පාර්ලිමේන්තුව විසුරුවාලීමේ පෙත්සම්වල තීන්දුව සවස 4.00 ට ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 ප්ර්කාශයට පත් කිරීමට නියමිතය. 13 December 2018
මරදාන- දෙමටගොඩ අතර දුම්රිය පීලි පැනීමක් දෙමටගොඩ සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 13 December 2018
පහර දීමකින් පුද්ගලයකු මිය යෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් කටුවන පොලිසිය වටලයි කටුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් අද(12) මිය යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළකරමින් පොලිසිය වටලා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. 12 December 2018
සපුගස්කන්දේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 12 December 2018
හෙරොයින් ජාවාරම්කරුවකුට මරණ දඬුවම කොළඹ මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම නියම කළේය. 12 December 2018
’රනිල්ට බහුතරය නැති බව අද පෙනුනා ’ පාර්ලිමේන්තුවේ අද (12) පැවැත්වුණ ඡන්ද විමසීමෙන් පැහැදිලිවම පෙනුනේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලයක් නැති බව යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට අද (12) පැවසීය. 12 December 2018
පහේ කඩඉම් ලකුණු - විශාඛා 189 රාජකීය 187යි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2019 වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණි. 12 December 2018
ලක්ෂ 19 ක් කොල්ලකෑවාට ජීවිතාන්තය දක්වා හිරේ කෑගල්ල බෝගල පතලේ ලක්ෂ 19 ක මුදලක් මංකොල්ල කෑ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට දසදහසක දඩයක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද( 12) නියම කළේය. 12 December 2018
පාර්ලිමේන්තුවේ තීරණ අපි පිළිගන්නේ නෑ පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වන්නේ නීති විරෝධී ආකාරයෙන් බැවින් එහිදී සම්මත වන කිසිඳු යෝජනාවක් පිළිගැනීමට නොහැකි බව හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 12 December 2018
හලාවත කසළ අංගනය ගිනි ගනී හලාවත වැල්ල කල්ලුකුලියේ කසළ අංගනයයෙහි ඇතිවූ ගින්න අද ( 12 ) දහවල වන විටත් නිවා දැමීමට නොහැකිවීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව හලාවත ධීවරයෝ පවසති. 12 December 2018
ජනපතිගේ ක්‍රියාවට විරුද්ධ පුද්ගලයන් මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවූ ක්‍රියාවලියට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් මර්දනය කිරීමේ ප්රයත්නයක් ක්‍රියාත්මක වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී අද (12) පැවසීය. 12 December 2018
බංගලාදේශයේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනෙකු මරුට බංගලාදේශයේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 12 December 2018
එජාපයට සහය පළකිරීමත් සමඟ ටීඑන්ඒ සංවිධානයට විපක්ෂනායක ධූරය අහිමිවෙනවා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබාගැනීමට සහය පළකිරීමත් සමඟම ද්‍රවිඩ ජාතික සංවිධානයට විපක්ෂනායක ධූරය අහිමිවන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවැසීය. 12 December 2018
අන්තරේ පාගමනක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් පුරහල, මරදාන,ටෙක්නිකල් හංදිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත. 12 December 2018
ඌව පළාත් සෞඛ්‍ය සේවක වර්ජනය අවසන් තමන්ගේ හිඟ අතිකාල දීමනා වහා ලබාදෙන දෙසට බලකරමින් ඌව පළාත් සභාව තුළට කඩාවැදී පැය 3 ක් පමණ කාලයක් විරෝධය පළ කළ ඌව පළාතේ සෞඛ්‍ය සේවකයෝ ප.ව. 2.30 විරෝධතාව නවතා පළාත් සභා පරිශ්‍රයෙන් ඉවත්වූහ. 12 December 2018
බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී සැකකරුවෙකු පලා යයි බන්ධනාගාර බස් රථයකින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් භූමියට රැගෙන ආ සැකකරුවෙකු අද (12) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත. 12 December 2018
අතුරු නියෝගය වළක්වන්නයි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම සිකුරාදාට කල් තබයි තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ,ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන සිකුරාදා (14) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියම කළේය. 12 December 2018
එක්සත් රාජධානියේ අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත යැයි වාර්තා වේ. 12 December 2018
වැලිකඩින් පැන්න සුනිල් ශාන්ත වැඩිදුර පරීක්ෂණ සඳහා සීඅයිඩියට වැලිකඩ බන්ධනාගාරයෙන් ඉකුත් 19 වැනි දා පලා ගොස් මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටියදී සංවිධානත්මත අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව පොලිසිය කියයි. 12 December 2018
සුනිල් ශාන්තට උදව් කළ තිදෙනෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරය තුළට බන්ධනාගාර නිලධාරියකු සේ වෙස්වලාගෙන පැමිණි පුද්ගලයකු සුක්ෂම ලෙස රැගෙන ගිය රැඳවියකු වන සුනිල් ශාන්ත නොහොත් අජිත් වීරසිංහ නැමැත්තාට සැඟවී සිටීමට උදව් උපකාර කළ තිදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 December 2018
මහින්දගේ අගමැති ධූරය අභියෝගයට ලක්කළ පෙත්සම විභාගයට තෙදිනක් මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය සහ කැබිනට් අමාත්‍යධූර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 16,17,18 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය . 12 December 2018
පොහොට්ටුවේ මන්ත්‍රීට පහර දුන් එජනිස මන්ත්‍රී අත්අඩංගුවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තුළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් කුමාර සෙනෙවිරත්න මහතාට පහර දී තුවාල සිදුකළ බව කියන එක්සත් ජනතා නිදහස් සංවිධානයේ හිටපු මන්ත්‍රී නිශාන්ත සරත් කුමාර හෙවත් රාජා යන අය නීතිඥ මාර්ගයෙන් බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 12 December 2018
රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබිණි. විරුද්ධව ඡන්ද ලැබුණේ නැත. 12 December 2018
මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ හමුවූ සමූහ මිනීවල තුළ සිදුකළ කැණීම් වලදී කුඩා ළමුන් 21 දෙනෙකු ඇතුළු මිනිස් සිරුරු 276ක අස්ථි කොටස් හමුවූ බව අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 12 December 2018
ප්‍රවීණ ගායක උපාලි කන්නන්ගර සමුගනී ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අද (12) උදෑසන පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි. 12 December 2018
චිකාගෝ ක්‍රමයට පලා ගිය සැකකරු අත්අඩංගුවට බන්ධනාගාර අත්අඩංගුවේ සිටියදී චිකාගෝ ක්‍රමයට පලා ගොස් සිටි මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා මීමුරේ ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 12 December 2018
වතු කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙටින් අවසන් වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 8 ක් පුරා වතු කම්කරුන් ආරම්භ කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය හෙට (12) අවසන් කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය. 11 December 2018
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් කණ්ඩායමක් ලෙස ඉදිරියට කටයුතු කළ යුතුයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) රාත්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 11 December 2018
විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යොදවයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යෙදවීමට පොලිසිය කටයුතු කරනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය. 11 December 2018
පුරවැසි බලය නියෝජිතයාගේ ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක් පුරවැසි බලය සංවිධානයේ නියෝජිත සමන් රත්නපි‍්‍රය මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රට තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ සහ අරගලයක් නිර්මාණය වන අන්දමේ ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 11 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026