ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති ගාලු කොටුවේ ගොඩනැගිලි සියයට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශීකයින් විසින් මිලට ගෙන ඇති බවත් මෙයට පෙර තුන් දහසකට ආසන්න ජනගහණයක් සිටි කොටුවේ ජනගහණය ද එක් දහස් පන්සියකටත් වඩා අඩුවී ඇති බවත් ගාලු උරුමය පදනම පවසයි. 06 December 2018
කෝටි 277 ක හෙරොයින් අල්ලයි බේරුවල බලපිටිය මුහුදු සීමාවේ හෙරොයින් මත්කුඩු කිලෝ 231 යි ග්‍රෑම් 54 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 06 December 2018
ජනාධිපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පස්වරුවේ පැවැසීය. 05 December 2018
නාමල් කුමාරගේ දුරකතනය විදෙස් රටකට දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් දුන්නේය. 05 December 2018
යාපනය සරසවියේ සිසුන් පස්දෙනා ගොනු කළ පෙත්සම පෙබරවාරි 06 වැනිදාට කල්යයි යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයක් තුළ බුද්ධ ප්‍රතිමාවක් සහිත බුදු කුටියක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිම් කඩ වන බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 05 December 2018
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පෙත්සම් විභාගය හෙටට කල් තබයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව 13 ක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අතරමැදි පෙත්සම්කාරුවන්ගේ වැඩිදුර කරුණු දැක්වීම හෙට (6)දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) තීන්දු කළේය. 05 December 2018
ජනමාධ්‍ය ලේකම් - ගුවන් විදුලි සභාපති කතානායක හමුවට කැඳවයි රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්රාහීව කටයුතු කරමින් සිටින බවට මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇති හෙයින් ඒ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා අද (5) පස්වරුවේ කතානායකවරයා හමුවට කැඳවා උපදෙස් ලබාදුන් බව කතානායක කර්යාලය සඳහන් කරයි. 05 December 2018
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළු වෙයි ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඒ ආශ්රිත මුහුදු ප්‍රදේශ රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 December 2018
හිටපු නාවික හමුදාපතිට ඇප හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටු මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (05) නියෝග කළේය. 05 December 2018
රනිල්ගේ වත්කම් බැරකම් ප්රකාශනය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙත යවන්න’යි නියෝග රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ලබා දුන් වත්කම් බැරකම් ප්රකාශනය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වූ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කර ඇත. 05 December 2018
හිටපු නාවික හමුදාපති පැය 4 ක් බන්ධනාගාර බසයේ හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බසයකින් රැගෙන අවේය. 05 December 2018
ලංකාවත් කෙන්යාවේ සෝමාලියාවේ තත්ත්වයට පත්වීමේ අවදානමක් රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය උත්සුක නොවන බැවින් එය තව තවත් වර්ධනය වෙමින් රට කෙන්යාව, සෝමාලියාව වැනි තත්වයට පත්වීමේ අවදානමක් ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද (5) පැවසීය. 05 December 2018
බස් ගාස්තු අඩු කරනවාද නැද්ද යන්න තීරණය 21 වැනි දා ඩීසල් අඩුවීම පමණක්ම පිළිබඳ නොසිතා තවත් කරුණු 12 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ලබන 21 වැනි දා බස් ගාස්තු අඩු කරනවාද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 05 December 2018
ජන බල මෙහෙයුමේ සංවිධානයට මන්ත්‍රීවරුන් ගමට යවයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දෙන ලෙසට බල කරමින් කොළඹට එන ජන බල මෙහෙයුමේ සංවිධාන කටයුතු සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් මේ සති අන්තයේ තම මැතිවරණ බල ප්‍රදේශවල සංවිධාන කටයුතුවල නිරත වන ලෙස දැනුම් දී ඇත. 05 December 2018
වික්‍රම වීරසූරිය සමුගනී රාජ්‍ය තාන්ත්‍රිකයකු, සිවිල් නිලධාරියෙකු සහ නීතීඥයකු වන ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 05 December 2018
කරාපිටිය රෝහල් රථගාලේ වෛද්‍යවරු ගහගනිති කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද (05) දහවල් රෝහල් පරිශ්‍රය තුළදී ම තවත් වෙද්යවරයෙකුට පහරදී තිබේ. 05 December 2018
ජනපති ඝාතන කුමන්ත්රණයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමට සැලසුම් කරන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අයවලුන් ලබන 11 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 05 December 2018
ප්‍රධාන ඖෂධ 100 ක හිඟයක් ප්‍රධාන පෙළේ ඖෂධ 100ක හිඟයක් ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය. 05 December 2018
‘නේවි සම්පත්’ යළි රිමාන්ඩ් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් ලබන 19 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (5) නියෝග කළේය. 05 December 2018
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳලා නම් ගතයුතු ක්‍රියාමාර්ගය ඒකෙම තියෙනවා - නීතිපති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත්,එබැවින් මෙම පෙත්සම් 13 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 05 December 2018
මන්නාරම් සමූහ මිනී වලෙන් හමු වූ සිරුරු ගණන 250 ඉක්මවයි මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ අද (05) දක්වා සිදු කරන ලද කැනීම් වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 252 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 05 December 2018
‘එජාප නායකත්වය සමඟ මටත් බරපතල ගැටුමක් තියෙනවා’ දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් විනාශ කර අවසානයක් දැකිය යුතු පුද්ගලයකු යම් ප්‍රමාණයකට පමණක් විනාශ කර තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ තමන්ට ද බරපතල මත ගැටුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 05 December 2018
පාර්ලිමේන්තුව විසුරුවාලීමට අදාළ පෙත්සම් විභාගය දෙවැනි දිනටත් ඇරඹේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (05) දෙවැනි දිනටත් විභාගයට ගැනීම ආරම්භ කළේය. 05 December 2018
මහින්ද පාර්ශ්වය පාර්ලිමේන්තු නොඑති අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු තවමත් පැමිණ නැත. 05 December 2018
පාර්ලිමේන්තුව කල් තැබෙයි කල් තැබීමේ විවාදයෙන් පසු පාර්ලිමේන්තුව දෙසැම්බර් 12 වැනි බදාදා පස්වරු 01 තෙක් කල් තැබිණි. 05 December 2018
යුද්ධය හා ත්රස්තවාදයක් එපා කියමින් මුලතිව්හි පෝස්ටර් යුද්ධය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් ’නැවත යුද්ධයක් හෝ ත්රස්තවාදයක් රට තුළ ඇති වීමට ඉඩ නොදේවා!’ යනුවෙන් සඳහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ අද (05) අලුයම් කාලයේදී පෝස්ටර් අලවා ඇති බවට මුලතිව් වැසියෝ කියා සිටිති. 05 December 2018
ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා බඳවාගෙන ඇත්තේ සම්මත ක්‍රමවේදයෙන් බැහැරවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු අධ්යක්ෂ තනතුර සඳහා කර්නල් මංජුල කාරියවසම් මහතා බඳවා ගත්තේ සම්මූඛ පරීක්ෂණ සම්බන්ධයෙන් ගැසට්පත්‍රයේ පළ කිරීමෙන් හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කිරීමකින් තොරව බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකදී අනාවරණය වෙයි. 04 December 2018
සිසුවෙකුට පුටුවෙන් පහරදුන් තවත් සිසුවෙක් රිමාන්ඩ් මුදලට බෝලිං ක්‍රීඩාව කරද්දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි සිසුවෙකුට පුටුවකින් පහරදී උස්සා පොළොවේ ගසා බරපතල තුවාල කළැයි කියන සිද්ධිකයකට අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (04) නියෝග කළේය. 04 December 2018
මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක් ජනතා පරමාධිපත්‍ය බලයට හිස නමා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය අද (4) කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසලින් රිය පෙරහරක් ආරම්භ කෙරිණි. 04 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026