මැතිසබය විසුරුවීමට එරෙහි පෙත්සමේ තීන්දුව කල්තබා අතුරු නියෝගය දීර්ඝ කරයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිනු ලැබීමේ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබා දෙන තෙක් ගැසට් නිවේදන තාවකාලිකව අත්හිටුවමින් ලබා දුන් අතුරු නියෝගය දීර්ඝ කළේය. 07 December 2018
ඥාණසාර හිමිගේ නඩුව කල් යයි රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන පෙබරවාරි මස 08 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය අද (07) නියෝග කළාය. 07 December 2018
බොරු සාක්කි දුන් පොලිස් සැරයන්වරියට සිරදඬුවම් අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව බොරු සාක්කි දීමේ චෝදනාවන්ට වරදකාරිය වු මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියම කළේය. 07 December 2018
කෝටි 277 ක මත්කුඩු ගෙන ආ සැකකරුවන් රඳවා ප්‍රශ්න කරන්න නියෝග රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ආනයනය කර සන්තකයේ තබා ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනිදා තෙක් දින හතක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය 07 December 2018
විජයකලාගේ නඩුවට නීතිපති උපදෙස් ලැබී නෑ හිටපු රාජ්‍ය ඇමැතිනී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ ඉදිරි පියවර සඳහා මෙතෙක් නිතිපති උපදෙස් ලැබී නැතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (7) කරුණු ඉදිරිපත් කළේය. 07 December 2018
බන්ධනාගාර වලින් දුරකතන 115 ක් සොයා ගැනේ බන්ධනාගාර 15 ක් ආශි‍්‍රතව ගත වු මාස දෙක තුළ සිදුකළ වැටලීම් වලින් ජංගම දුරකතන 115 ක් සමඟ නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි. 07 December 2018
එජාපෙ නායකයාට විශ්වාසය පළ කරන යෝජනාවක් බදාදා පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ලබන බදාදා (12) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය. 07 December 2018
වව්නතිව් සිද්ධියට විරෝධය පා වවුනියාවේ විරෝධතාවයක් මඩකලපුව,වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් හා උතුරු නැගෙනහිර සන්නද්ධ කල්ලි මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීම් කරමින් වවුනියාව ප්‍රදේශවාසීහූ අද (7) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 07 December 2018
විභාග වංචාවට අත්අඩංගුවට ගත් ගුරුවරියට සහ විභාග අපේක්ෂකයාට ඇප අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයකුට ජංගම දුරකතනයකින් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ උත්තර කෙටි පණිවුඩ මගින් යැවීයැයි කියන ගුරුවරියට සහ එම විභාග අපේක්ෂකයා රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දුමින්ද පී මුදුන්කොටුව මහතා අද නියෝග කළේය. 07 December 2018
එජාපයට සම්බන්ධ වෘත්තිය සමිති-සංවිධාන වහාම බල ගන්වයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති, ශාඛා, සංවිධාන සහ බල මණ්ඩල සහ කාන්තා සංවිධාන වහාම ක්‍රියාත්මක වන පරිදි බළ ගැන්වීමට තීරණය කර තිබේ. 07 December 2018
කෝටි 277 ක මත්කුඩු ගෙන ආ යාත්‍රා හිමිකරු අත්අඩංගුවට රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම මත්කුඩු තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට රැගෙන ආ ටෝලර් යාත්‍රාවේ හිමිකරු යටින්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේ දී යටියන්තොට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 December 2018
රංජන්ගේ නඩුව පෙබරවාරි 26 කැඳවීමට නියෝග අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියම කරන ලදී. 07 December 2018
විභාග වංචාවකට උදව්කළ ගුරුවරියට විනය පරීක්ෂණයක් විභාග අපේක්ෂකයකුට ජංගම දුරකතනයක් ඔස්සේ කෙටි පණිවිඩ මගින් පිළිතුරු යැවූ බවට සැකපිට බළන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට පත් පාසල් ගුරුවරිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමේ මූලික විමර්ශනයක් අද (7) ඇරඹූ බව සබරගමු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසීය. 07 December 2018
පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම් විභාගය සිව්වැනි දිනටත් ඇරඹේ පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (7) සිව් වැනි දිනටත් විභාගයට ගැනීම ආරම්භ විය. 07 December 2018
මන්නාරම් මිනීවලෙන් හමුවු සිරුරු 266 දක්වා ඉහළට මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ අද (7) දක්වා සිදුකරන ලද කැනීම් වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 266 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 07 December 2018
විභාග වංචාවකට උදව් කළැයි ගුරුවරියක් අත්අඩංගුවට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවල නිරතව සිටිමින් වෙනත් විද්‍යාලයක ඉංග්‍රීසි විෂය සඳහා පෙනි සිටි විභාග අපේක්ෂකයකුට ජංගම දුරකතනයක් භාවිතා කරමින් කෙටි පණිවිඩ මගින් පිළිතුරු යැවූ බවට සැකපිට විභාග රාජකාරියේ නිරත ගුරුවරික අත්අඩංගුවට ගත් බව බළන්ගොඩ පොලීසිය පවසයි. 07 December 2018
දුරකතනය භාවිතා කර සා.පෙළ ලියු අයෙක් අත්අඩංගුව ජංගම දුරකතනයක් භාවිත කර අපොස සාමාන්‍ය පෙළ විභායේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියු පුද්ගලික අයදුම්කරුවකු සහ ඔහුට ජංගම දුරකතනය මගින් පිළිතුරු කෙටි පණිවිඩ ඔස්සේ එවූ උපකාරක පංති පවත්වන ගුරුවරියක අද (06) අත්අඩංගුවට ගත්බව බලන්ගොඩ පොලිසිය පවසයි. 06 December 2018
රාජ්‍ය ආයතන වල රැස්වීම් පෞද්ගලික හෝටල්වල පැවැත්වීම තහනම් රාජ්‍ය ආයතන වල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පෞද්ගලික හෝටල්වල පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 06 December 2018
දින දෙකකින් ආහාර නොගත් දරුවෝ තිදෙනෙක් පොතුවිල් පොලිසියට එති පොතුවිල් ගම්මානයේ දරුවන් තිදෙනෙකු තමන්ට බඩගිනි බව පවසමින් පොතුවිල් පොලිසියට පැමිණ ආහාරය ඉල්ලා තිබෙන පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තාවේ. 06 December 2018
එජාපෙ නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහින්ද කියයි නඩු වලට බයේ ආණ්ඩුව බාරගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් තමන්ට එල්ල වී ඇති ඕනෑම චෝදනාවකට අධිකරණයේ දී මුහුණ දිමට සුදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය. 06 December 2018
ජනපතිගේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම දිනකින් දීර්ඝ කරයි පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 06 December 2018
හොඳම විසඳුම ජනතා පරමාධිපත්‍යයට ඉඩදීමයි රට තුළ ඇති වී තිබෙන ව්‍යවස්ථාදායක අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට අධිකරණයෙන් දිය හැකි හොඳම විසඳුම වන්නේ ජනතාවට සිය ජනතා පරමාධිපත්‍යය අනුව කටයුතු කරන්න අවස්ථාව ලබාදීම යැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කීය. 06 December 2018
මැතිවරණයක් ඉල්ලා අත්සන් කළ පෙත්සම මහින්දට බාරදෙයි මහමැතිවරණයක් පැවැත්වීමට බලකර සිටීමේ අත්සන් පන්ලක්ෂයේ පෙත්සම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව බාරදීම නාරාහේන්පිට අභයාරාමයේදී අද (06) සිදුකෙරිණි. 06 December 2018
'වෛද්‍යවරයාට පහර දීම ගැන ක්‍රියාමාර්ග නොගන්නේ නම් වර්ජනයකට යනවා’ කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ නම් හෙට (7) උදෑසන 8.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල සොයිසා මහතා පැවසීය. 06 December 2018
අලි රොෂාන්ගේ නඩුව පෙබරවාරි 13 දා සිට විභාගයට වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා සිට දිනපතා විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය (05) තීරණය කළේය. 06 December 2018
ශ්‍රී ලංකාව අවදානම් කලාපයේ ඉදිරියෙන්ම අවුරුදු 20ක් තිස්සේ රටවල් වලට බලපාන කාලගුණික තත්ත්වයන් ශ්‍රේණිගත කිරීම් අනුව 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත. 06 December 2018
එ.ජා.පෙ නැවතත් විදෙස් තානාපතිවරු හමුවෙති ප්රජාතන්ත්රවාදය අගයන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සූදානම් නැති බව පෙන්නුම් කර ඇතැයි එක්සත් ජාතික පෙරමුණ, කොළඹ සිටින තානාපති ප්‍රජාවට ප්‍රකාශ කළේය. 06 December 2018
කුරුණෑගල නගරයේ ඇති දේශපාලන පක්ෂයන්ට අදාළ පෝස්ටර් ඉවත් කරන්න නියෝගයක් කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂවලට සම්බන්ධ පොස්ටර් සහ දැන්වීම් ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා කුරුණෑගල පොලිසියට නියෝග කර ඇත. 06 December 2018
ශ්‍රීපාද මාර්ගය නල්ලතන්නිය දක්වා පුළුල් කරයි එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රී පාද මාර්ගයේ නල්ලන්නිය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වු ප්‍රධාන මර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් ආරම්භ කර ඇත. 06 December 2018
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය තෙවැනි දිනටත් ඇරැඹේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ අද (06) තුන් වැනි දිනටත් විභාගය අරඹා තිබේ. 06 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026