රංජන්ට එරෙහි නඩු විභාගය ජනවාරි අන්තිම සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය විභාගයට ගැනීම ලබන වසරේ ජනවාරි 28 , 29 සහ 30 යන දිනයන්හි සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින නියම කළේය. 10 December 2018
පාර්ලිමේන්තු ගැටුම ගැන හොයන පොලිස් ලොක්කාත් මැතිසබයට කැඳවයි මැතිසබයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳව විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ද අනිද්දා(12) පාර්ලිමේන්තුවට කැඳවීමට මේ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු කමිටුව තීරණය කර ඇත. 10 December 2018
සිසුවා වෙනුවට විභාගය ලියන්න ගිය මිතුරා කොටුවෙයි මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අදට (10) නියමිත ගණිතය විෂය 1 ප්‍රශ්න පත්‍රය සඳහා අයදුම්කරු වෙනුවට ඔහුගේ මිතුරෙකු විභාගය සඳහා පෙනී සිටි යැයි සැක පිට අද උදැසන අත් අඩංගුවට ගත් බව තිහගොඩ පොලිසිය පවසයි. 10 December 2018
ඉරණමඩු ජලාශයේ සේනානායක මහතුන්ගේ නාම පුවරු ඉවත්කරලා ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකර තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කර ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීහූ පවසති. 10 December 2018
මෝදර වෙඩි තැබීමකින් 5 කට තුවාල කොළඹ මෝදර ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු 5 දෙනකුට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි. 10 December 2018
පොහොට්ටු මන්ත්‍රීගේ නිවසට හානි කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක් රිමාන්ඩ් බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකුගේ නිවසකට පහරදී නිවසේ භාණ්ඩවලට අලාබ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිසියට අවශ්‍යව සිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ සොහොයුරෙකු අධිකරණයට බාර විමෙන් පසු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත්වරයා අද (10) නියෝග කළේය. 10 December 2018
උද්ඝෝෂණයක් නිසා බම්බලපිටියේ රථවාහන තදබදයක් උද්ඝෝෂණයක් හේතුවෙන් බම්බලපිටිටිය ආර්. ඒ ද මැල්මාවතේ සහ ඒ අවට මාර්ගයන්හි දැඩි රථවාහන තද බදයක් පවතී. 10 December 2018
දෙමළ සන්ධානය එජාපයට හේත්තු වූ හේතුව ධර්මලිංගම් කියයි දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහාය පලකිරීමේ රහස මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි දෙමළ ජනතාව තුළ පවතින අවිශ්වාසය හා අප්‍රසාදය යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය. 10 December 2018
ගජමුතු 11 ක් සමඟ පුද්ගලයින් 4 ක් අත්අඩංගුවට ගජමතු 11 ක් ළඟ තබාගෙන සිටි පුද්ලයන් සිව් දෙනෙකු මහනුවර දී හා පල්ලෙකැලේ දී අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි. 10 December 2018
විග්නේෂ්වරන්ගේ නඩු තීන්දුව කල්යයි හිටපු උතුරුපළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුවේ තීන්දුව ලබා දීම ජනවාරි මස 31 වැනිදා දක්වා කල් තබා තිබේ. 10 December 2018
ජනාධිපති තීරණයට එරෙහි පෙත්සම් දෙක සළකා බැලීම කල්යයි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 07 වැනිදා සලකා බැලීමට අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 10 December 2018
කතානායකටත් එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කථානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් නීතීඥවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 10 December 2018
මධ්‍යම පළාත් හිටපු ඇමැති තිලිණ බණ්ඩාර එජාපෙ සාමාජිකත්වය ගනී හිටපු මධ්‍යම පළාත් ඇමැති තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) එක්සත් ජාතික පෙරමුණු සාමාජිකත්වය ගෙන තිබේ. 10 December 2018
උඩරට මැණිකේ කිණිගමදී පීලිපනී කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (9) හවස 6.30 ට පමණ බණ්ඩාරවෙල හා කිණිගම දුම්රිය ස්ථාන අතර කිණිගම බිංගෙය අසලදී පීලී පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 09 December 2018
කහ කබාකරුවන්ගේ විරෝධතා නිසා ප්‍රංශයේ අර්ථිකයට බලපෑම් ප්‍රංශයේ ‘කහ කබාකරුවන්ගේ ‘ විරෝධතා හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එරට මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර් එරට මාධ්‍ය හමුවේ පවසා ඇත. 09 December 2018
විදේශිකයන්ගෙන් කෝටි ගණනක් ගසා කෑ යුවළක් දැලේ සංචාරයන් සදහා ශි‍්‍ර ලංකාවට පැමිණෙන විදේශිකයන්ට හෝටල් ඇතුලූ පහසුකම් සපයන බවට ව්‍යාජ ආයතයක් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යමින් විදේශිකයන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචාකර විවෘත වරෙන්තු ලැබ සිටි සැකකාර යුවළක් වසර 4 ට පසු ගල්කිස්ස සුපිරි නිවාස සංකීර්ණයක සිටියදී අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිස් කොට්ඨාසය කියයි. 09 December 2018
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන තුරු ලංකාවට ණයදෙන ආයතන බලා සිටී ශ්‍රී ලංකාවට මුදල් ලබාදීමට එකඟතාව පළ කරන ලද ණයදෙන ආයතන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලැබෙන තුරු සහ දේශපාලන තත්ත්වයේ යම් ස්ථාවර බවක් ඇතිවන තුරු අදාළ තීරණ පසුවට කල් දමා ඇතැයි රජයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 09 December 2018
රාජ්‍ය නිලධාරීන් 5 ක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන යෝජනාවක් අග්‍රාමාත්‍යධුරය දැරීම අධිකරණය විසින් තහනම් කරනු ලැබ ඇති හෙයින් මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ප්රමුඛ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් මූල්‍ය කමිටුවට හා පොදු විගණන කමිටුවටත් ගෙන්වා ප්‍රශ්න කිරීම සඳහා වන යෝජනාවක් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. 09 December 2018
අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කී බව ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත වාර්තා කරයි. 09 December 2018
ජනපතිගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් නව පුළුල් සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 09 December 2018
බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් ප්‍රභූ ආරක්ෂක අවි - උණ්ඩ තොගයක් අත්අඩංගුවට වෙඩි තබා ගෝනකු මරා සුඛෝපභෝගී රියකින් රැගෙන යමින් සිටියදී අද (09) බදුරලියේදී අත්අඩංගුවට ගත් බේරුවල පත්තේකඩේ මැණික් ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ තිබී ප්‍රභූ ආරක්ෂක ගිනි අවි තුනක් ඇතුළු උණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය පවසයි. 09 December 2018
මකා දැමූ හඬපට හොයන්න නාමල් කුමාරගේ ජංගම දුරකතනය හොංකොං ගෙනයයි ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ නාමල් කුමාර නම් පුද්ගලයාගේ ජංගම දුරකතනය වැඩිදුර පරීක්ෂණ සඳහා හෙංකොං බලා රැගෙන ගිය බව පොලිසිය කියයි. 09 December 2018
මවගේ අධිරුධිර පීඩනයට ගෙනා බෙහෙත් පෙති කෑ බිළිඳකු මරුට මවගේ අධික රුධිර පීඩන රෝගී තත්ත්වයට ප්‍රතිකාර සඳහා ගෙනවිත් තිබූ බෙහෙත් පෙති වැරදීමකින් සපා කෑ කුඩා දරුවෙකු මරණයට පත්වී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 09 December 2018
යාපනය නාගදීප නාම පුවරුවට රතු තීන්ත ප්‍රහාරයක් යාපනය නාගදීපයට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි. 09 December 2018
ත්‍රස්ත විමර්ශන අංශයේ නව අධ්යක්ෂ එස්එස්පී ජයසුන්දර පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට තුඩු තුන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර මහතා පත් කර තිබේ. 09 December 2018
අ‘පුර පොලිස් කාන්තා නිල නිවාසයක අත් බෝම්බයක් පුපුරයි අනුරාධපුර පොලිසියේ විවාහක නිලධාරින් පදංචිව සිටින නිල නිවාසයක අද (09) අලුයම අත් බෝම්බයක් පුපරා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 09 December 2018
රණසිංහ ප්‍රේමදාස නාමයට කවදාවත් අවමන් කරන්නේ නෑ - සජිත් තමා කිසිදවසක පාවාදීම් සිදුකර පියාගේ නාමයට අවමන් නොකරන බවත් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිවරයා ලෙස පත් කිරීමට සෑම සහයෝගයක්ම ලබාදෙන බවත් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මතුගමදී පැවසීය. 08 December 2018
හිටපු ජනපති මහින්ද ඉත්තෑපානේ හිමි හමුවෙන්න යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කල්‍යාණි ධර්ම ශ්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීමට සහ රටේ වර්තමානය තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (08) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණියහ. 08 December 2018
කලහකාරී කොස්තාපල්වරුන් දෙදෙනා පොලිසියෙන්ම අත්අඩංගුවට ගනී වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක පැවති සාදයකදී අද (8) බීමත්ව එම හෝටලයේ දේපලවලට අලාභහානි කරමින් සහ කලහකාරි ලෙස හැසිරුන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 08 December 2018
කොළඹ ජාතික රෝහලට මිලියන 70ක වෛද්‍ය උපකරණ කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී අද (07) සිදුකෙරිණි. 07 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026