(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අද (20) ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් මෙම ඝණ මිදුම් තත්ත්වයක් පවති.
ඉදිරියට ධාවනය වන වාහනය නොපෙනෙන සේ මෙම ඝණ මීදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස ඉවසිමෙන් රිය ධාවනය කරවන ලෙස හැටන් සහ තලවකැලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd