(විනීතා එම් ගමගේ)
ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟයට සහභාගි වීමට යාම සදහා වීසා ඉල්ලා සිටි අවස්ථාවේ වීසා ලබා දීම දෙවතාවක් ප‍්‍රතික්ෂේප වූ බව ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරී මහත්මිය කීවාය.
අවසන් මහා තරඟයේ දී වෙනත් රටවල තරඟකාරියන් වේදිකාවකට නගිද්දී රටේ කොඩිය ගෙන යන්නට කවුරුන් හෝ සිටි නමුත් තමන්ට තනිවම කොඩිය ඔසවාගෙන යන්නට සිදුවූ බවත් තරඟයට වේදිකාවට නැග්ගේ හැඩූ කදුළින් බවත් ඇය කීවාය.
කැරොලයින් ජූරී මහත්මිය මේ අදහස් පළ කළේ ඇය පිළිගැනීම සදහා කොළඹ මහනගර සභාවේ අද (18) පැවැති පිළිගැනීමේ උත්සවයක දීය. සිය සැමියා හා සිඟිති දියණිය ද සමඟ ඇය එම උත්සව සභාවට සහභාගි වී සිටියාය.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී, ලෝක විවාහක රූ රැජින තරඟය පළමු වරට පැවැති අවස්ථාවේ එහි ජයග‍්‍රාහිකාව වූ රෝසි සේනානායක මහත්මිය ගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර එම පිළිගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුව ඇමතූ ඇය තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ සුභ පතන්නට හෝ දිරිගන්වන්නට කිසිවෙකුත් නොසිටියත් ගැහැණියක සතු ධෛර්යෙන් තරඟය අතනොහැර ඉදිරියට ගිය බවය.
වීසා ප‍්‍රතික්ෂේප වූ අවස්ථාවේ තමන් වෙනුවෙන් රෝසි සේනානායක මහත්මිය නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හා චන්දිමාල් ජයසිංහ මහතා පෙනී සිටි බවත් ඔවුන්ගේ සටනේ ප‍්‍රතිපලයක් ලෙස වීසා ලැබුණු බවත් කී ඇය තම වසරක් වයසැති දියණිය දමා ගියේ ඉතාම අපහසුවෙන් බව ද පැවැසුවාය.
පැවැති බාධක නිසා තමන්ට ජාතික ඇදුමක් ගෙන යන්නට පවා අවස්ථාව නොලද බවත් රට වෙනුවෙන් තමන් මේ තරඟය නියෝජනය කරන බව සිතන්නට බොහෝ අංශවලට බැරිවුණ බවත් ඇය කියා සිටියාය.පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් මව්පියන් මිය ගිය දරුවන් වෙනුවෙන් නත්තල් වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරමින් තමන් සමාජසේවා කටයුතු ආරම්භ කරන බව පැවසූ කැරොලයින් ජූලි මහත්මිය කින්ස්බරි හෝටලයේ දී දෙසැම්බර් 23 වැනිදා එම වැඩසටහන පැවත්වෙන බව ද කීවාය.
‘‘ අපි ගැහැණු, අපට කළ නොහැකි දෙයක් නැත. සැමියා දරුවන් සමග නම් තවත් ශක්තිමත්ව කටයුතු කළ හැකියි. මම මගේ ශක්තියෙන් ඉදිරියට ගියා. දැන් මම වඩාත් ශක්තිමත්. සමාජයෙන් අපට සහයක් අවශ්‍යයි.’’ යයි ද ඇය පැවැසුවාය.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානානයක මහත්මිය කියා සිටියේ ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් ඇය ඉදිරියේ දී විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇති බවය. ඇගේ මුල්ම වැඩසටහන වන නත්තල් වැඩසටහනට කොළඹ මහනගර සභාව ද සහය දෙන බවත් නගරාධිපතිනිය කියා සිටියාය.
න්තාවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනු ඇතැයි ද සේනානායක මහත්මිය කීවාය. කොළඹ මහනගර සභාව වෙනුවෙන් සේනානායක මහත්මිය ලෝක විවාහක රූ රැජිනට සමරු තිළිණයක් ද පිරිනැමුවාය. ඇයට සුභ පතන්නට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරු නාගරික කොමසාරිස්වරු ඇතුළු විශාල පිරිසක් එහි එක්ව සිටියහ.




( ඡායාරූප -චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මොන බයිලා ගැහුවත්, මෙයාගෙයි හස්බන්ඩ්ගෙයි හැටි හොඳට බලාගන්න පුලුවන් වුණා. අවිස්සාවේල්ල හෝටලයේ තිබ්බ පිළිගැනීමේ පාටියේදී. මිනිස්සු දෙයක් ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙන්න ඕනෑ. මෙන්න ඒකට....
සුබ පැතුම්...!!!
ඔබතුමියට ඔය තරගය ස්විස්ටර්ලන්තයේ පැවතියානම් පහසුවෙන්ම ස්විස් තානාපති කාර්යාලය හරහා විශේෂ ගුවන් යානයක් ගෙන්වාගැනීමට හැකියාව තිබුනා. ඔබට ජය
ත්‍රස්තවාදියෙක් වීසා ඉල්ලුවානම් නිකම්ම දෙනවා
ඔව් ලංකාවේ තියන තානාපති කාර්යාලවලින් ඉතාම දුර්වල සේවාවක් සහිත තානාපති කාර්යාලය ඇමරිකන් තානාපති කාර්යාලයී. එහි සේවාවන් ලබා ගැනීමට යන්නන් ඉතා දුෂ්කරතා වලට මුණ පානවා. ඇමරිකන් තානාපතිනිය මේවා සොයා බලන්නේ නැද්ද මන්දා ? සේවාවක් ලබා ගැනීමට පැමිණි අයෙක් මා සමග පැවසුවේ ඇමෙරිකන් තානාපති කාර්යාලයට වැඩිය හොදයි ඉතියෝපියා තානාපති කාර්යාලය කියලා. වීසා නිකුත් කිරීමේ කිසිම පදනමක් නැහැ. මොවුන්ගේ වගකීම වන්නේ අදාල තීරණ දැනුම් දීමයි. සිහි කැදවීම් කිසිවකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
මැතිතුමියනි , මේක අපේ රටයි, ඒ තමයි මිනිස්සුන්ගේ හැටි. ඔබතුමියට ධෛර්යය ඇතිකරගන්න ලැබුන මහඟු රුකුලක් කියලා හිත හදාගන්න. තවත් ඉදිරියට යන්න ලැබේවා!!! මගේ ප්‍රාර්ථනයයි. ඔබතුමියට, සැමියාට, බිලිඳියට නිදුක්බව නීරෝගී බව දීර්ගායු ප්‍රාර්ථනා කරනවා!