(මහේෂ් කිර්තිරත්න)
පවතින අධික වර්ෂාව නිසා නාය යෑම් සහ ගල් පෙරලිමේ අවදානමෙන් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම කළු ගල් කැඩීම් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා පැවසිය.
දැඩි වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා නාය යාමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් මෙම පියවර ගෙන තිබෙන බවත් රත්තොට කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරීන් මගින් අදාල අත්හිටුවීම් නිරික්ෂණ කටයුතු සිදු කරන බවද ලේකම්වරයා පැවසිය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය යැමේ අවදානම් සහිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති රත්තොට ප්‍රදේශයේ ස්ථාන රැසක ගල් පෙරලිම් නාය යැම් පස් කදු කඩා වැටිම් සිදු වි ඇති බවද ලේකම්වරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තොට ප්‍රදේශයේ කාලයක් තිස්සේ කදු මුදුන්වල,ජල මූලාශ්ර ආශ්රිතව කලුගල් කඩනවා.දූෂිත රජයේ නිලධාරීන් හා දේශපාලුවෝ නිසා ඉතා විශාල පරිසර හානියක් සිදුවෙලා. නායයාමට මූලික හේතුව ඒකයි. මේ නිසා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා අහිමි වෙලා . ජාවාරම්කරුවන් මුදල් බලයෙන් සියල්ල යටපත් කරගෙන. විශාල විනාශයක් වීමට පෙර ජනාධිපතිතුමාගේ අවධානය යොමුවේවා !