( නිමන්ති රණසිංහ )
ලේක් හවුස් ජායාරූප මාධ්‍යෙව්දී ගයාන් පුෂ්පකුමාර මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා අද ( 19) කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මෙම පහරදීමේ සිද්ධිය වූ බවට ජායාරූප මාධ්‍යවේදී ගයාන් මහතා කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අකුරට... නියමයි. ඒත් ඇයි දන්නෑ බැදුම්කර හොරු අල්ලන එක තාම ප්‍රමාද නේද ?
අපි මේක සරල සමීකරණයකට දාමුද? ආණ්ඩුවේ හාදයෙකුට ගැහුවා කියලා අනික් පැත්තේ හාදයෙක් ටක් ගාලා අත්අඩංගුවේ... අනික් පැත්තේ එකෙකුට ලේක් හවුසියේදීම තඩිබාපු කට්ටිය නිදැල්ලේ? නීතිය අකුරට කියලා මෝඩ චූන් එකක් ගමුද? නැත්නම් අනේ කියමුද?
ආ... ඒ කියන්නේ මෙයා සැබෑ චරිතයක්. ස්විස් නාටක විතරක් නෙමෙයි. ඇක්සිඩන්ට් පස්සෙත් ඉන්නවා. ෂුවර් එකටම කිඹුල් නාටකයෙත් ඇති... තවතවත් ඇති.
බැඳුම්කරේ පැමිණිල්ල ඇත්තේ ගොඩක් යට වෙලා ඒවත් ඉදිරියට ඒවී.
එහෙනම් බෙවන් සහ මංජුල පෙරෙරා, ශ්‍රියාලතා, චම්පික ඔක්කොම ස්විස් නාට්‍යයේ චරිත? එතකොට මෙයා වෙන්න පුලුවන් පිස්තෝල කාරයා..? එහෙනම් රිය අනතුරට අමතරව ස්විස් නාටකේටත් කුසලතා සම්මානයක්වත් ලැබෙයි වගේ ....