(නිමල කොඩිතුවක්කු)
පක්ෂ නායකත්වය නොමැතිව ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
තමන් කොන්දේසි වලට යටත්වන පුද්ගලයකු නොවන බැවින් කිසිඳු කොන්දේසියක් මත කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
“සජිත් ප්‍රේමදාස මහතා ගමින් ගමට ජනතාව මුණ ගැසීම” ජන රැළි මාලාවේ ජනහමුවකට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී අද (17) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මුරණ්ඩු ලෙස පක්ෂ නායකත්වය ලබා ගැනීමටත් තමන් කටයුතු නොකරන බවත් පැවසූ ප්‍රේමදාස මහතා පාක්ෂිකයන් බහුතරයකගේ ඉල්ලීම අනුව කටයුතු කිරීමට සූදානම් බවත් එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම කෙලින් කතා කරන්න. මහජනතාවගේ ප්රසදය ලැබේවි
ජනතාව රවට්ටන්න බැහැ
අපේ ගෝඨාභයට කිසිම තනතුරක් නොමැතිව මැතිවරණය ට තරග කොට ජනාධිපති වීමට හැකිනම් ඔබට නොහැකි මන්ද ? ඔබවටා සිටින අන්තවාදී කණ්ඩායම ගැන සැලකිලිමත්වන්න
ලංකා දේශපාලනයේ අසාර්ථකම දේශපාලන නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාස ගතවී ඇත.
මොහු කොතරම් දුර්වලයෙක්ද කියනවා නම්, මෙවර තම ආසනයෙන් ගත්තේ 30% කි. එය මෛත්‍රි, ෆොන්සේකා, හා රනිල් සිය ජනාධිපති තරගයන් දී, තිස්සමහාරාමය අසුනින් ගත් ඡන්ද ප්රතිශතයටත් වඩා අඩු වූ ප්රතිශතයකි. මොහුට උඩගෙඩි දෙන අඳ බාලයන්ද පැරදුනේ "මහා පරිමාණයෙනි" රනිල් මෙන්ම, මොහුද අයින් විය යුතුය. රනිල්, සිංහල බෞද්ධයින්ගේ, විශ්වාසය ගත හැකි, අයෙකුට තාවකාලිකව හෝ බාර දිය යුතුයි.
මදැයි කළා.. දැන් ඉතින් කාට කියලද කොස් ඇට ටික බාවගන්නේ?
මේ මනුස්සය නාහෙට අහන්නේ නැති අසංවර පුද්ගලයෙක්. කිසිම නායක කමකට එහෙම කෙනෙක් සුදුසු නෑ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්, මිනිසුනි ලැබේද මින් සැනසීමක්... ඒ සින්දුව නම් නියමයි.
රනිල් වගේ රටේ ජනතාව අතර ජනප්‍රියතාවයක් නැති නායකයෙක් නිසා මෙම පක්ෂය විනාස උනේ
එහෙම කරන්න එපා ඔන්න ඔහොම තව ටික කාලයක් කොට අදින්න. එයා ගියාම එන්න පුළුවනි.
සජිත් රුපියල් මිලියන 260ක් ණයලු. එවැනි බංකොලොත් අයෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය හැකිද?
ඔක්කොම වැඩ බලෙන් නේද? බලෙන් ගන්න දේවල් හරි යන්නේ නැහැ.
"මුරණ්ඩු ලෙස පක්ෂ නායකත්වය ලබා ගැනීමට තමන් කටයුතු නොකරන බවත්" -. කවුරුහරි සිංහල දන්නා කෙනෙක් මට කියා දෙනවද මෙයාගේ හැසිරීමට කියන වෙනත් වචන තියෙනවද කියල?
ජනාදිපති තරගයෙන් ඔබ ප්‍රතික්ෂේප කරා නම් ඔබ අගමැති කම ලැබේ ද? ඔබ ඉක්මන් වූනා.
....ඔබතුමා අලුත් පක්ශයක් හරි හදලා එන්න...අපි ඔබතුමා සමගයි ..ජයවේවා
ඉතාම හොද තීරණයක්. කිසිම පක්ස සංවිදානයක් කරන්න බැරි පක්ෂය වලපල්ලට යවපු ඔය නායකයාව මේ පාර පන්නලම දානකම් සටන නවත්තන්න එපා. මෙයා වටේ ඉන්න කිසිම වැඩකට නැති මෙයාට පන්දම් අල්ලන පක්ෂය බලු කරපු කට්ටියත් පන්නලම දාන්න.
මෙයා නම් පක්ෂෙට වැඩේ දෙනවා ගානට. රණ්ඩු වෙලා ජනාධිපති අපේක්ෂක කම ගත්තා. අඩුම ප්‍රතිශතයෙන් පක්ෂයට සැළකුවා. දැන් ඉතිරි ටිකත් කරනවා. නියමයි. අපි නම් ඕකට කියන්නේ මුරණ්ඩුකම කියලා තමයි.
ඔක්කොටොම වඩා සමගිය බලය වේ. නැවත ප්‍රථමික පන්න්තියට සිත යොමු කර මෙහි තේරුම හොදින් හිතට ගන්න.එතකොට දිනුමක් ලාබාගන්න අනිවාර්යෙන්ම පුළුවන් බව මගේ හැගීමයි.ඔය දේශපාලනයේ සදහටම හතුරු කවුරුත් නැහැ.ඔයා ආවත් පකිස්ථානයේ දැන් සිදු වෙන වැඩ කරනවා කියල හිතන්න බැහැ.
වැඩ කාරයන්ට දිනීමට තනතුරු අවශ්‍ය නොවේ
එතකොට අර ස්වාමීන්වහන්සේලා කිව්වේ මුසාවක්ද ?
අනේ අපොයි ඔය පාක්ෂිකයන්ගේ බහුතර ඉල්ලීමද ? රැට කලබ් ගානේ යන උදවියගේ ඉල්ලීමද ? රටක නායකත්ව පුටුව කියන්නේ එසේ මෙසේ සැහැල්ලුවට ගන්න පුළුවන් , සෙල්ලම් කරන්න පුළුවන් කාර්යබාරයක් නෙමෙයි . අපි නම් පාරේ යන්නෙත් කොන්දේසි වලට යටත් වෙලයි . මේ රට කාගේවත් බුදලයක් නෙමෙයි පරම් පරාවෙන් ලැබෙන්න . අනික් හැමදෙනාටමත් බලපෑම් කරන්න පුළුවන් මට නායකත්වය දෙන්න කියල. කෑදර කමත් වසල සුත්තරයට අයිති වෙනවා . අවසානයේ පිරිහීම , විනාසයට ලංවුනේ ඒ නිසයි. තවත් ලැජ්ජා නැහැ .
අලුතින් පක්ශයක් හදාගෙන එන්න බලන්න. එජාපය කොහොමත් රනිල් සමගම අභාවයට යාවී. එයා ඕක අකිලට දෙන්න තමා බලන් ඉන්නේ. අනික ඔබතුමා මීට වඩා පණ ඇතුව නායකයෙක් ලෙස වැඩ කරන්න ඕනනේ.
තමන්ගේ ආසනය වත් දිනා ගන්න බැරි පුද්ගලයෙක් පාක්ෂිකයන් බහුතරයක් ගැන කතා කරනවා.
දෙයියනේ කියල මේ පක්ෂය විනාශකරලම දාන්න පුතානෝට යෝද බලය යෝද ශක්තිය ලැබේවා ... අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුන දේම මේ දැවැන්ත පක්ෂයටත් සිද්දවෙනු ඇත.
ආයෙත් කුණු කුණු ගගා ඉඳල ලබන මාර්තුවෙත් ඇන ගන්නවා. දෙන්නම යන්න. යන්නම යන්න.
ඔලුව ඉදිමුන අදහස් නිසා පරාජයට හේතු විය. නායකත්වයට ගරු නොකිරීම මුලික හේතුව වේ
ඔබතුමා කොහොමත් අගමැති අපේක්ෂකත්වයට සුදුසු නැහැ
උසනම් ජනපති, මිටිනම් අගමැති. ඔබ වාගේ උගතෙක් තමයි මේ රටට ගැලපෙන්නේ...
මොනවා කළත් ඉතින් සොරිම තමයි. ආයේ ගොඩයෑමක් නැත.
මුරණ්ඩු කමක් ලෙස පක්ෂනායකත්වය ලබා ගන්න ඕන නැහැ. කොහොමත් සජිත්ට තමා නායකත්වය හිමි වන්නේ. රනිල් කපටි විධිහට බොරු කමිටු දාමින් හැමදාම මග හැරියා. පක්ෂය වලපල්ලට යවලා ඉවරම කරන්න තමයි රනිල් හිතන් ඉන්නේ. මොකද ජනාධිපතිකම ගන්න බැරිවුනා එක තමා වෛරය. දැන් ස්වේචාවේන්ම අයින් වෙන්න. බොරුවට තරුණ නායකයින් ගෙනාවා කියා කියා කාලය මරන්නේ නැතිව . තව ඕනනම් අගමැති අපේක්ෂකයා විධිහට ඉල්ලලා බලන්න .එතකොට ජන ප්‍රසාදය තේරෙයි. රනිල් මේ පක්ෂයෙන් ගිය දාට පක්ෂයට වාසනාව එයි. අවුරුදු 25ක් එකම නායකයා ලෙස සිටින පක්ෂය ලෝකෙන්ම මෙයා පමණයි .
තාත්ත කල දේ පුතත් පක්ෂෙට කරලා පක්ෂය කාලා දානවා.
ලංකා දේශපාලන අම්බරේ පැයූ දීප්තිමත්ම තරුව ඔබයි. උසනම් සිකුරිට් මිටිනම් කම්කරු, මේ ලෝකේ ඔබතුමා තරම් දක්ෂයෙක් තවත් ඇතිද?
ඔබතුමගේම කට්ටියක් තම මේ කකුලෙන් අදින්නේ, මේක කරන්නේ හිතාමතාම තමා. හදන්න වෙනත් පක්ෂයක ඉදිරිපත් වෙන්න ඊටපස්සේ, තවත් බොරුවට ණය වෙන්න එපා. වැඩක් නැහැ, මේක විහිළුවක්.
සජිත් මහාත්තයෝ හදිසි නොවන්න දුර බලන්න මෝඩයෝ දාහක් කියන දේට වඩා පන්ඩිතයන් එක් අයකු කියන දෙ අසන්න ඉක්මන් කොටයි තද සුලං නියගෙටයි වැඩි හොදේ දබරෙටයි ඔයා මෙ රටෙ රජවෙනවා. ඇයි හදිසිය තව ඔයා පරිනත විය යුතුයි තාම සුදුසු වෙලාව නොවෙයි තරග කරන්න.
පුතානෝ පැරදුනේ නායකත්වයේ ප්‍රශ්නයක් හින්දා නොවේ, වේදිකාවේ නැගලා දාපු ගොන් පාර්ට් සහ ගොන් ටෝක් නිසා. රටේ සුබසිද්ධිය සදහා මොනවද මෙතුමා කීවේ ?? මුකුත්ම නැත. තනිකරම විහිළු කරේ. අන්තිමට තරුණ තරුණියන් අතරේ ජෝකර් කෙනෙක් වුනා.
මස් රාත්තලම ඉල්ලන හැටි.
දිනනවානම් නායක කමක් වැඩක් නැහැ, ඔයාට බැහැ, ඒකට හොදම උදාහරණය පහුගිය මැතිවරණයෙන් දැක්කනේ, ඒ නිසා බැරි දේ බෑම කියල හිත හදාගන්න.
ලේල්වල ඔයා හරියටම හරි කිව්ව දේ මෙය ඉක්මන් වුනා වැඩ්යි. ඉවසන්න පුරුදුවෙන්න ඕනේ. මෙයාට දේශපාලන මඩගොහොරුවේ ඉන්න ඔය මහමොරු විනාශ වෙලා ගිය දිනකයි නැගී එන්න තිබුනේ, තව මහකාලයක් නැහැනේ. බලන්නකෝ අල්ලාගෙන නේ ඇවිදින්නෙත්. ඉවසන්න අනේ ඉවසන්න.