( +++ ඉන්දිකා රාමනායක)
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් 42කට ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
මෙම නිලධාරීන් නුගේගොඩ අවේක්ෂණ බුද්ධි කොට්ඨාසයට මාරුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 110ක් පමණ සේවය කරමින් සිටි අතර ඔවුන් අතුරින් 42කට මෙසේ මාරුවීම් ලබාදී ඇත.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දැනට අහෝසි කර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ එකක් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ඇති බවත් පොලිසිය පවසයි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මකව පවතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එකඑක කොට්ඨාශ නීතිගත කරලා තියන්න. ඇමතිවරු-ආණ්ඩු මාරු වෙනකොට වෙනස් කරන්න බැරි විදියට...
එතකොට එහෙනම් ඒකත් ඉවරයි.
නැතිව නැතිව. පහුගිය ටිකේ ලෝක හොරු ටික කෑමොර දුන්නේ අතන අවුල්, මෙතන අවුල් කියකියා. පරිස්සමෙන් බලාගෙන ඉන්නකෝ...!!