(නිමල කොඩිතුවක්කු)
තනි තනිව හෝ කණ්ඩායම් ලෙස හෝ කටයුතු නොකර පක්ෂයක් ලෙස එකමුතුව ඉදිරි ජයග‍්‍රහණය වෙනුවෙන් සැලැස්මක් ලබාදෙන්නේ නම් එය ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(16) පැවැසීය.
2020, 2025 වෙනවිට පක්ෂය ශක්තිමත් කිරීම සදහා අලූත් මුහුණුවරක් සහ අලූත් නායක පැලැන්තියක් පත්කර ගැනීමේ වැඩපිලිවෙලට සියලූ දෙනා එක්ව ශක්තියක් ලබාදිය යුතු බවත් වික‍්‍රමසිංහ මහතා සදහන් කළේය.
කුරුණෑගල දිස්ති‍්‍රක් පළාත් පාලන නියෝජිතයන් සමග සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘පළාත් පාලන නියෝජිතයන් විදියට ඔබ මෙම ස්ථානයට පැමිනීම ගැන මම ස්තූති වන්ත වෙනවා. මට මේ අය විටින් විට මුන ගැහිලා තියෙනවා.
පාර්ලිමේන්තු ඡන්දෙට අපි මොකක්ද කරන්නෙ කියලා දැන් හැම කෙනාම හිතනවා. අපි හරියට බැහැලා වැඩ කරනවනම් හොද ප‍්‍රථිඵලයක් අපිට ලබා ගන්න පුලූවන්. ඒ වගේම විපක්ෂයේ ඉන්න අනිත් පක්ෂ එක්ක කටයුතු කරනවනම් අපිට මන්ත‍්‍රී ආසන 110 ඉක්මවන්න හැකියාව තිබෙනවා.
අපි සමීක්ෂණ තුන හතරක් කරලා තිබුණා ඒ හැම එකෙකදිම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් හිටියා. ඒ සමීකෂණ දිහා බලපුවහම අපේ අඩුපාඩු කම් තිබුණේ කොතනද කියලා දැනගන්න ඕන.
විශේෂයෙන්ම එංගලන්තයේ කොන්සවේටිව් පක්ෂයේත් සමීක්ෂණ කළා. ඒ සමීක්ෂණ ලැබුනු අවස්ථාවේම අඩුපාඩුකම් හදාගත්තා. පස්සෙන් හිටපු පක්ෂ වැඩිමන්ත‍්‍රීවරු 80 කින් මේ සැරේ දිව්වා. මේ තත්වය අපිට ඉතා වැදගත්. ඊළඟ මැතිවරණ වලදි අපේ අඩුපාඩුකම් අපි නිවැරදි කර ගත යුතුයි.
අපි මෙතනදි කාරණා කිහිපයක් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි. මහා සංඝරත්නය, මැද පන්තිය, තරුණයන් නැතුව අපිට මෙතෙන්ට යන්න බැහැ. මෙතන තිබුනේ පක්ෂ අතර තරඟයක්. එතන තිබුනේ පුද්ගලයන් අතර තරඟයක්. ඒ වැඩකටයුතුවලින් අපි ඒ ප‍්‍රශ්න වලට විසදුම් සෙවිය යුතුයි. ආපහු අපි ඒ සහයෝගය ලබාගත යුතුයි. මේක තමයි පක්ෂයක් විදියට අපිට තියෙන අභියෝගය.
විශේෂයෙන්ම තීරණ ගනිද්දි ඒ තීරණ මහා සංඝරත්නය පිලිගන්නේ නැත්නම් අපි තනි තනිවම කණ්ඩායම් හැටියට තීරණ අරගෙන ඒ තීරණ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේවෙලාවේ හැම කාරණාවක් ගැනම මහා සංඝරත්නයත් එක්කත් මම සාකච්චා කරනවා. ඒ වගේම පල්ලිය එක්කත් සාකච්ඡුා කරනවා. අන්න ඒ සහයෝගය නැතුව අපිට ඉදිරියට යන්න බැරිවෙනවා.
කොහොමද මැද පන්තිය හිතන්නේ. කොහොමද තරුණයන් හිතන්නේ. මොකක්ද අලූතින් කරන්න වුවමනා. අන්න ඒ කාරණා අනුව තමයි අපිට වැඩ කටයුතු කරන්න තියෙන්නේ.අපේ ආණ්ඩුව විශාල සේවයක් කරපු ආණ්ඩුවක්. අපි ඒ ගැන කතාකලේ නැහැ. ඒකයි අපට තිබුනු ප‍්‍රශ්නය.
ඒ වගේම පක්ෂයේත් දැන් අලූත් මුහුනුවරක් අවශ්‍යයි. අලූත් නායක පැලැන්තියක් අවශ්‍යයි. අපි හැමදාම මෙහේ ඉන්නේ නැහැ. 2020, 2025 වෙනවිට පක්ශය ශක්තිමත් කළ යුතුයි. ඒ වෙනකන්වත් ඉන්න වුවමනා වෙන්නේ නැහැ. අපි දැන් එතෙන්ට සංවිධානය වෙන්න ඕන.
මමත් කියලා තියෙන්නේ මේකේ මම හැමදාම ඉන්නේ නැහැ. ඉන්න වුමනාවකුත් නැහැ. නමුත් කොහොමද ඉදිරියට යන්නේ කියළා මුලූ පක්ෂයක් විදියට සැලැස්මක් ලබාදිය යුතුයි. අපි ඔක්කොම පක්ෂයේ සියලූ දෙනාම ඒකෙන් වාසියල් කබා ගත යුතුයි. සාකච්ඡා කරලා සැලැස්ම ලබාදෙන්න මම ඒ සැලැස්ල්ම අනුව වැඩ කරන්න සූදානම්.
මේ සැලැස්ම එකමුතුව ලබාදෙන්න. එහෙම නැතුව කණ්ඩායම් හැටියට දෙන්න බැහැ. ඒ වගේම දැනට මම කියලා තියෙනවා පක්ෂයේ ව්‍යවස්ථාවේත් සංශෝධන කරන්න කියලා. මේ ඔක්කොම කරන්න නම් අපි එකමුතුව කටයුතු කළ යුතුයි.’’ යැයිද ඔහු එහිදී සදහන් කළේය.
මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2025 වෙනකනුත් නායකකම තියා ගන්න නම් හිතා ගෙන ඉන්නේ එක්සත් ජාතික පක්ෂයට දෙවින්ගේම පිහිටයි !
තියෙන ප්‍රධාන අඩුපාඩුව රනිල් නමැති දිනන්න බැරි පුද්ගලයෙක් පක්ෂයේ නායකයා ලෙස සිටීම. ඕක තේරුම් ගන්න බැරිනම් අවුරුදු 28 කට පසුවත් කිසි වැඩක් නැත.
ඔබතුමා අයින් වුණා නම් හරි නායක කමෙන්...
තවත් පව් නොදී ගියානම් නම්බුයි නේද? තරුණ ජවය ගැන මහල්ලන් මීට වඩා හිතන්න ඕනේ. ඔබට දැන් 70 පැනලා. කවදාවත් දිනුවේ නැහැ. නායකයන් ඉන්නවා මැච් දිනවන සහ නිකම් ඇඳගෙන ගිහින් පරදින... ඔබ නිකම් ඇඳගෙන යන්නෙක් විතරයි. ඒ වගේම පරාජිතයෙකුත් විතරයි.
මෙච්චර අත්දැකීම් තියෙනවා කියන පරිණතයි. බුද්ධිමත් කියාගන්න මේ මහතාට ගිහින් ගිහින් පස්ස බිම ඇන ගත්තේ කොතැනද කියලා මීට වඩා හිතන්න පුළුවන් නම් මොලේ පාවිච්චි කරලා මේක වෙන කෙනෙකුට බාරදීලා යන්න. තණ්හාව වැඩියිනේ..
ඔබතුමා පමණක් මාධ්‍ය සාකච්ඡා පවත්වන්න. හැම කොල්ලටයි බල්ලටයි දෙන්න එපා. ඒකෙන් තමයි පහුගිය දවස්වල ඔක්කොම විනාශ වෙලා ගියේ... නැත්නම් අදත් අගමැති.
අපට පව් නොදී යන්න...
තමුන් පක්ෂයේ නායකයා වෙච්චි. කොන්ද කෙලින් තියාගෙන හරියට වැඩක් කරන්න බැරුව දැන්ද මොලේ පෑදුනේ? තමුන් නායකකමේ එල්ලීගෙන කරපු සමහර වැඩ නිසා පක්ෂය බේධ භින්න වුණා. දැන්නම් ගොඩ යන එක එතරම් ලෙහෙසි වෙන එකක් නැහැ...