එජාපෙ කණ්ඩායම් රැස්වීම ඇරැඹේ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 18 December 2018
විපක්ෂ නායක පුටුව මහින්දට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිටහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස නම් කිරිමට එක්සත් ජනතා මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත. ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙමින් තිබේ. 18 December 2018
නව ඇමැතිවරුන්ගේ යෝජිත නම් ලැයිස්තුව අද දහවල් ජනපතිට නව අමාත්‍ය මණ්ඩලය සඳහා පත්කිරිමට යෝජිත මන්ත්‍රිවරුන් 30 දෙනෙකුගේ නාම ලේඛනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (18) දහවල් යැවීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය. 18 December 2018
ඇලොසියස් - පලිසේන යළි රිමාන්ඩ් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (18) නියෝග කළාය. 18 December 2018
කෝටි ගණනක මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට පුද්ගලයන් කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන 46 හැවිරිදි කාන්තාවක් නවගමුව කුලී නිවසක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 18 December 2018
රැප් සංගීතය පාලනයට රුසියාව තීරණය කරයි රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 17 December 2018
යුද හමුදාව උතුරේ ඉඩම් අක්කර 69754.59ක් නිදහස් කරලා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල 2009 වසරේ සිට මේ දක්වා යුද හමුදා පරිහරණය කළ ඉඩම් අක්කර 69754.59 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බව යුද හමුදාව පවසයි. 17 December 2018
අගමැති රනිල්ගෙන් නව පක්ෂයක් ’’ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ’’ නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 December 2018
මාදුරුඔය රක්ෂිතයත් විනාශයට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාදුරු ඔය රක්ෂිතයේ අභ්‍යන්තරයේ මහා වන සංහාරයක් සිදුවෙමින් පවතිතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. 17 December 2018
ගාලු පාරේ තදබදයක් ගාලු පාර, කොල්ලුපිටිය මං සන්ධිය සිට දැඩි රථ වාහන තද බදයක් පවතින බව පොලීසීය පවසයි. 17 December 2018
දෙමළ සන්ධානයේ ඉදිරි ගමන ශ්‍රීලනිප ස්ථාවරය අනුව එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ජාතික සමගි ආණ්ඩුවට සහයෝගය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ගිවිසුමකට එළැඹුනහොත් දෙමළ ජාතික සන්ධානය තවදුරටත් විපක්ෂනායක ධුරයේ කටයුතු කරන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට පැවැසීය. 17 December 2018
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එජාපයට ගන්න පෙර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සොයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම්කරුවන් කුමන්ත්රණකරුවන් කිසිවෙකුත් නව රජයට එකතු කර ගන්නේ නැතැයි ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබාගන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 17 December 2018
ප්රජාතන්ත්රවාදී විසඳුමක් ලබාදීම ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක් උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප්රජාතන්ත්රවාදී විසඳුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය අද (17) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 17 December 2018
නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. 17 December 2018
පාර්ලිමේන්තුවේ ගිනි බියකින් සේවකයින් ඉවත් කරයි පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කළහ. 17 December 2018
පක්ෂ නායක රැස්වීමක් හෙට කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය . 17 December 2018
අගමැති රනිල් අරලියගහ මැදුරෙන් යයි ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගියේය. 17 December 2018
පාර්ලිමේන්තු කළහයේ විමර්ශන රහස් පොලිසියට පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ. 16 December 2018
‘රටතුළ සිටින බහුතරයක් දේශපාලනඥයින් දුෂිතයි‘ රටතුළ සිටින හා පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලඥයින්ගෙන් බහුතරයක් දුෂිතයින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) පැවසීය. 16 December 2018
‘අගමැතිගේ දේශපාලනික සේවය අනික් දේශපාලනඥයින්ට ආදර්ශයක්‘ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගම දහම අනුව කටයුතු කරමින් සැබෑ බෞද්ධයකු ලෙස රට වෙනුවෙන් සිදුකරන සේවය අනිකුත් දේශපාලඥයින්ට ආදර්ශයක් බව කොල්ලූපිටිය වාලූකාරාමයේ විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමියෝ කොළඹදී අද (16) පැවසූහ. 16 December 2018
පොලිස් ලොක්කෙකුගේ නිවෙසට ඇතුළු වී නිල ඇඳුම සොරාගනී පොලිස් පරීක්ෂකවරයකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වු නාඳුනන පිරිසක් ඒ මහතාගේ පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි ප්‍රධාන දොරටුවට වෙනත් අගුලක් සවිකර පලා ගොස් ඇති බව පැමිණිල්ලක් කර ඇතැයි දෙහිවල පොලිසිය පවසයි. 16 December 2018
එජනිස මන්ත්‍රී කණ්ඩායම් විශේෂ රැස්වීමක් අනිද්දා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අනිද්දා (18) පෙරවරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වේ. 16 December 2018
පාර්ලිමේන්තු සම්ප්‍රදායට- ප්රජාතන්ත්රවාදයට ගරුකරමින් අගමැතිකම ආපහු දුන්නා රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්රජාතන්ත්රවාදයට ගරු කරන නායකයෙකු ලෙස බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 16 December 2018
යූ.එන්.පී. විරෝධී අරගලය බිඳවැටුණේ ද්‍රවිඩ සන්ධානයට එකඟ නොවූ නිසයි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් වු මොහොතේ වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිටින ද්‍රවිඩ ජාතික සංන්ධානයේ ඉල්ලීම්වලට මහින්ද රාජපක්ෂ මහතා එකඟ වුයේ නම් අද පවතින්නේ මහින්ද රාජපක්ෂ රජයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (16) පැවසීය. 16 December 2018
කොස්තාපල්වරුන්ට පහර දුන් තරුණයන් තිදෙනෙකු රිමාන්ඩ් මඩකලපුව ඌරනි ප්‍රදේශයේ අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු සිදුකළ පහර දීමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 December 2018
බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ‘පේතායි’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2018
අමාත්‍යංශවලට අලුත් ලේකම්වරු කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව අමාත්‍යංශ ලේකම්වරුන් ද වෙනස් වන බව රජයේ ආරංචි මාර්ග කියයි. 16 December 2018
යූටියුබ් නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමේ තීරණයක් ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර ඇත 16 December 2018
නව අගමැති ලේකම් ලෙස ඊ. එම්. එස්. බී ඒකනායක යළි පත් කරයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික ඊ. එම්. එස්. බී ඒකනායක මහතා පත් කර තිබේ. 16 December 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026