( +++ නාලක සංජීව දහනායක)
රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සොයා බැලීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව එම ආයතනවලට යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ ආකාරයට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව ඇතුලු තවත් රාජ්‍ය ආයතන කිහිපයකට ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේදී ගොස් ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල අසලින් ගමන් ගන්නා විට රෝගීන් බැලීමට පැමිණි ජනතාව දැඩි අව් රශ්මියෙන් පීඩා විඳිමින් රෝහල් ගේට්ටුව අසල රැඳී සිටිනු දැක ඇත.
රෝගීන් බැලීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකර, ඔවුන්ට ඉඳගැනීමට අසුන් පනවන ලෙසත්, ඔවුන් අව් රශ්මියෙන් පීඩා විඳීම වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් දින තුනක් ඇතුළත ක්‍රියාවට නංවන ලෙසත් ජනාධිපතිවරයා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසිරි අමරතුංග මහතාට දුරකතනයෙන් දැනුම්දී ඇත.
අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසුව තාවකාලිකව එම ස්ථානයට යකඩ බංකු සවිකර වහලයක් සවිකිරීමටද කටයුතු යොදා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයා බැලීම ගැන ජනාධිපති තුමාට ස්තුතියි, නමුත් මේවගේ දේවල් ජනාධිපතිවරයා සොයා බලා උපදෙස් දෙනතුරු සිටිය යුතු දේවල් නෙවෙයි, මේවා අදාල ආයතන වල ඉන්න අයගේ රාජකාරි
මහජනයා? ඒ කවුද? රෝහල්වල නෙමෙයි කිසිම රාජ්‍ය ආයතනයක නොවැදගත්ම කොටස හඳුන්වන්න කියන වචනය තමයි 'මහජනයා'. ඡන්ද කාලෙට රජකරවන ඉන් පස්සේ කැමැත්තෙන් සිංහාසනෙන් බැහැලා දේශපාලුවන් කට්ටියක් ඒ සිංහාසනේ ඉන්දවන නරුමයින් පිරිස හඳුවන්නෙත් ඒ නමින්මයි.
මහමැතිවරණයෙන් 2/3ක ජනවරමක් මෙතුමාට ලබා දීම මේ රටේ අනාගතය ගැන හැඟීමක් ඇති සිංහලයින් විසින් කළ යුතුම දෙයකි. ඉන්පසු වහාම ජනාධිපතිවරයාට පූර්ණ බලතල සහිතව ව්‍යවස්ථාව නැවත වෙනස් කළ යුතු අතර ජනමත විචාරණයකින් තොරව ව්‍යවස්ථාව කිසිලෙසකින්වත් වෙනස් කිරීමට නොහැකිවන පරිදි නව නීති ඇතුළත් කළ යුතුයි.
අපේ සජිත් මහත්තයා නම් එනවා තිවිවේ මේ වගේ ගිනි මධ්යහනෙ නෙමෙයි.
ඔය ප්‍රශ්න ඇත්තටම එන්න ඕන රෝහල් පරිපාලනයෙන් සහ පද්ධතියෙන්. ලංකාවේ හැමදෙයක්ම වගේ තමන්ගේ වැඩක් නම් ස්ට්‍රයික් කරල හරි ගොඩ දාගන්නවා. වෙන ප්‍රශ්නයක් නම් ෆයිල් එකකට දාලා වහලා කාලයට භාර කරනවා. තව ඉතින් වෙන්න පුළුවන් දෙයක් තමයි පරිපාලනය මීට වඩා දැවැන්ත ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න එක.
මේක ටිකක් ප්‍රේමදාස ක්‍රමයට සමානයි. නමුත් විනෝදජනක කාරණාව තමයි මේවාගේ සුළු දේවලුත් ජනාධිපතිවරයා බලන්න ඕන කියන එකයි. කොහොම උනත් ජනපතිතුමනි, ඔහොම යන්............. ඔබට අපේ උත්තමාචාරය !
අපි ඔබතුමා එනකොට හිතුවේ සැබෑ වෙනසක් කරාවී කියලා. නමුත් දැන් නම් හිතෙනවා පරණ වයින්ම අලුත් බෝතලේක දමලා වගේ කියලා.
මේවා තේරෙන්න ඕන නිලධාරීන්ටයි. ඔවුන් හැර අනෙක් සියලු දෙනාම පහත් කොට සැලකීමයි මෙයට හේතුව. මාතර ප්‍රවාහන වෛද්‍යය කාර්යාලය ගැන බලන්න ඩලස් ඇමතිතුමනි මිනිස්සු වෛද්‍යය සහතික ගන්න දුක් විදවන හැටි.
රෝගීන් බැලීමට පැමිණෙන ජනතාවට ඉඳගැනීමට අසුන් පැනවීම සහ ඔවුන් අව්රශ්මියෙන් පීඩා විඳීම වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් යෙදීම පමණක් රෝහල් ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි. පුළුවන් නම් දොස්තර මාෆියාව පාලනය කරලා පෙන්නන්න. ලෙඩුන්ට අඩු වශයෙන් මනුස්සයෙක් ලෙස සලකන්න කියලා දෙන්න. එතකොට බොහෝ ප්‍රශ්න ඉබේම විසදෙනවා.
රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව බලන්න එන්න ඕනේ ඔහොම නෙවෙයි. වෙස් වලාගෙන ඇවිල්ලා මොකක් හරි වැඩක් කර ගන්න උත්සාහා කරන්න ඕනේ. එතකොට බලාගන්න පුළුවන් කාර්යක්ෂමතාවයේ තරම. ජනාධිපතිතුමනි, පුළුවන්නම් ලෙඩෙක් වෙලා ඇඩ්මිට් වෙලා බලන්නකෝ නර්ස් නෝනලාගේ වැඩ කිඩ.
පුලුවන්නම් ජනාධිපති තුමනි ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් එන්නකෝ.
"රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සොයාබැලීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව එම ආයතනවලට යෑමට..." හරියට හරි මහත්තයෝ ඔහොමයි වෙන්න ඕනේ.. නැතුව රෑට ගෙවල්වලට ගිහිල්ලා බලනවයි කියන්න එපා. ඒවා අපි පුංචිකාලේ අහපු කතන්දරවල තිබෙන කෑලි. බුද්ධිය මුහුකුරා ගිහිල්ලා නැතිනිසා ඔය ගොබ්බ කතා එකඑකා කියනවා.