය. 14 December 2018
කරාපිටිය පිළිකා රෝගීහු උද්ඝෝෂණයක කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ නේවාසික රෝගීහු, ඔවුන්ගේ භාරකරුවෝ, වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය අද (14) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 14 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026